Saturday, June 17, 2017

චිත්‍ර අඳිනවා කියන්නේ මට අනුවනම් සිහියෙන් කරන වැඩක් .




චිත්‍ර අඳිනවා කියන්නේ මට අනුවනම් සිහියෙන් කරන වැඩක් .

1. ප්‍රගීත් රත්නායක 'චිත්‍රය' කියලා දකින්නේ මොකක්ද?

ඉතිහාසයට අනුව අවරුදු දහස්ගනනකට කලින් තමාගේ ජීවන අරගලයත් සමග සම්බන්ධ වූ දඩයම කේන්ද්‍ර කරගනිමින් අභිචාර විධියක් (ritual )ලෙස පටන් ගත් කලාව මේ වන විට කාලරෙඛීයව  (Time  line ) ගමන් කරමින් දැන් අප සාකච්චා කරන "සමකාලීන" යැයි කියන මොහොත දක්වා ගමන් කරමින් තියෙනවා. .මම කලාව ලෙස නිර්වචනය කර ගන්නේ පවතින සමාජ තත්වයන්ට සවිඥානික වෙමින් කලාවේ ඉතිහාසයත් එහි දැනුමත් යම් කිසි දෘෂ්ඨිවාදයක් ඇතුලේ සංකෘතික ගොඩනැංවීමක් ලෙස ගැනීම .අප මේ පසුකරමින් සිටින සමකලිනත්වය පිලිබඳ  ගොඩ නංවන ලද අදහස  තව දුරටත් තනි කෘතියකට එහා ගිය සන්දර්භීය අදහසකින් එසේත් නැතිනම් වියමනක(Text ) තබා කියවන්නේ කෙසේද යන්න සොයා බැලීමයි .කෙනෙක්ට දැනුම පාධක වස්තු විෂය ,සිද්ධි පාධක වස්තුවිෂය ,ආත්ම කේන්ද්‍රීය වස්තු විෂය ආදී ශානරයන් (ක්‍රමවේධයක් )ඔස්සේ කලාකෘති නිෂ්පාදනය කිරීමේ අයිතිය මම බැහැර කරන්නේ නැත .චිත්‍ර අඳිනවා කියන්නේ මට අනුවනම් සිහියෙන් කරන වැඩක් .

2. චිත්‍ර නරඹන අය ගොඩක් ඉන්නවා. නමුත් චිත්‍ර කියවන්න පුළුවන් අය ඉන්නේ ටික දෙනයි. ලංකාවේ 'චිත්‍ර සාක්ෂරතාවය' ගැන ප්‍රගීත්ගේ අදහස කියන්න?

ඔව් ඒක ඇත්ත .බලන අය වැඩියි .කියවන අය අඩුයි .බලන එක ලේසියි .කියවන එක අමාරුයි .අපි පුහුණු කල යුත්තේ කියවීමයි .කලාව සම්බන්ධ දියුණු අදහසක් ලෙස "ගොඩනැගෙන්නේ ගොඩනගන්නය " යන ප්‍රවාදය ටිකක් දුරට විශ්ලේෂණය කළහොත් තනිව කිසිදෙයක් සිදු වෙන්නේ නැහැ  .කෘතිය ගොඩනගන්නගේ  සවිඥානිකත්වය මේ හා බැදී පවතී .වියමනක තබා කෘතියක් කියවනවා කියන්නේ  තව දුරටත් කලාගාර අවකාශය ,සිනමාශාලා අවකාශය ,නාට්‍ය ශාලා අවකාශය ආදී ඒ අවකාශ හරහා අතුල -පිට කියවීමයි .ඇතුල් කිරීමත් බැහැර කිරීමත් දේශපාලනිකයි .මේ දෙක තුල එහා මෙහා යෑමේදී පැත්තකට ආන්තික නොවී කියවීමෙන් කලකෘතියේ ව්‍යුහාත්මක තර්කනය අපට සොයා ගන්න පුළුවන් . යම් රූපයකට එහිම වූ අර්ථයක් නැහැ  .පිටතින් එයට ආරෝපණය කරන ලද සංස්කෘතික ,දේශපාලනික,ආර්ථික හා සමාජ විද්‍යාත්මක ආදී ඇඳුම් අන්දවනවා  .එවිට මුලින් තිබු රූපයේ අර්ථය වෙනස්වෙනවා  .අපට දෙවනුව හමු වෙන්නේ කලින් රූපය නෙමෙයි  .ඊට පස්සේ  ඒකට අලුත් උපතක් ලැබෙනවා .අප අර්ථයක් ලෙස බාර ගන්නේ මෙන්න මේ පිටතින් අලවන ලද දෙයයි .භාෂාව ඔලුව ඇතුලේ ව්‍යුහගත වුනාට  පස්සේ  මෙන්න මේ වෙනස්කම් කියවා  ගැනීමට පුරුදු වීම තමයි වියමනක තබා  කලාකෘතියක් කියවනවා කියන්නේ .නැවත ඒ වියමන තව වියමනන්  සමග සම්බන්ධ වීමෙන් අන්තර් වියමනක් (inter textual )දක්වා ගමන් කරනවා  .තව දුරටත් කලාකෘති කියවීම වියමනක තබා කියවනවා කියන්නෙම මෙන්න මේ අතුල -පිට කියවීමයි .හැම විෂයකටම සාක්ෂරතාවය ක් තියෙනවා වගේම චිත්‍ර කලාවටත් දෘශ්‍ය සාක්ෂරතාවයක් (VISUAL LITE RASY )තියෙනවා .පොල් කඩන මනුස්සයා පොල් කඩන වැඩේ  පුහුණු කරන්න ඕනේ .මේක හැම විෂයකටම අදාලයි .මම විශ්වාස කරන්නේ මේ පුහුණුව තමයි ඊ ලග මොහොත නිර්මාණය කරන්නේ .අපි හැමෝම  යම්කිසි කතිකාවක ප්‍රතිපලයන් .ඉතින් අපි හැමෝම යම්කිසි ව්‍ය්හුහයකට ඇතුළුඋනාම ඒ ව්‍යුහයේ ගුණයන් ඇඟට එනවා අපි ඒවා කරපින්න ගන්නවා .චිත්‍ර අඳිනවා කියන ක්‍රියාවට ඇතුළු උනාම එකේ ගුණයන් අපේ ඇඟට ආවම අපි හීන දකින්නේ එතකොට එකෙන් .එහෙම තමයි දෘශ්‍ය සාක්ෂරතාවය හැදෙන්නේ .මට කියන්න ඕනේ උනේ අපේ දෘශ්‍ය සාක්ෂරතාවය පැත්තෙන් අඩුවක් තියෙනනවා .ඒක මේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ තියෙන අඩුවක් .


3. එහෙම කියවන්න පුළුවන් චිත්‍ර අඳින අය මෙහේ කොච්චරක් විතර ඉන්නවද? ඒ ගැන ප්‍රගීත්ගේ අදහස කොහොමද?

ඉන්නවා නැත්තේ නෑ .එත් ජනප්‍රිය අර්ථයෙන් සංගීතය ,නාට්‍ය වගේ දේවල් තරම් ලොකු එකක් නෙමෙයි .මම හිතන්නේ එහෙම තේරුමක් නැතුව පිරිස වැඩි වන එකේ  වටිනාකමක් නෑ .සාමාන්‍යයෙන් මට දෙමළ ලියන්න කියවන්න බැහැනේ ඒ මම දෙමළ ආශ්‍රිත පුහුණුවක් නැති නිසා මම ඒ කතිකාවෙන් පිට නිසා .අපි ඒක පුහුණු කලොත් ඒක කරන්න පුළුවන් .මම කියන්නේ හැමෝම කෘතිය ගොඩ නගන කෙනාගේ මට්ටමටම කියවන්න පුළුවන් වෙන්න ඕනි කියල අදහසක් නෙවි .උපන් හැකියාවෙන් චිත්‍ර අඳින්න බෑ .එකට පුහුණුවක් ,ඇසුරක් කතිකාවක් ඕනි .

4. තමන්ගේ පින්සල් පහර ගැන ප්‍රගීත්ට තියෙන්නේ මොන තරම් ආත්ම විශ්වාසයක්ද, මොන වගේ තක්සේරුවක්ද?

මම චිත්‍ර අඳින්නේ සංකල්පීය (conceptual art )තැනකින්  .ඒ කියන්නේ තවදුරත් සමහර දේවල් පිහිටි ස්ව්රුපයෙන්ම ඉදිරිපත් කරනවට වඩා .යම්කිසි දැනුමක් ඇතුලේ ගොඩනංවන්න සංකල්පීයව වෙහෙස වනවා .ඒක ටිකක් වෙහෙසකර වැඩක් අපිට හිතන්න සහ practis කරන්න වෙනවා .මම උත්සාහ ගන්නේ කොහොමද අඳින්නේ සහ මම මොනවද අඳින්නේ යන ප්‍රශ්නයට උත්තර හොයන්න.අපි යම්කිසි මොහොතකදී චිත්‍ර කලාවේ ව්‍යාකරණ ඉගෙනගන්නවා .ඒක ඒ මොහොතේ අදාල දෙයක් .ඒත් දිගටම ව්‍යාකරණ කරගෙන යන්න ඕනේ වෙන්නේ නෑ .ඒ උපකරණ පාවිච්චි කරලා දේවල් ගොඩනගන්න ඕනි .ඉතින් මම මේ දේවල්වලට   සවිඥානිකයි .මම ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා සහ වගකියනවා .ඒ නිසා මම කරන වැඩේ සම්බන්ධව මට තක්සේරුවක් තියෙනවා .


5. 'පැබ්ලෝ පිකාසෝ, ලියනාර්ඩෝ ඩාවින්චි, මයිකල් ආන්ජිලෝ, රෆායල් සන්තිසියෝ.' ප්‍රගීත්ට මේ හතර දෙනා ගැන වෙන වෙනම වාක්‍ය කීපයකින් දෙන්න පුළුවන් කෙටිම නිර්වචන මොනවාද?

පිකාසෝ -
නුතන චිත්‍ර කලාවේ ජවසම්පන්න ශිල්පියා සහ සියවසේ මිනිස්සුන් 20 අතරේ එකම චිත්‍ර ශිල්පියා .cubism ලොවට හඳුන්වා දුන් සහ දේශපාලනික සිත්තරෙක් .අප්‍රිකානු වෙස් මුහුන්වල සහ නොදියුණු කලාවන්ගේ අභාෂයන් අත්හදා බැලූ සිත්තරා .චිත්‍ර කළා ඉතිහාසයේ මගාරින්න බැරිlegend එකක්  .

ලියනාර්ඩෝ -
කැමරාව බිහිවෙන්න පෙර මිනිස් සිරුර ඒ ආකාරයෙන්ම අඳින්න පුනරුද සමයේ බහු විෂයාත්මක ශික්ෂණයකින් පුරෝගාමී වූ සිත්තරෙක් .සංගීතය ,ගණිතය,තර්ක ශාස්ත්‍රය ,ඉංජිනේරු විද්‍යාව වගේ තාක්ෂණික විෂයන්ගෙන් චිත්‍ර කලාවට දේවල් එකතු කළ සිත්තරෙක් .කලාවට "දිව්‍යමය ලස්සන " හඳුන්වා දුන්නා .මොනාලිසා ,අන්තිම බෝජන සංග්‍රහය සුවිශේෂ කෘති  දෙකක් .මෘත ශරීරගාරවලට ගොස් මිනි කපා මිනිස් සිරුරේ ව්‍යුහනය ගැනanalys කල සිත්තරෙක් සහ පුනරුදයේ මහා පොදු සාධකය වගේ හරියට .


අන්ජිලෝ -
චිත්‍ර හා මුර්ති ශිල්පියෙක් .දගලන ,අබැරෙන මිනිස් රූප පින්තාරු කලා .මුර්තිවල ගුණයන් චිත්‍රවල දකින්න පුළුවන් උනා  . ත්‍රිමාණ ගතිය  නිසාමයි වසාරි නම් විචාරකය කියන්නේ මයිකල් ඇන්ජිලෝ පින්සලය ගල් කටුවක් කළා කියල .ඩේවිඩ් සහ ආදම් සහ එව වගේ කෘති විශේෂ තැන් .සිස්ටයින් දෙව් මැදුරේ සිතුවම් ලෝකයේ චිත්‍ර කලාවේ මාස්ටර් පීස් .acadamic කලාවේ පුරෝගාමියෙකි .


රෆායල් -
architect කෙනෙක් සහ ලෝක පූජිත පුර්ව පුනරුද චිත්‍ර ශිල්පියෙකි .ගෘහනිර්මනාත්මක අවකාශයන්ගේ දැනුම චිත්‍ර කලාවේදී උපයෝගී කර ගත්තා ."ඇතන්ස්හි ගුරුකුලය "චිත්‍ර කලාවේ ග්ර්හානිර්මනාත්මක අවකාශයක තිබෙන අවකාශය සහ පර්යාවලෝකනය මුදුන්පත් වූ තැනක් .අවරුදු 37 වගේ අඩු වයසකින් ජිවිතයෙන් සමු ගත් නිසා අඩුවෙන් කියවුණත් රෆායල් ගැන ඒ වයසට ලෝක කළා ඉතිහාසය ඇතුලේ මාස්ටර් කෙනෙක් .


6. ලෝකයේ චිත්‍ර කලාව එක්ක ලංකාවේ චිත්‍ර කලාව සංසන්දනය කරලා බලන්න ප්‍රගීත් කැමතිද? එහෙම බලද්දී මොනවද පෙන්නේ?

කැමතියි .ඒත් ඒක සපෙක්ක්ෂයි .මොකද විශ්වව්‍යපී කියන දේට වඩා මම හිතන්නේ සන්දර්භියව එහෙමත් නැත්නම් කලාපීය අදහසකින් තමයි කලාව තේරුම් ගන්නේ .ඒක ලෝකේ කොයි රටෙත් දැන් අදාල කාරණාවක් මම හිතන්නේ .සරලව කිවොත් මේක ශ්‍රී ලාංකීය වෙන්නේ කොහොමද වගේ දෙයක් ඒ ඒ කලාපිය ලක්ෂණ දැන් ගොඩක් අය හොයනවා .මෙහෙම ගනිමු   abstract expressinism වගේ දෙයක් අපට වඩා යුරෝපියන් පුහුණු කරලා තියෙනවා .ඒකට අපට අයිතියක් නෑ වගේ .ඒවා යුරෝපයට ඕනේ තරම් ඒවා තියෙනවා වගේ අදහසක් .කලා ඉතිහාසය ගොඩ නගන්නේ යුරෝපියන් තමයි .අපි අපේ කතාව කියන්නෙත් එයාලගේ භාෂාවෙන් තමයි .කොහොමටත් මම කියන්නේ තවදුරටත් universal කියන එක ටිකක් විතර ප්‍රශ්නකරියි. නමුත් අපි කලාපියව අපව හොයා ගන්න ගමන් දුපතෙන් එහා කලාව ගැන අවදියෙන් ඉන්න වෙනවා .අපව කියව ගන්න සහ ස්ථානගත කර ගන්න ඒක වැදගත් .ලෝකයේ  හතර සීමාව ඉක්මවා ගිය නොයෙකුත් ආකෘතිකමය හා අවකාශමය ගොඩනැංවීම් ප්‍රකාශනයට යොදා ගැනීමට හැකියාවක් ඇති බව අපට දකින්නටනම් මේ ගැන සිහියෙන් ඉන්න වෙනවා .අපේ රටේ දක්ෂ සහ වටිනා චිත්‍ර ශිල්පීන් ඉන්නවා සහ හිටියා .දැන් බලන්න චන්ද්‍රගුප්ත තේනුවර සර් වගේ කෙනෙක් ලංකාවේ යුද්ධය ගැන බැරල්වලින් (barallism )දේශපාලන ප්‍රකාශයක් කරනවා .ඒක ජපානයේ ෆුකෝකා කෞතුකාගාරය විසින් නිත්‍ය එකතුවට ගන්නවා .ඒක ලාංකීය ප්‍රකාශනයක් වගේම ලෝකයට අයිති කලා කෘතියක් .

7. ප්‍රගීත් රත්නායක කලින් කරපු වැඩ, දැන් කරමින් පවතින වැඩ සහ ඉස්සරහට කරන්න නියමිත වැඩ ගැනත් කියලම අපි මේ කතාව අවසන් කරමු?

චිත්‍ර කලාවේ භාෂාවට විධිමත්ව ඇතුළු වන්නට පෙර එක එක අත්හදා බැලීම් කලා . තාත්තගේ උරුමයෙන් ආපු කලාව සම්බන්ධ විභවය මගේ අයිය සුජිත් රත්නායක නිසා මම චිත්‍ර කලාවේ ගොඩක් දේවල් ස්පර්ශ කලා . මම විශ්වාස කරනවා ඒ මොහොතේ නිෂ්පාධිත දැනුමට අනුව මම ඒක කලා .ඒක එහෙම තමයි .නමුත්  විශ්ව විද්‍යාලයේ විවිධ ගුරුවරුන්ගේන්ගෙන් දේවල් මට සමහර තැන්වල බලපෑවා .තේනුවර සර් ගොඩක් මාව වෙනස් කලා .මේ මොහොතේ මම සමාජ දේශපාලනික අදහසකින් හිතන්නේ කොහොමද කියල දීප්ති කුමාර ගුණරත්න ල අලුතෙන් මේ පොළොවේ පැල කරපු දැනුමෙන් හිතන්න සහ ඒවා මගේ කලාවට ගන්නේ කොහොමද කියල උත්සාහ කරලා බැලුවා .ඉදිරිය්දී චිත්‍ර කලාවේ දියුණු ශිෂ්‍යන් පිරිසක් බිහි කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා .

Monday, June 5, 2017

'YEN' Visual Art exhibition 2017






'YEN' Visual Art exhibition 2017
කසුන් දර්ශන හා ඉන්ද්‍රචාපා රුහුනගේ විසින් අවුරුදු තුනක පමණ කාලයක් තුළ සිදුකරණ ලද පර්යේෂණ ව්‍යාපෘති ආශ්‍රයෙන් ගොඩනගන ලද 'යෙන්' (Yen) යන තේමාවෙන් නම් කරන ලද චිත්‍රකලා ප්‍රදර්ශනයක්, 2014, ජූනි 02 03,04 යන තෙදින තුළ කොළඹ 07, ලයනල් වෙන්ට් කලා මධ්‍යස්ථානයේ පිහිටි හැරල්ඩ් පීරිස් කලාගාරයේදී පැවැත්වූවා. 'නිර්ණාමික පිවිසුම' නමින් සංවිධාන ගත කණ්ඩායමක මහන්සියේ ප්‍රතිඵලයකි මෙම ප්‍රදර්ශනය. මෙම චිත්‍ර ප්‍රදර්ශනයෙන් පිළිවෙලකට ප්‍රදර්ශනයක් සංවිධානය කරන විධිය ගැන මෑත කාලයේ අපට මතක් කරන ලස්සන ප්‍රදර්ශනයක් බවයි මගේ හැගීම.ඒ පිළිවෙල ප්‍රදර්ශනයේ තිබු කැටලෝගය, කලාකෘති ප්‍රදර්ශිත ආකාරය, සමාරම්භක මොහොතේ තිබු සංවිධානාත්මක බව සහ අනෙකුත් සියළුම කාරණා එයට සාක්ෂි දරනවා. මේවා ප්‍රදර්ශනයේ කෘතියට පිටින් තිබෙන කාරනා වුවත් නැවත ඒවාම කෘතිය සමග සම්බන්ධ වෙනවා මට හිතෙන්නේ. වැදගත්ම කාරණාව තමයි මෙම ශිල්පීන් දෙදෙනාගේ සංකල්පීය කාරණා සහ තාක්ෂණික කාරණා සමග කෘතිය තුළ ගොඩනගන සම්බන්ධය. එහිදී දෙදෙනාටම වූ අනන්‍ය ලක්ෂණ දෙදෙනාව අපට වෙන් කරලා පෙන්වනවා සහ එහි ශාක්ෂරතාවය දෙදෙනා ලස්සනට විසදගෙන තියෙනවා .ඒක හරි අපූරුවට ගැලපෙන වැඩක් දෙදෙනාටම .ඒ කියන්නේ දෙන්නගේ අදහස් ලෝකයට හදන දෘශ්‍ය රූපවලට ඒ දෙදෙනාම දැනුවත් මම හිතන්නේ. ඉන්ද්‍රචාපගේ වැඩවල pop ආර්ට් වල අභාෂයක් සහිතව ඇය කතා කරන සමකාලීන ස්ත්‍රියගේ එක්තරා පැතිකඩක් නිරාවරණය කරනවා ඒ multi colours, වියුක්ත හැඩතල සහ සංරචනය එක්ක ඇයගේ කතාවේ සමතුලිතතාවයක් එක දිගට ගමන් කරනවා.
කසුන් ගේ කෘතිවල තිබෙන දැවැන්ත බව අපට කීප විදියකින් දැවැන්තයි කියල පේන්න ගන්නේ හේතු කීපයක් උඩ. විශේෂයෙන්ම කසුන් ගෙනහැර දක්වන හස්ත කෞශල්‍ය (SKILL )සුවිශේෂයි. සමහර වෙලාවකට ඔහුගේ සමස්ත වැඩේම හස්ත කෞශල්‍යයේ වැඩබිමක් වන අතරම ආයේ එහි තිබෙන සමකලීනත්වය පැරණි ආකෘතියක් ඔස්සේ ආයෙම අලුත් දෙයක් බවට පත් කරනවා. ඒක තමයි ඔහුගේ විශේෂත්වය මම හිතන්නේ. මේ මොහොත පිලිබඳ කසුන් හොඳ කියවීමක ඉන්නවා කියල මම හිතනවා .ඔහුගේ ගොඩක් කෘති මා දැක නැති උවත් මෙම කෘති ඔහුගේ විභාග ව්‍යාපෘති හා සම්බන්ධ හැදෑරීමක ප්‍රතිපලයක් වන නිසා ඒකට කරුණු තිබෙනවා ඔහු තුළ. කසුන්ගේ ආකෘතික නිදහස ඔහු සමහර විටෙක කලා ඉතිහාසයේ සමහර තැන් අපට මතක් වෙනවා. විශේෂයෙන්ම ලංකාව තුළ දුමිත් කුලසේකර ගොඩනගන ආකෘතිවල සෙවනැල්ල පේන්න තියෙනවා කියල මා විශ්වාස කරනවා සහ තවත් සහෝදර ශිල්පීන් මා සමග පැවසුවා. මා එහි වරදක් දකින්නේ නැත. මන්ද ඒ ඒ මොහොතේ නිෂ්පාදිත දැනුම අපව කියවා ගැනීමට බල කරන නිසා. කසුන් දුමිත්ගෙන් වෙනස්වන තැන සහ කසුන්, කසුන් හැටියටම ස්ථානගත වන paintingමෙම ප්‍රදර්ශන්යේම දකින්නට ලැබීම සතුටට කාරණාවක් .මම හිතන්නේ කසුන් මෙම ප්‍රදර්ශනේය්න් ඔප්පු කරන්නේ චිත්‍ර කලාවේ තාමත් oil on canvas ආධිපත්‍ය දරාගෙන පැරණි එකෙන් අරගෙන තමන්ගේ එක එකතු කරමින් සමකාලීන මොහොත පිලිබඳ තමන්ගේ දෘශ්‍ය රූප හදන විධියයි .අන්තිමේදී තමන්ගේ යැයි කියල දෙයකුත් නැත. අනන්‍යතාවය අන්යෝන්‍යයි. (IDENTITI IS RELATIONAL )කෙසේ වෙතත් කසුන් මේ වන විට සියලු ආයුධ සහිතව ඉන්න බැවින් painting එක ඉදිරියේදී කව්රුවත් වගේ නොවී ඉන්න බැරි කමක් නැති බවයි මගේ විශ්වාසය. ඒකට කාල රේඛාවේ සිහියෙන් එහා මෙහා යාම පමණක් ප්‍රමාණවත් යැයි මම විශ්වාස කරනවා .කසුන් තව අවරුදු ගානක් මම ඔයා දිහා බලන් ඉන්නවා. ගමන් කරන්න. දෙදෙනාටම ලස්සන කලාදිවියක්...!
ප්‍රගීත් රත්නායක

Sunday, June 4, 2017

ලංකාවේ චිත්‍ර කලාවේ "ක්ෂතිය " "TRAUMA"

 ලංකාවේ චිත්‍ර කලාවේ "ක්ෂතිය "  "TRAUMA"


මේ ඉන්නේ දුමිත් කුලසේකර .මගේ පරම්පරාවේ දැනට ඉන්න පුරෝගාමී චිත්‍ර ශිල්පියා .යම්කිසි දෙයක් සම්බන්ධව පුරෝගාමී එහෙමත් නැත්නම් හැරවුම් ලක්ෂ්‍යය සටහන් කන්න හැමෝටම බෑ .ඒ අර්ථයෙන් දුමිත් කුලසේකරගේ අභාෂය දැනුවත්ව හෝ නොදැනුවත්ව චිත්‍රයේ දේශයට රැගෙන එන්න මාද ඇතුළුව මගේ පරම්පරාවේ සමහරුන්ද ඊ ලග පරම්පරාවේ ගොඩක් අයද පුරුදු වෙලා .ඒක එහෙම වීම අහම්බයක් නෙවි .එහෙම වීම වරදක්ද නෙවි .දුමිත් චිත්‍ර කලාව සම්බන්ධයෙන් ගොඩනගන දෘශ්‍ය සාක්ෂරතාවයත් ,අදහස් ලෝකයත් කොළඹ කලාවේ ගොඩක් අය දන්නවා .දුමිත් නිසා චිත්‍ර කලාවේ ගොඩක් දේවල් වෙනස් උනා .විශේෂයෙන්ම 43 කණ්ඩායමේ සාමාජිකයන්ගෙන් පස්සේ චිත්‍රයකට වැඩිම මිලක් අයකරන්න පුළුවන් බලය දුමිත් ගොඩනගනවා ලංකාව ඇතුලේ සහ ඉන් පිටතත් .ඒ වගේම හොඳම අමුද්‍රව්‍ය (PAINT ,CVANVAS ,BRUSHES වගේ දේවල් ) පාවිච්චි කරන්න දුමිත් කියා දෙනවා .කෘතිය ඇතුලේ සහ ඉන් පිටත දැනුම බලයක් හැටියට ගන්නේ කොහොමද කියල කියා දෙනවා .කෙකෙන් තව කෙනෙක්ට කැමති වෙන්නේ එහෙමත් නැත්නම් ආශක්ත වෙන්නේ තමන් තුළ තිබෙන අඩුවක් නිසා .දුමිත්ගේ චිත්‍රවල තිබෙන ක්ෂතිය (TRAUMA )ලංකාවේ හැමෝටම බලපෑවා මම හිතන්නේ .මනොවිශ්ලේශනීය අදහසකින් ඔහුගේ පළමු ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය  "ක්ෂතිය " කියල නම් කරන්නේ ඉතාමත් දැනුවත්ව .ලංකාවේ චිත්‍ර කලාවට ගොඩක් දුරින් තිබූ STRUCTURELISM ,PSYCHOANALYSIS වගේ විෂයන් දුමිත් ගවේෂණය කිරීම මම හිතන්නේ දුමිත්ගේ විෂය පුළුල් වන්නට බලපෑවා .ගොඩක් THEORY තිබෙන අයට සමහර වෙලාවට කැන්වස් එකේදී ඒක කියා ගන්න බෑ .ඒ වගේම  කැන්වස් එකේදී කියා ගන්න දේවල්වලට THEORY නෑ ,දුමිත් මේ දෙකේදී දැනුවත් මම හිතන්නේ . දුමිත් මේ ක්‍රමය ඇතුලේ     දේශපාලනයත් ,ආර්ට් එකත්  සහ මිනිස් සම්බන්ධාතවනුත් හොඳට අඳුරනවා කියල ඔහුගේ කෘති කියවද්දී අපට පේන්න ගන්නවා සහ ඒක මගාරින්න බැරි තත්ත්වෙකට අපව අභිමුක කරනවා කියලත් තේරෙනවා .දුමිත්ගේ චිත්‍රයට තියෙන බලය ගැන දැනගන්න පොඩි උදාහරණයක් කියන්නම් .ඔහුගේ එක චිත්‍රයක් තියෙනවා ගැහැනියක් ගැන ඇඳපු .ඔහුගේ පළමු වැනි ප්‍රදර්ශනයේදී එම චිත්‍රය  විකුනන්නේ නෑ .නමුත් ඒ චිත්‍රය විකුණන දවසක මිල දී ගන්න ලංකාවේ ගැනුම් කාරයෙක් සමග තවත්  පිටරට ගැනුම් කාරයන් තිදෙනෙක් පෝලිමේ හිටියා කියල මම දන්නවා .දුමිත්ගේ චිත්‍රය ඉදිරියේ හැම අතින්ම මේ ක්ෂතිය ඔහු තාමත් පවත්වාගෙන යනවා .ඒ නිසාම වෙන්න ඇති ඇමෙරිකාවෙන් "FULL BRIGHT " ශිෂ්‍යත්වයක් ලැබිල අවරුදු දෙකක් මාස්ටර් එකට ඇමෙරිකාවේ යන්නේ .දුමිත් මෑත කාලයේ විශ්වාස කරන්න බැරි දෙයක් කරනවා .ඒ කියන්නේ FACE BOOK ACOUNT එකක් පවත්වාගෙන යන්නේ නෑ .ඒ නිසා ඔහුගේ වැඩ ගැන මේ මොහොතේ දියුණු උපකරණයක් වූ FACE BOOK එකෙන් ගොඩක් අයට දකින්න ලැබෙන්නේ නෑ .ඒ නිසා" ඔරිජිනල්  එක වෙනුවට ඩුප්ලිකේට් එක" එලියට එන එක සත්‍යක් කියල අපට පේන්න ගන්නවා .

ප්‍රගීත් රත්නායක .







Texts

ආතති මුක්තය