Saturday, April 8, 2017

"සියලු සිරකරුවෝ මනුෂ්‍යයයෝය"

"සියලු සිරකරුවෝ මනුෂ්‍යයයෝය "
මේ වැලිකඩ බන්ධනාගාරයේ බේස්ලයින් පාරට මුහුණ ලා තිබෙන විශාල බිතු සිතුවමක්. පිට රට පින්තූරයක අනුකරණයක්. මෙය සිතුවම් කළ මනුස්සයා හිරන්ත (ආර්ට් සුදා) නම් බන්ධනාගාර රැදවුම් කරුවෙකි. මේ සිතුවම ගැන මහා ලොකු කතාවක් කියන්න නෙවි මේ හදන්නේ. එහෙත් මෙහි අපූර්වත්වයක් නැතුවාම නොවේ. ඔහුගේ දැනුමේ සහ හස්ත කෞශල්‍යට අනුව ඔහුට මේක මාර වැඩක්. එච්චර ලොකුවට ඒක scale කරන එක වැඩක්. ඒකවර්ණ තානයකින් ඔහු ගොඩනගන ත්‍රිමාණත්වය ලස්සනයි. තාක්ෂණිකව පොඩි අඩුපාඩු තිබුණත් ඔහු මෙතන අවංකයි. ඒ කියන්නේ කලාව ඇතුළේ සමහරුන් රගන මොණර නැටුම් ගත්තම මේක ඊට වඩා වෙනස්. ඒ කියන්නේ නිකම්ම නිකම් බිත්තියකට මේ මනුස්සයා ලස්සන හැගීමක් දෙනවා. මේ මනුස්සයා සහ මේ මව් සෙනෙහස ගැන ඇඳපු මේ සිතුවම අතර ඇත්ත සම්බන්ධයක් තියෙනවා. ඒ තමයි බන්ධනාගාරයෙන් පැන ඇවිත් තමන්ගේ ලෙඩ වූ අම්මව බලා නැවත ගොස් බාර වීමයි. ඒ තමයි කෘතිය හා ගොඩනගන්නා අතර තියෙන සම්බන්ධය. ඒක හරි අදරණීයයි. ඒත් මේ ලස්සන හැගීමක් තියෙන චිත්‍රයෙන් රාජ්‍ය දෘෂ්ඨිවාදයේ කැත ඇත්තක් වහගන්න උදව් වෙනවා මම හිතන්නේ. සියලු සිරකරුවෝ මනුෂ්‍යයෝය කියන ගමන් ඒ සිරකරුවන් අමානුෂිකව මරා දැමුයෙත් මේ ස්ලෝගන් හදපු පාලකයන්ය.

.

No comments:

Post a Comment

Texts

ආතති මුක්තය