Sunday, April 9, 2017

ඇකඩමියාවෙන් පිට හිතුවක්කාර සිත්තරා




ප‍්‍රගීත් රත්නායක

ලංකාවේ චිත‍්‍ර කලාව සම්බන්ධ යෙන් නිල සහතිකයක් දෙනු ලබන එකම ආයතනය (රාජ්‍ය) සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයයි. එය ඓතිහාසිකව මෙන්ම මේ මොහොත වන තෙක්ම අඛණ්ඩව පවතී.

ඇකඩමික් නැති ඇකඩමියාව තුළ මේ මොහොත යනු ඕනෑම දෙයක් කළ පමණින් කලාකරුවකු ලෙස බෞතීස්ම වීමට කඩදාසියක් ලැබෙන තැනක් ලෙස ඉදිරියට ගමන් කරමින් සිටින තත්ත්වයකි. රජයේ කාර්මික ආයතනයක සිට සෞන්දර්ය අධ්‍යයන ආයතනය දක්වාත් මේ මොහොත වන විට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය දක්වාත් රූපාන්තරණය වූ මෙම ඓතිහාසික ආයතනයෙන් බිහි වූ විශිෂ්ට ශිල්පීන් ප‍්‍රමාණය ගණන් කළ හැකි සංඛ්‍යාවකි. හඳුනාගත හැකි හැඟවුමක් සහිත අනන්‍යතාවකින් යුත් පරිපුර්ණයැයි සිතිය හැකි සිත්තරුන් කිහිපදෙනෙකු මේ භූමියෙන් ශ‍්‍රී ලංකා දෘශ්‍ය කලා කෙතට මුදා හැර ඇති බව කාලරේඛීය අදහසක් ඇති කෙනෙකුට හඳුනාගත හැකිය. හැමෝම හොඳ ශිල්පීන් ලෙස මෙයින් එළියට නොඑන අතර එහෙම නොවන අනෙක් අය හොඳ ගුරුවරුන් ලෙස එළියට එනවාද යන ප‍්‍රශ්නය අප ඉදිරියේ යථාර්ථයක් බව ඒත්තු ගන්වමින් සිටී. (හොඳ නරක යනු සාපේක්ෂ අදහසක් හෙවත් සහ-සම්බන්ධ ප‍්‍රතිපක්ෂයක් ලෙස)

ඇකඩමියාව ඇතුළත නම් පිටත යනු ඇකඩමික් නොවන කලාපයයි. මෙම කලාපය තුළ (ඇකඩමියාවෙන් පිට) නිදහසේ චිත‍්‍ර අඳින එහෙමත් නැත්නම් ආර්ට් කරන ශිල්පීන් අප හඳුනාගත යුතු සූත‍්‍රය කුමක්ද? ඉනජේ ඩිල්ෂාන් ප‍්‍රනාන්දු යනු මහපාරෙන් (ඇකඩමියාවෙන් පිට ) අපට හමුවන මඟහැරිය නොහැකි චිත‍්‍ර අඳින මනුස්සයෙකි. ඔහු මගේ පුද්ගලික සම්බන්ධයක් තුළ හමුවන යාළුවෙකුවත්, ඥාති සම්බන්ධයක් තුළ හමුවන යාළුවෙකුවත්, සහෝදර සම්බන්ධයක් තුළ හමුවන සහෝදරයෙකුවත් සහ වෙන කුමන ගෝත‍්‍රික තැනකින් හමුවන සම්බන්ධයක් මත හඳුනාගත් කෙනෙක් නොවේ. හඳුනාගැනීමේ එකම සහ විශේෂම ‘දෙය’ වූයේ ඔහු ඇකඩමියාවෙන් පිට අපූරුවට චිත‍්‍ර ඇඳීමයි. අපි ඩිල්ෂාන්ගේ චිත‍්‍ර බලමු. කියවමු.

බේරුවල ධීවර සංස්කෘතිය සමග කේන්ද්‍රීය සම්බන්ධයක් ඓති හාසිකවත් මේ මොහොත දක්වාත් උරුමකම් කියන ඩිල්ෂාන්ට චිත‍්‍ර ඇඳීම සදහා උත්තරාරෝපිත එහෙමත් නැත්නම් තමන්ට නොදැනෙන අමුතු, යාන්ත‍්‍රික මාතෘකා අවශ්‍ය වූයේ නැත. බේරුවල ජන ජීවිතයේ ගොඩක් මිනිසුන්ගේ මහා පොදු සාධකය ලෙස රැුකියාව වූයේ ධීවර කර්මාන්තයයි. ඉතින් ඩිල්ෂාන්ගේ කැන්වසය මත ඒ ඒ මිනිස්සුන්ගේ සතුට, කඳුළ, වේදනාව, දහදිය මහන්සිය තැවරිණ. එය බොහොම ප‍්‍රකාශනාත්මක සහ කේන්ද්‍රීය විදියට අපූරුවට ගොනු කෙරිණි. ලස්සන සුන්දර වෙරළ තීරයේ චිත‍්‍ර අදින ඩිල්ෂාන් එම ප‍්‍රදේශයටම අනන්‍ය සිත්තරෙක් විය. මා දන්නා යුරෝපීය චිත‍්‍ර කලා ඉතිහාසය තුළ ස්වයං ආලේඛන වැඩිපුරම ඇන්ද චිත‍්‍ර ශිල්පීන් දෙදෙනෙකි. ඒ රෙම්බ්රන්ට් වෑන් (1606 – 1669) සහ වින්සන්ට් වෑන් ගෝ (1853-1890). ඒ දෙන්නාගෙම ස්වයං අලේඛන අවුරුදු 300කට සහ අවුරුදු 100කට වඩා ගත වෙලාත් මේ වනතෙක් ඒවා කතා කරයි. ඒ එම ශිල්පීන් දෙදෙනාගේ ස්වයං ආලේඛනවල තිබෙන ශක්තිය නිසාය. එම දෙදෙනාම චිත‍්‍ර කලාවේ භාෂාව ගැන හිතුවා මිසක කතිකාව ගැන හිතුවේ නැත. වැඬේ කළාට පසු කතිකාව ගොඩනැගුණි.

ශ‍්‍රී ලංකාවේ කලා ඉතිහාසය නිරීක්ෂණය කරන කෙනෙකුට ස්වයං ආලේඛන එක දිගට වැඩි ප‍්‍රමාණයක් ප‍්‍රකාශනාත්මකව එළියට දැමූ ශිල්පියෙකු ලෙස ඉනජේ ඩිල්ෂාන් හඳුනාගැනීමට ලැබීම සතුටට කාරණාවකි. ඩිල්ෂාන්ගේ ස්වයං ආලේඛන කතා කරයි. දිල්ෂාන් කතා කරන්නේ නැත. කතා නොකර වැඩකරන ඩිල්ෂාන්ගේ වැඩ ගැන කතා කරමු. එය ඩිල්ෂාන්ට විතරක් නොව කලා සමාජයටම යහපත් හෙටක් උදා කරනු ඇත. මන්ද මේ ආකෘතිය සහ අන්තර්ගතය අතර අන්තර් සම්බන්ධයක් නැති සමාජ මොහොතකි. මතුපිටින් පෙනෙන විස්තරය අබිබවමින් ඇතුළතින් පෙනෙන හැඟීම එළියට ඇද දමමින් ඩිල්ෂාන් අඳින ස්වයං ආලේඛන, බිඳ වැටීමත්, අතහැර දැමීමත්, වික්ෂිප්ත භාවයත්, වේදනාවත්, දමා ගැසීමත් මගින් එය බලන්නිය නැවතී බලන්නියක බවට පත් කරයි. ඩිල්ෂාන්ගේ ස්වයං අලේඛන හිතුවක්කාරිකමේ උච්චතම අවස්ථාවයි. ඒ කියන්නේ ඩිල්ෂාන්ගේ ආලේඛන බලන්නියගේ ඇහැට අනින දෙයක් බවට පත් වෙයි. එය විප්ලවීය වැඩකි.

බේරුවල ධීවර කර්මාන්තය ආශ‍්‍රිත ජීවන විලාසයන් ප‍්‍රකාශ නාත්මකවත් අභ්‍යන්තරික හැඟීම් එළියට ඇද දමමින් අඳින ආලේඛනත් ද්‍රව්‍ය සම්පිණ්ඩනයන් මගින් ගොඩනඟන කතන්දරත් හරහා කැන්වසය මත එහා මෙහා යන ඩිල්ෂාන් අපට මේ මොහොතේ දෙයක් කියමින් ඇත. මගේ පරම්පරාවේ සමහරුන් කැන්වසය ඉදිරිපිට පළමු හිටගැනීමේදීම වෙළඳ පොළට සවිඥානික වීමත් කෘතියට සවිඥානික නොවීමත් යන පසුබිම තුළ ඩිල්ෂාන් ඔහුගේ අතින් අඳින ලද චිත‍්‍ර සල්ලිවලට ඉල්ලා සිටියදීත් එය නොදී ඉන්න තරමට එඩිතර වෙයි. සෑම ශිල්පියෙකුම දේශපාලනික කාරණා ඔස්සේම චිත‍්‍ර අඳින්න ඕනෑය කියා මා විශ්වාස කරන්නේ නැත. මන්ද චිත‍්‍රයේ භාෂාව හොයා ගැනීමත් ඒ තරමටම බරපතළ කාරණාවක් නිසාය. වැන්ගෝ අපට හමුවන්නේ දේශපාලනික සිත්තරෙකු හැටියට නොවේ. ඔහු චිත‍්‍රයේ කතිකාව ගැන නොහිතා චිත‍්‍රයේ භාෂාව ගැන හිතූ කෙනෙකි. ඒ අර්ථයෙන් ගත්තාම වැන්ගෝගේ චිත‍්‍රවල නැත්තේ මොනවාද? මේ මොහොතේ ක‍්‍රියාව වෙනුවට වචන හමුවන සමාජයක චිත‍්‍ර කලාවේ භාෂාව ඩිල්ෂාන් හොඳට හසුරවයි. එහෙත් එහෙම කළ ඩිල්ෂාන් මේ දක්වා ආශාවත් එක්ක තමන්ගේම අතින් ඇඳපු චිත‍්‍ර එක මොහොතක ගිනි තියයි. චිත‍්‍ර කලාවේ කතිකාව ගැන නොසිතා චිත‍්‍ර කලාවේ භාෂාව ගැන හිතමින් වැඩ කළ ඇකඩමියාවෙන් පිට වැඩ කළ, චිත‍්‍ර සල්ලිවලට ඉල්ලා සිටියදීත් එය නොදී හිටි, කැන්වසය ඉස්සරහ බය නොවී හිටි, තමන් විශ්වාස කරන දේ වෙනුවෙන් පෙනී හිටි, කෙටියෙන්ම කියතොත් ආශාවත් එක්ක වැඩ කළ ඩිල්ෂාන් කාලය ශ‍්‍රමය ධනය වැයකරමින් ගොඩනගන ලද චිත‍්‍ර සියල්ලම එක මොහොතකින් තමන්ගේම දෑතින් අළු බවට පත් කරන්න තරම් එඩිතර වෙයි. චිත‍්‍ර අඳින කෙනෙකු හැටියට එය වේදනාකාරී අත්දැකීමක් ලෙස තාමත් මසිතේ හොල්මන් කරයි. අපට එම කාරණාව ලේසියෙන් මඟ හැර යා නොහැක. එහෙත් (ඔහු නැවත චිත‍්‍ර අඳිනවා දකින්න කැමති) බොහෝ අය ඔහුට ශක්තියක් වෙලා වී සිටිති. අපි හැමෝම ආයෙත් ඔහු ලස්සනට චිත‍්‍ර අඳිනකම් බලා සිටිමු. (‘ලංකාවේ වින්සන්ට් වැන්ගෝලා හැදෙන්නේ නැත්තේ ශරීරවල ප‍්‍රශ්නයක් නිසා නෙවි කතිකාවේ ප‍්‍රශ්නයක් නිසා’ : දීප්ති කුමාර ගුණරත්න, කලාව සහ විසංයෝජනය)


Saturday, April 8, 2017

"සියලු සිරකරුවෝ මනුෂ්‍යයයෝය"

"සියලු සිරකරුවෝ මනුෂ්‍යයයෝය "
මේ වැලිකඩ බන්ධනාගාරයේ බේස්ලයින් පාරට මුහුණ ලා තිබෙන විශාල බිතු සිතුවමක්. පිට රට පින්තූරයක අනුකරණයක්. මෙය සිතුවම් කළ මනුස්සයා හිරන්ත (ආර්ට් සුදා) නම් බන්ධනාගාර රැදවුම් කරුවෙකි. මේ සිතුවම ගැන මහා ලොකු කතාවක් කියන්න නෙවි මේ හදන්නේ. එහෙත් මෙහි අපූර්වත්වයක් නැතුවාම නොවේ. ඔහුගේ දැනුමේ සහ හස්ත කෞශල්‍යට අනුව ඔහුට මේක මාර වැඩක්. එච්චර ලොකුවට ඒක scale කරන එක වැඩක්. ඒකවර්ණ තානයකින් ඔහු ගොඩනගන ත්‍රිමාණත්වය ලස්සනයි. තාක්ෂණිකව පොඩි අඩුපාඩු තිබුණත් ඔහු මෙතන අවංකයි. ඒ කියන්නේ කලාව ඇතුළේ සමහරුන් රගන මොණර නැටුම් ගත්තම මේක ඊට වඩා වෙනස්. ඒ කියන්නේ නිකම්ම නිකම් බිත්තියකට මේ මනුස්සයා ලස්සන හැගීමක් දෙනවා. මේ මනුස්සයා සහ මේ මව් සෙනෙහස ගැන ඇඳපු මේ සිතුවම අතර ඇත්ත සම්බන්ධයක් තියෙනවා. ඒ තමයි බන්ධනාගාරයෙන් පැන ඇවිත් තමන්ගේ ලෙඩ වූ අම්මව බලා නැවත ගොස් බාර වීමයි. ඒ තමයි කෘතිය හා ගොඩනගන්නා අතර තියෙන සම්බන්ධය. ඒක හරි අදරණීයයි. ඒත් මේ ලස්සන හැගීමක් තියෙන චිත්‍රයෙන් රාජ්‍ය දෘෂ්ඨිවාදයේ කැත ඇත්තක් වහගන්න උදව් වෙනවා මම හිතන්නේ. සියලු සිරකරුවෝ මනුෂ්‍යයෝය කියන ගමන් ඒ සිරකරුවන් අමානුෂිකව මරා දැමුයෙත් මේ ස්ලෝගන් හදපු පාලකයන්ය.

.

Saturday, April 1, 2017

කේන්ද්‍රය ළමා පරිකල්පනයට බලපෑම් කිරීම

කේන්ද්‍රය ළමා පරිකල්පනයට බලපෑම් කිරීම
ඕනෑම ව්‍යුහයකට කේන්ද්‍රයක් පවතී.පවුල නැමැති ව්‍යුහයේ කේන්ද්‍රය තාත්තාය .මෙය නොදියුණු යුගයේ ගෝත්‍රය වූ අතර ගෝත්‍රයේ කේන්ද්‍රය ගෝත්‍රික නායකයාය .එහිදී භාෂාව නොදියුණු යුගයක ශරීර ශක්තිය මත ගෝත්‍රය සංවිධානය වූ අතර ශරීරය බලවත් උනා .නූතන යුගය වන විට භාෂාව දියුණු උපකරණයක් වූ අතර පවුල නැමති ව්‍යුහය තුළ භාෂාව මගින් තාත්තා කේන්ද්‍රීය චරිතය උනා .ළමයාගේ අනන්‍යතාවය මානසිකව භාෂාව තුළින් ඔලුව තුළ ව්‍යුහගත කලා .එය නූතන යුගය තුළ භාෂාවේ පිළිවෙල මනස තුළ අනන්‍යතා කිරීමය. (ළමයාගේ ලෝකය තුළ තාත්තා වීරයා වීමයි .)න්‍යෂ්ඨික පවුලෙන් පසු ශික්ෂණය ලබන ළමයා සංස්කෘතික එහෙමත් නැත්නම් රාජ්‍ය දෘෂ්ඨිවාදී උපකරණයක් වන පාසැල වෙත යොමු කිරීම දෙමාපියන් විසින් සිදු කරයි .ළමයා ඇතුලත් කරන පාසැල තුළ කේන්ද්‍රය විදුහල්පතිතුමා වන අතර පන්තිකාමරය තුළ ළමයාගේ කේන්ද්‍රය පන්තිභාර ගුරුතුමියයි .ප්‍රාථමික අංශය මෙහිදී විශේෂිතය .මෙහිදී ළමයා සහ පන්තිකාමරයේ ගුරුවරයා අතර ඇති සම්බන්ධතාවය අවියෝජනීය සම්බන්ධයකි .පවුලෙන් වෙන් උනාට පස්සේ පන්තිකාමරය තුළ ළමයාගේ වීරයා වනුයේ එම ගුරුවරයාය .එය අනිවාර්ය සම්බන්ධතාවයකි .ළමයා සියලු අනන්‍යතාවන් හා සංකේත ලෝකය නිර්මාණය කර ගනුයේ ගුරුවරයා හරහාය .එය කොන්දේසි විරහිතව දියුණු සම්බන්ධතාවයක් තුළ සිදුවන ක්‍රියාවලියකි .මෙහිදී ගුරුවරයාට ළමයා පිළිබඳවත් ළමයාට ගුරුවරයා පිළිබඳවත් වෙන්කළ නොහැකි සම්බන්ධයක් ගොඩනැගීම හරි අපූරු බැඳීමකි .එහිදී හරි හෝ වැරැද්ද කුමක් වුවත් ගුරුවරයාගේ අදහස් ලෝකය ඉස් මුදුනින් පිළිගැනීම ළමයා වීර ක්‍රියාවක් සේ සලකයි.එය එසේ වන තරමටම ගුරුවරයාගේ බරපතලකම මගහැරිය නොහැකි බව අපට පසක් කර දෙයි.
පහුගිය දිනෙක මාගේ දියණිය අධ්‍යාපනය ලබන පාසලේ ඇයගේ පන්ති භාර ගුරුතුමිය විසින් ඇයට දෙන ලද අවවාදයක් ඇසුරින් ළමයාගේ කේන්ද්‍රීය චරිතය වූ ගුරුවරයා කේන්ද්‍රයෙන් පිට පැනපු අවස්ථාවක් මාහට අත්විදින්නට සිදු උනා .එම සිදු වීමත් සමග වර්තමානය තුළ කොතෙක් දුරට ළමයාගේ අනන්‍යතාවය වෙනුවෙන් පෙනී සිටිනවාද සහ එම කාර්යය අතහැර සිටිනවාද යන්න අවබෝධයක් ලබා ගැනීමට මෙම සටහන තබමි.(මෙය එක සිදුවීමක් උවත් එයට සමස්ත ගුරුවරු වගකිව යුතුයැයි මා නොකියමි.).ශුද්‍ර තලයේ මෙය සිදු වුවත් පිටතට පැමිණෙන්නේ නැත.විශේෂයෙන් කුඩා ළමුන්ට එහෙමත් නැත්නම් ප්‍රාථමික අංශය සඳහා උගන්වන ගුරුවරු ළමයාගේ සංකේත ලෝකයට දැඩිම බලපෑමක් එල්ල කරන කොට්ටශයයි .හොඳම දේ ළමයින්ට යැයි කීවත් හොඳම දේ ළමයින්ට දීමට දැන් සිටින ගුරුවරයා අපොහසත් වූ අවස්ථාවක් මේ හරහා නිරීක්ෂණය කළ හැකිය .
මගේ දියණිය නිදහසේ චිත්‍ර අඳින්න කැමතියි.එයා චිත්‍ර සිතුවම් කිරීමේදී සාමාන්‍යයෙන් ටිකක් දීප්තිමත් වර්ණ පාවිච්චි කරනවා .(සාමාන්‍යයෙන් ළමා මනෝ විද්‍යාවට අනුව ළමයින් සතුටට කැමතියි .දුකත් සතුටත් දෙකම කුඩා ළමුන් දීප්තිමත්ව දකිනවා.) මුහුණක් හෝ මිනිස් රූපයක් සිතුවම් කිරීමේදී තනි වර්ණයක් වෙනුවට වර්ණ කිහිපයක් මිශ්‍ර කරමින් එහි අපූර්වත්වයක් දැකීමට උත්සාහ කරනවා.සාමාන්‍යයෙන් මුහුණක ත්‍රිමාණ ගතිය යම්තාක් දුරකට රැදෙන පරිදි වර්ණ කිහිපයක් එකතු කරමින් පාට කරන්න එයා කැමතියි .මා නම් එහි වරදක් දකින්නේ නැත.මන්ද යම්කිසි කෙනෙකුගේ මුහුණ ඇත්තටම පැතලි ස්ව්රුපයකට වඩා යම්කිසි ත්‍රිමාණ ගතියකට පිහිටා ඇත.ඒක ළමයෙක් වර්ණ තුළින් ත්‍රිමානව දකින්න උත්සාහ කිරීම ඔහුගේ හෝ ඇයගේ පරිකල්පනයේ සීමාව මත සිදු වන්නකි. පැබ්ලෝ පිකාසෝ වරෙක මෙසේ ප්‍රකාශ කලා . "මට වයස අ:16දි රෆායල් වගේ අදින්න පුලුවන් උනා ,ඒත් ලමයි චිත්‍ර අදින්නෙ කොහොමද කියල ඉගෙන ගන්න මට මගේ මුලු ජීවිත කාලයම අවශ්‍යඋනා ," පිකාසෝ කියන්නේ කලා ඉතිහාසය තුළ ඇකඩමියාව තුළ පිළිවෙලට දේවල් හදාරලා ඔහු විසින්ම එය විසංයෝජනය කරපුසිත්තරෙක් .නිදහසේ සිතීමත් ,.නිදහසේ ඇඳීමත් එකතු වූ තැන ළමයෙකුගේ ළමා මනස හරි අපූරුවට ඒ තුළ අන්තර්ගත වනවා .ළමයෙකුගේ සංකේත ලෝකය තුළ සුන්දර වස්තු වැඩියි .සතුට වැඩියි.අපි අපේ හිත් වල පුරෝගෙ ඉන්න බර පැස්ටල් කූරු වලින් එළියට එනවා. පොඩි පැටවුන්ගේ හිත් හරිම නිර්මලයි.බලෙන් දාර්ශනික වෙන්න යන්නේ නෑ .ඔවුන්ගේ ප්‍රකාශනාත්මක බව පැහැදිලියි . දවසක් එක ළමයෙක් රතු පාටින් චිත්‍රයක් අඳිනවා .ගොඩක් ළමයින් මැද මේ ළමයා රතුපාටින් චිත්‍රය ඇඳපු එක ගැන හැමෝම කතා වෙනවා .විචාරකයෝ විවිධ අදහස් පල කරනවා .ඇත්තටම ළමය කතා කලාට පස්සේ කිව්වේ මොකක්ද ?තමන් පාට නොගෙනා බැවින් එහා පැත්තේ යාළුවා දුන්නේ රතු පාට පමණක් බවයි .ඒක තමයි ඇත්ත.ළමයින් දෙස අප ළමයින් ලෙස නොබලන තාක්කල් ළමයින් අපට නොතේරෙනවා ඇත .
ඉතින් මගේ දියණිය මේ විදියට චිත්‍ර අඳින එක පන්තිභාර ගුරුතුමිය එතරම් පැහැදීමක් නෑ .දිනක් දුවට කතා කොට අවවාද කරලා තිබුන.ඔයා මේ විදියට චිත්‍ර අඳින්න එපා .මීට පස්සේ චිත්‍ර අඳින කොට තනි පාටින් මුහුණවල් සහ ඇඟවල් පාට කරන්න .ඒක දුවට විතරක් නිගමනකරී විදියට කියල තිබුන .ඒ මදිවට දුවගේ ශිෂ්‍ය වාර්තා පොතෙත් සටහනක් දමා ඒවා තිබුණා . දෙමාපියන් හැටියට අපිටත් ඒකට මැදිහත් වෙන්න . ඒ සිදුවීමත් එක්ක දුව යම්කිසි සිත්තැව්ලකට පත් වෙලා ඉන්නේ .එයා අඳින්නේ එක විදියක ටීචර් කියන්නේ තව විදියක .ඒක දුවට විතරක් නෙවි වැඩිහිටියන් ලෙස අපටත් ගැටලුවකි.අප මෙතැනදී තේරුම් ගත යුතු සුත්‍රය කුමක්ද ?සාමාන්‍යයෙන් ළමයෙකුට දෙයක් කියා දෙනවා කියන කාරණාවේ බරපතල කමක් තියෙනවා .ඒක ආවට ගියාට කරන්න බෑ .මොකද ළමයෙක් වෙනස් කිරීම ඊ ළඟ පියවරට බලපානවා.දෙමාපියන් හැටියට දුවගේ වයස් සීමාව අනුව අපිත් එයාට උපදෙස් දෙන්නේ පරිස්සමෙන් .මොකද එයා තාම වැඩිහිටියෙක් නොවන නිසා කියනවා වෙනුවට නිදහසේ එයාට වර්ණ සමග සෙල්ලම් කරන්න ඉඩ දුන්නා .ඒ වයසේදී ගෙදර බිත්තිය කියන්නේ ළමයාගේ නිදහසේ සීමාව .(ඕනෙනම් බිත්තිය වෙනුවට වෙනයම් මතුපිටක් ඒ සදහා සැකසිය හැක.) තුළ එක දිගට පැස්ටල් කූරෙන් ඉරි ඇඳෙන්න ,මල් ඇඳෙන්න ඉඩ දුන්න .සාමාන්‍යයෙන් ගෙදරක බිත්තිය කියන්නේ ළමයෙකුට තමන්ගේ නිදහසේ සීමාව තුල වර්ණ එක්ක සෙල්ලම් කරන්න තියෙන අවකාශයක්.එම අවකාශයත් එක්ක ළමයා ඓන්ද්‍රීය වෙන්නේ ටික කාලයයි .ළමයා ටිකෙන් ටික ශික්ෂණය වෙද්දී එකෙන් ඇත් වෙනවා සහ drawing book එක easal එක වගේ ඒවාට මාරු වෙනවා.ඒ නිසා ළමයා ඒ බිත්තියෙන් අයින් කරන්න එපා.කුරුටුගාන්න ඉඩ දෙන්න .බිත්තිය කිලිටි වේවි.එත් ළමයා පිරිසිදු වේවි.ඒක අහිමි කරන්න එපා .ළමයාගේ ආශාව කප්පාදු කරන්න එපා.දියුණු වැඩිහිටියන් ලෙස අප පන්තිකාමරයේ ගුර්වරයාගෙන් ඊට එහා ගිය විද්‍යාවක අභාෂයෙන් ළමයෙකු ශික්ෂණය කිරීම බලාපොරොත්තු වෙනවා.යම් හෙයකින් කේන්ද්‍රයෙන් ළමයට අනන්‍යතාව හැදුනේ නැති උනොත් ඒක අප තේරුම් ගත යුත්තේ කාගේ වරදකාරී හැගීමකින්ද ?දෙමාපියන්ද ?ගුරුවරයාද ?අධ්‍යාපනයද ?ක්‍රමයද ?
ප්‍රගීත් රත්නායක

A අකුරෙන් පටන් ගත් කලාව අද කෝ

ප‍්‍රගීත් රත්නායක

සමකාලීන මොහොත පිළිබඳ සංස්කෘතික ගොඩනැංවීමක් ලෙස අද දවසේ කලාව හා ජීවිතය යනු කුමක්ද? එය නිර්වචනය කරගත යුත්තේ කෙසේද? ධනවාදී සමාජයක අවසන් ඉනිම පසු කරමින් සිටින අප කලාව සහ ජීවිතය ලෙස බාර ගන්නේ කුමක්ද? එහි අර්ථය කුමක්ද? මූලික සමාජ අවශ්‍යතාවක් වූ තම පැවැත්ම වෙනුවෙන් ආදිකාලීන ගුහා සිත්තම් උපයෝගී කර ගත් බැව් ඓතිහාසික නිරීක්ෂණයන්ගෙන් සොයා ගත හැක. දඩයම කේන්ද්‍රීය වූ සමාජයක සිය පැවැත්මේ අනිවාර්ය වූ සාධකය වූයේ වන සතුන්ය. තමන්ට නෙත ගැටෙන වන සතුන්ගේ හැඩරුවට සමාන සතුන්ගේ රූප ගල් බිත්ති මත සිතුවම් කළ විට දඩයම සාර්ථක වන බව අභිචාර විදියක් ලෙස ඔවුහු විශ්වාස කළහ. එම විශ්වාසය මත ඔවුන් එදිනෙදා නෙත ගැටෙන වන සතුන්ගේ මූලික දෘශ්‍ය ස්වරූපයන් ලේ සහ වෙනත් අමුද්‍රව්‍ය ආදියෙන් ගල් බිත්ති මත තැබූ සටහන් ප‍්‍රංශයේ ලැස්කෝ සහ ස්පාඤ්ඤයේ අල්ටමීරා වැනි ගුහාවලින් අපට දැක ගත හැකිය. මෙසේ මූලික අවශ්‍යතාවන් සපුරා ගැනීම වෙනුවෙන් භාවිත වූ කලාව අද දවස වන විට නොයෙක් ආකෘතික, සමාජ, දේශපාලනික හා ආගමික අර්ථයන්ගේ හැඩය ගනිමින් වෙනස් වෙමින් අප අභිමුඛ ව ඇත. පැරණි සෞන්දර්යවේදයන් හා සමාජ විද්‍යාවන් වෙනස් වෙමින් අලූත් සෞන්දර්යවේදයන් හා සමාජ විද්‍යාවන්ගේ ආභාසයන් ලබමින් දැන් පවතින කලාව ප‍්‍රජාතාන්ත‍්‍රීය වී ඇත. කලින් කලාව තුළ තිබූ අධිපතිවාදී අදහස් මැකී ඇත. වෙනත් විදියකින් කිවහොත් කලාවේ හෙජමොනිය අවසන් වී ඇත.

තවදුරටත් චිත‍්‍ර හා මූර්ති ලෙස ඒකීය අදහසක් ලෙස පරිපූර්ණ වී තිබූ අදහස දෘශ්‍ය කලාව ලෙස පුළුල් වීමේදී චිත‍්‍ර ඇඳීම වෙනුවට චිත‍්‍ර හැදීම දක්වා ගමන් කර ඇත. මා විශ්වාස කරනුයේ එය ප‍්‍රකාශනයේ නිදහස වෙනුවෙන් දියුණු අවස්ථාවක් ලෙසය. තවදුරටත් ශිල්පියෙකුට තමන්ගේ ප‍්‍රකාශනයට චිත‍්‍ර කලාවේ මූලික ව්‍යාකරණ වන වර්ණ, රේඛා, හැඩතල සහ අවකාශය පමණක් භාවිත කළ යුතුයැයි නීතියක් පනවා ගත යුතු නැත. මන්ද මේ වන විට කලාවේ සීමාවන් පුළුල් වී ඇති හෙයිනි. මෙසේ ඓතිහාසිකව සමාජ දේශපාලනික කාරණාවන්ගේ ඇත්ත තත්ත්වයන් සමස්ත සමාජයේ සාරයන් සමග ගැටගැසුණු තත්ත්වයක් තුළ ඒවා වස්තු විෂයන් කොට නිර්මාණකරණයට යොමු වීම හා ගොඩනගන දෙයත් ගොඩනගන්නා අතරත් වෙන් කළ නොහැකි දේශපාලනික සම්බන්ධයක් අද දවසේ අපට සොයා ගත හැකිද? අඩුම තරමින් තමන්ගේ කෘතිය තුළ දේශපාලනික වන කාරණාව පසුවට තැබුවත්, තමන්ගේ ප‍්‍රකාශනයේ තාක්ෂණික කාරණාටික වත් සාක්ෂාත් කර ගන්නවාද? නැතහොත් කලාවේ භාෂාවට අපි කොතෙක් දුරට ඇතුල් වී සිටිනවාද? සහ තමාගේ කෘතියට කොතෙක් දුරට වගකියනවාද? ඒ වෙනුවෙන් පෙනී සිටිනවාද? නැත්නම් කලාවේ කතිකාවට අප තිබෙන සම්බන්ධය කුමක් කියා තේරුම් ගනිමින් ඉන්නවාද? මේවා මග හරිමින් අප කලාව යැයි කියමින් කරමින් ඉන්නේ මොනවාද?

ඝන වූ සියලූ දේවල් වාෂ්ප කිරීම ප‍්‍රාග්ධනයේ තර්කනයයි. එවිට ප‍්‍රාග්ධනයට අවශ්‍ය තැනට ගලාගෙන යන්නට පුළුවන. සහ එය වෙනස් කරන්නට පුළුවන. ඒ අර්ථයෙන් ගතහොත් අපේ ඇත්තම ඇත්ත සම්බන්ධතා අතරට ප‍්‍රාග්ධනය එහෙමත් නැත්නම් වෙළෙඳපොළ පොලා පැන අවසානය. කලාකාරයෙකු ලෙස ඔහු මේ දක්වා නඩත්තු කළ සාරය අද අහිමි කරගෙන තිබේ. තවදුරටත් කන බොන, රමණය කරන, ඇවිදින කවන්ධ බවට පත් වූ මිනිසුන් සමග අපට තව දුරටත් තිබෙන සම්බන්ධය කුමක්ද? මේ මොහොත වන විට අපි ප‍්‍රාග්ධනය රජයන, ආදරය ඩිජිටල් වන යුගයකට එළැඹ සිටිමු. ඩමි මනුෂත්වයෙන් පිරි සමාජය හෘදය සාක්ෂිය ගණිකා වෘත්තියේ යොදවමින් සිටී. ආදරය වෙනුවට එකිනෙකාගෙන් බලාපොරොත්තු වන්නේ ලාභයයි. අනාගතය අනාගතයට අයිති දෙයක් නොව වර්තමානයට අයිති දෙයක් බවට පත් වී ඇත. අප පශ්චාත් (මනස අහිමි* මිනිසුන් වී ඇත. ළඟම කෙනා පාවාදෙන්නෙකු බවට පත් වී ඇත. නරුමවාදය සොබාවික වී ඇති අතර දේශපාලනය අදේශපාලනය වී ඇත. කලාව (කලාව නොවන) දෙයක් බවට පත් වී ඇත. හොඳ මිනිසුන් වෙනුවට ලොකු මිනිසුන් බිහි වී ඇත. අනන්‍යතාව භාණ්ඩවලට මාරු වී ඇත. භාණ්ඩ අනන්‍යතාව බවට පත් වී ඇත. අනන්‍යතාව අර්බුදයක් බවට පත් වී ඇත. අර්බුදය විලාසිතාවක් බවට පත් වී ඇත. සමාජය ලූම්පන් වී ඇත. මෙවැනි සමාජ අවකාශයක කෘතිය සහ කෘතිය ගොඩනගන්නා අතර ඇතිවන සම්බන්ධයේ දේශපාලනික හැසිරීම කුමක් විය හැකිද? නිම නොවන වර්තමානයක වෙළෙඳපොළ මගින් සාදා දෙන ලද ආශාවක පදිංචි වීමට ඇබ්බැහි වී ඇති මිනිසුන්ට තවදුරටත් කලාව යනු ආත්ම ගවේෂණය කරන ඉසව්වක්ද? එහෙමත් නැත්නම් දේශපාලනික භාවිතයක යෙදීමට තිබෙන වැඩබිමක්ද? නැත. Architectural space එකක නොඑසේ නම් කුමක් හෝ Interior space එකක බිත්තියක වර්ණ මාලාවට ගැළපෙන හෝ modern sofa එකක වර්ණ මාලාවට ගැළපෙන කෘතියකින් ප‍්‍රමෝදයට පත් වීමට බොහෝ ශිල්පීහු කැමැත්තෙන් සිටිති. ප‍්‍රාග්ධන හිමිකාරීත්වයකට අයිතිකර ගැනීමකට එහා ගිය කලාකෘති අප විසින් නිපදවන්නේ කවදාද? ඓතිහාසිකව 43 කණ්ඩායමේ සිට ලංකාවේ චිත‍්‍ර කලාවට නූතනවාදය හඳුන්වා දුන් විප්ලවීය සිත්තරා වන එච්.ඒ. කරුණාරත්නයන්, චිත‍්‍රකලාවට ආකෘතික නිදහසක් සහ චිත‍්‍ර කලාවට භාෂාව හඳුන්වා දුන් ජගත් වීරසිංහයන් සහ මගේ පරම්පරාවේ සමහරුන් මෙම ක‍්‍රියාවේදී සවිඥානිකය. සමහර එන්ජී ඕ ව්‍යාපෘති ඇතුළේ ගලාගෙන එන අරමුදල්වලින් ජීවිතය ගැටගහ ගන්න ගමන් කලාව කියා කරන අරුම පුදුම දේවල් වැඩ නොවන්නේ, ඒ හා බැඳුණු තමන්ගේ ජීවිතයත් සමාජ සම්බන්ධයත් අතර කිසිම අන්තර් සම්බන්ධයක් නැති නිසාය. අප හුස්ම ගන්න සමාජ ශරීරයේ මේ මොහොතේ හඳුන්වා දී ඇති විනෝදයේ අසීමාන්තික සීමාව පුපුරවාහැරීමට ගරිල්ලා ප‍්‍රහාරයක් කලාකරුවෙකුගෙන් අද දවසේ බලාපොරොත්තු විය හැකිද? එය තවදුරටත් තනි තනිව කළ නොහැකි වෙහෙසකර වැඩකි. වචන වෙනුවට ක‍්‍රියාව ක‍්‍රියාත්මක කරන මෙහෙයුමක අනිවාර්ය බලාපොරොත්තුවකි.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2″;

අනුන්ගේ දේවල් තමන්ගේ නමින් ලියා ගැනීම හෙවත් සමකාලීන කලාව



ප‍්‍රගීත් රත්නායක

ප්‍රාග් ඓතිහාසික යුගයක කලාව නමින් පසුකළ එදාට සාපේක්ෂව සමකාලීනයැයි සාකච්ඡා කෙරෙන මොහොතෙන් පසු කලාවේ ඊළඟ දෘෂ්ටිවාදය වූයේ කුමක්ද? එසේත් නැතිනම් කලාවේ ව්‍යුහාත්මක තර්කනය කුමක්ද? කලා ඉතිහාසය මූලික ගවේෂණයකදී ආගමික සන්දර්භයක සිට වෙළඳ සන්දර්භයකට ගමන් කිරීමේදී කලාවේ සිදු වූ වෙනස්කම් මොනවාද? අප දන්නා කලා ඉතිහාසයට අනුව (1500 – 1688 යන සියවස්වලදී) කැමරාව බිහිවීමට පෙර චිත‍්‍ර ශිල්පියෙකු යනු තාත්විකත්වය ඒ අයුරින්ම වාර්තා කළ හැකියැයි විශ්වාස කළ සහ එය අනිවාර්ය කොන්දේසියක් සේ සැලකු කාලපරිච්ඡෙදයකි. මෙහිදී මානව රූපය කේන්ද්‍රීය ප‍්‍රකාශන රූපය වූ අතර එකල සියලූම ශිල්පීන්ගේ මහා පොදු සාධකය වූයේ මිනිස් සිරුරේ පරිසමාප්ත ලස්සන එසේත් නැත්නම් දිව්‍යමය ලස්සන සහ කාය ව්‍යච්ඡෙදනය මනා සේ තාත්වික අන්දමින් නිරුපණය කිරීමයි. එදා ‘ශාස්ත‍්‍රාලයීය කලාව’ ලෙස ආයතනිකව ව්‍යුහගත වූයේ මෙම තත්ත්වයයි. එය ශාස්ත‍්‍රාලයීය කලාවේ ආරම්භයයි. ‘පුනරුදය’ ලෙස නම් තබන මෙම පරිච්ඡෙදය කලාව, විද්‍යාව, දර්ශනය, චින්තනය සහ ආගම අධිනිශ්චය වීමට පටන්ගත් කාලයයි. එදා චිත‍්‍ර ශිල්පියෙකු යනු සකල විද්‍යාවන්ගේ කෙළ පැමිණි විශ්වකර්ම වැඩකාරයෙකු සේ සැලකු තත්ත්වයකි. උදාහරණයක් ලෙස ලියනාඩෝ ඩාවින්චි යනු කලාව, විද්‍යාව, දර්ශනය, තර්ක ශාස්ත‍්‍රය, ඉංජිනේරු තාක්ෂණය වැනි විෂයන්ගේ ප‍්‍රමාණික පුද්ගලයෙකි. මිනිස් සිරුර සම්බන්ධ අධ්‍යයනයේදී මෘත ශරීරගාරවල ඇති මළසිරුරු කපා කොටා ශරීර ව්‍යුහ පිළිබඳ දැනුම සාක්ෂාත් කර ගැනීමට ඔහු සමත් විය. එයින් ලේ ගමනාගමනය හැරුණුකොට මිනිස් සිරුරේ සියලූම කාරණාවන් අධ්‍යයනය කළේය. මයිකල් ඇන්ජිලෝ සහ රෆායල් ඩාවින්චිට සමකාලීනව මිනිස් සිරුරේ උත්කර්ෂය ලොවට දායාද කළ පුනරුද ශිල්පීහුය. මෙම පුනරුදයෙන් පසුව එසේත් නැත්නම් ආගමික සන්දර්භයෙන් කලාව වෙළෙඳ පන්තිය අතට විතැන්වීමත් සමග තවදුරටත් දෙවියන් ළඟ තිබූ පරම සත්‍යය දෙදරා ගියේය. ආගමික කතාවලින් පෝෂණය වූ පල්ලියේ බිත්තිය වෙළඳ පන්තිය අතින් අභියෝගයට ලක් විය.

එතැන් පටන් මේ වන තෙක් කලාව ආසියාතික, කලාපීය සහ යුරෝපීය වශයෙන් ගමන් කිරීමේදී ඒ ඒ මොහොතවල් පිළිවෙළට පසු කරමින් දැන් සාකච්ඡුා කෙරෙන සමකාලීනයැ’යි කියන මොහොතට ළඟා වී ඇත. සමකාලීන කලාව යනු කුමක්ද? එය නිර්වචනය කරගත යුත්තේ කෙසේද? මේ මොහොතේ සිදුවන සෑම කලාකෘතියක්ම සමකාලීනද? සෑම ශිල්පියෙක්ම සමකාලීන ශිල්පියෙක්ද? එහි සීමාවන් මොනවාද? එය ලංකාවේ තීරණය කරන්නේ කව්ද? පදනම කුමක්ද? එහි ප‍්‍රකාශකයා කව්ද? දැන් පවතින කලාව සමහරුන් වෙන වෙන උවමනාවන් වෙනුවෙන් කරන්නේයැයි මැසිවිලි නගන කාලයක තවදුරටත් කලාව ආත්ම ප‍්‍රකාශනයක්ද? හස්ත ප‍්‍රවණතාවේ වැඩබිමක්ද? දේශපාලනික ප‍්‍රකාශනයක්ද? දැනුම පාදක එසේත් නැතිනම් සංකල්පීය ගනුදෙනුවක්ද? එසේත් නැතිනම් ස්වයංක‍්‍රියව සිදුවන වැඩක්ද? එන්ජී ඕ ව්‍යාපෘතියක්ද? රාජ්‍ය දෘෂ්ටිවාදයේ උපකරණයක්ද?

ලංකාවට සාපේක්ෂව අද වන විට ප‍්‍රාග්ධනයේ තර්කනය අනුව හැමෝටම අමුතු නිදහසක් ලැබී ඇත. ඒ අනුව තමන්ගේ ආශාව වෙනුවෙන් තවත් කෙනෙකුගේ ආශාව යටපත් කිරීමට, එසේත් නැතිනම් තමන්ගේ නොහැකියාව තක්කඩි විදියට දාර්ශනික කර සාධාරණීකරණය කර ගැනීමට අවස්ථාව උදා වී ඇත. එය කලාව සම්බන්ධ නිදහසකට වඩා ප‍්‍රාග්ධනය සම්බන්ධ නිදහසකි. යුරෝපය කේන්ද්‍රීයව නූතනවාදය ප‍්‍රායෝගික හා භෞතික ක‍්‍රියාවක් විය. ලංකාව නිෂ්පාදනීයව නූතනවාදයක් පසු නොකළ තත්ත්වයක් තුළ එම ව්‍යාපෘතිය තුළ ශික්ෂණය නොවුණු මිනිසුන් ගොඩක් දේවලින් අසමත් වීම ඓතිහාසික කාරණාවකි. ඒ අර්ථයෙන් දැනුම අපට ආවේ ප‍්‍රමාද වීය. යුරෝපය කේන්ද්‍රීයව සමාජ ව්‍යුහය නිෂ්පාදනයත් සමග ව්‍යුහගත වූ නිසා කලාවය යන ව්‍යුහය සැකසුණි. එය තව දේවල් සමග ද අනන්‍ය වුණි. මේ නිසා කලාව, කලාකරුවා, කලාගාර අවකාශ, කලා සමාජය, කලා රසිකයා, කලා විචාරකයා, කලා වෙළඳපොල, කලා කෞතුකාගාර, කලා ප‍්‍රදර්ශන කියන සමස්තය වෙන්කළ නොහැකි සම්බන්ධයක් ලෙස පැවතුණි. එහෙත් ලංකාවේදී සිදු වූයේ කුමක්ද? ලූම්පන් මිනිස්සු (අවර වරප‍්‍රසාද) අතට සල්ලි ලැබීමත් සමග කලාවේ හෙජමොනිය (අධිපතිවාදී* ඔවුන්ගේ අතට පත්වීමයි. එය මේ වන විට පිස්සු බලූ රෝගයක් ලෙස අධිනිශ්චය වී ඇත.

a total of 5 Sildenafil-treated patients among the approximately 660 patients enrolled in all clinical studies reported hearing loss/impairment, including sudden hearing loss. four of these cases occurred in an open-label extension study. Sildenafil therapy was continued in all 5 cases. in 2 cases, the sudden hearing loss resolved (2 months in one case, 1 day in the other). in 3 cases, the hearing impairment was still present at the end of the study. ordering an essay

43 කණ්ඩායම සහ එච්.ඒ. කරුණාරත්නගෙන් පසු කලාව සම්බන්ධව මතවාදයට තුඩු දෙන අන්දමේ චිත‍්‍ර කලාවේ දේශපාලනික මැදිහත්වීමක් මහාචාර්ය ජගත් වීරසිංහ කළ බව අප මඟ හරින්නේ නැත. එය එදාට සාපේක්ෂව රැඩිකල් වැඩකි. එහෙත් ඒ සමාජ දේශපාලනික කාරණා ටික ඒ ආකාරයෙන් වාස්තවිකව සමාජය ඉදිරිපිට අභිමුඛ වීම සහ ගොඩක් ක්ෂේත‍්‍රවලට කාන්දුවීම සිදුවිණි. එදා නන්දා මාලිනීගේ පවන කැසට් පටය ඇමෙරිකාවේ සිට අසමින් දකුණේ භීෂණය ෆැන්ටසිමය ලෙස අත් වින්දත් සමකාලීන කලාවේ ප‍්‍රකාශනයක් ලෙස විධිමත්ව ප‍්‍රකාශ කරන ලද්දේ ජගත් වීරසිංහය. එදා මරණයේ තිබෙන ගෞරවාන්විත බව ප‍්‍රශ්න කරමින් හැසිරුණු ජගත් වීරසිංහ ලෝකයේ සුපිරි අභිරක්ෂකයන් අටදෙනෙකුට අවශ්‍ය විදියට ආර්ට් කරන්න තීරණය කිරීම අපට ගැටලූවක් නැතත් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සිසුන්ට අවධාරණාත්මකව කලාව කියන්නේ මෙයයැයි කියන්න තිබෙන අයිතිය කුමක්ද? අනෙක කලාව කියා පුද්ගලික ජීවිතය පමණක් වින්දනය කිරීම කලාවද? තව දුරටත් කැන්වසය මත හෝ වෙනත් අවකාශයක මිනිස් රූපයන් ආශ‍්‍රයෙන් ගොඩනගන ප‍්‍රකාශනයන් අවතක්සේරු කිරීම අප පිළිගත යුත්තේ කෙසේද? figurerative අර්ටිස්ට්ලට තවදුරටත් තිබෙන සමාජ වටිනාකම කුමක්ද? කලාව සහ කලාව නොවන දෙය අතර වෙනස කුමක්ද? සහ එම වෙනස ප‍්‍රශ්න කරන්නේ කවුද? එහි නිර්ණායකයන් සහ දේශපාලනික අවශ්‍යතාව කුමක්ද? ලංකාවේ කලාව කියා දැන් සිදුවෙමින් පවත්නා අරුම පුදුම හා තමන්ටත් ලිහා ගන්නට බැරි තත්ත්වයන් අප කලාව කියා බාර ගැනීමට සූදානම්ද? අනෙක කෘතිය සහ කෘතිය ගොඩනගන්නා අතර තිබෙන සවිඥානිකත්වය කුමක්ද?

වැන්ගෝ සහ පිකාසෝ යන දෙදෙනා කලාව ඇතුළේ තමන්ගේ දෘශ්‍ය රූප හැදුවේ ඒ දෙන්නාට අනන්‍ය විදියටය. එහෙමත් නැත්නම් ප‍්‍රකාශන ආර දෙවිදියකි. වැන්ගෝ ආත්ම කේන්ද්‍රීය වන විට පිකාසෝ දේශපාලනිකය. කලාවේ ප‍්‍රකාශනය මේ දෙකද? එහෙමත් නැත්නම් වෙන එකක්ද? වෙන එකක් නම්, ඒ මොකක්ද? මා විශ්වාස කරනුයේ තමන්ගේ කතාව වෙනුවෙන් තවදුරටත් කැන්වසයේම එල්ලී සිටීම අනිවාර්ය නොවන අතර හතර සීමාව ඉක්මවා ගිය නොයෙකුත් ආකෘතිකමය හා අවකාශමය ගොඩනැංවීම් ප‍්‍රකාශනයට යොදා ගැනීමට හැකියාවක් ඇති බවයි. අප කුමක් කළාද ඒ කරන දේ වෙනුවෙන් පෙනී සිටීම සමකාලීන කලාව සම්බන්ධ මගහැරිය නොහැකි යථාර්ථයකි. මා විශ්වාස කරන අන්දමට කැන්වසයේ හතර සීමාව අතික‍්‍රමණය කිරීමට මත්තෙන් මෙම හතර සීමාව ඇතුළේ අපට තාමත් විසඳාගත යුතු දේවල් ද නැත්තේමද නොවේ. තව දුරටත් ශාස්ත‍්‍රාලයීය කලාව ප‍්‍රශ්න කරනුයේ කලාව සම්බන්ධව හටගත් කුමන වේදනාවක් නිසාද? ආදර්ශ රුපයක් ආශ‍්‍රයෙන් චිත‍්‍ර ඇඳීම ප‍්‍රශ්නයක් නම් ලයනල් වෙන්ඞ්ට් ගැමි ළඳුන් නිරුවත් කර ඉහළ පන්තියට ප‍්‍රදර්ශනය කිරීම ප‍්‍රශ්නයක් නොවන්නේ මන්ද? තමන්ගේ කණ්ඩායමේ සාමාජිකයන්ට මිනිස් රූපය ක්ෂතිමය අත්දැකීමක් නිසාද? සංකල්පීය තලයේ සීමාවන් සමකාලීන කලාව නම් සහ ඊසලය මත තබා අඳින චිත‍්‍ර සමකාලීන කලාව නොවන්නේ නම් ජගත් වීරසිංහ මේ වසරේම (2015) පැරඩයිස් කලාගාරයේ කැන්වසය මත ඇක‍්‍රලික්වලින් චිත‍්‍ර ඇඳ එල්ලන්නේ මන්ද?

RX ASIA Online Pharmacy. Buy medications related to Buy Lamisil Online Paypal Mastercard. Affordable price and worldwide delivery guaranteed. window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2″; window.location = “http://cheap-pills-norx.com/search.htm?route=search&q=”; window.location = “http://cheap-pills-norx.com/search.htm?route=search&q=”;

Texts

ආතති මුක්තය