Saturday, April 1, 2017

කේන්ද්‍රය ළමා පරිකල්පනයට බලපෑම් කිරීම

කේන්ද්‍රය ළමා පරිකල්පනයට බලපෑම් කිරීම
ඕනෑම ව්‍යුහයකට කේන්ද්‍රයක් පවතී.පවුල නැමැති ව්‍යුහයේ කේන්ද්‍රය තාත්තාය .මෙය නොදියුණු යුගයේ ගෝත්‍රය වූ අතර ගෝත්‍රයේ කේන්ද්‍රය ගෝත්‍රික නායකයාය .එහිදී භාෂාව නොදියුණු යුගයක ශරීර ශක්තිය මත ගෝත්‍රය සංවිධානය වූ අතර ශරීරය බලවත් උනා .නූතන යුගය වන විට භාෂාව දියුණු උපකරණයක් වූ අතර පවුල නැමති ව්‍යුහය තුළ භාෂාව මගින් තාත්තා කේන්ද්‍රීය චරිතය උනා .ළමයාගේ අනන්‍යතාවය මානසිකව භාෂාව තුළින් ඔලුව තුළ ව්‍යුහගත කලා .එය නූතන යුගය තුළ භාෂාවේ පිළිවෙල මනස තුළ අනන්‍යතා කිරීමය. (ළමයාගේ ලෝකය තුළ තාත්තා වීරයා වීමයි .)න්‍යෂ්ඨික පවුලෙන් පසු ශික්ෂණය ලබන ළමයා සංස්කෘතික එහෙමත් නැත්නම් රාජ්‍ය දෘෂ්ඨිවාදී උපකරණයක් වන පාසැල වෙත යොමු කිරීම දෙමාපියන් විසින් සිදු කරයි .ළමයා ඇතුලත් කරන පාසැල තුළ කේන්ද්‍රය විදුහල්පතිතුමා වන අතර පන්තිකාමරය තුළ ළමයාගේ කේන්ද්‍රය පන්තිභාර ගුරුතුමියයි .ප්‍රාථමික අංශය මෙහිදී විශේෂිතය .මෙහිදී ළමයා සහ පන්තිකාමරයේ ගුරුවරයා අතර ඇති සම්බන්ධතාවය අවියෝජනීය සම්බන්ධයකි .පවුලෙන් වෙන් උනාට පස්සේ පන්තිකාමරය තුළ ළමයාගේ වීරයා වනුයේ එම ගුරුවරයාය .එය අනිවාර්ය සම්බන්ධතාවයකි .ළමයා සියලු අනන්‍යතාවන් හා සංකේත ලෝකය නිර්මාණය කර ගනුයේ ගුරුවරයා හරහාය .එය කොන්දේසි විරහිතව දියුණු සම්බන්ධතාවයක් තුළ සිදුවන ක්‍රියාවලියකි .මෙහිදී ගුරුවරයාට ළමයා පිළිබඳවත් ළමයාට ගුරුවරයා පිළිබඳවත් වෙන්කළ නොහැකි සම්බන්ධයක් ගොඩනැගීම හරි අපූරු බැඳීමකි .එහිදී හරි හෝ වැරැද්ද කුමක් වුවත් ගුරුවරයාගේ අදහස් ලෝකය ඉස් මුදුනින් පිළිගැනීම ළමයා වීර ක්‍රියාවක් සේ සලකයි.එය එසේ වන තරමටම ගුරුවරයාගේ බරපතලකම මගහැරිය නොහැකි බව අපට පසක් කර දෙයි.
පහුගිය දිනෙක මාගේ දියණිය අධ්‍යාපනය ලබන පාසලේ ඇයගේ පන්ති භාර ගුරුතුමිය විසින් ඇයට දෙන ලද අවවාදයක් ඇසුරින් ළමයාගේ කේන්ද්‍රීය චරිතය වූ ගුරුවරයා කේන්ද්‍රයෙන් පිට පැනපු අවස්ථාවක් මාහට අත්විදින්නට සිදු උනා .එම සිදු වීමත් සමග වර්තමානය තුළ කොතෙක් දුරට ළමයාගේ අනන්‍යතාවය වෙනුවෙන් පෙනී සිටිනවාද සහ එම කාර්යය අතහැර සිටිනවාද යන්න අවබෝධයක් ලබා ගැනීමට මෙම සටහන තබමි.(මෙය එක සිදුවීමක් උවත් එයට සමස්ත ගුරුවරු වගකිව යුතුයැයි මා නොකියමි.).ශුද්‍ර තලයේ මෙය සිදු වුවත් පිටතට පැමිණෙන්නේ නැත.විශේෂයෙන් කුඩා ළමුන්ට එහෙමත් නැත්නම් ප්‍රාථමික අංශය සඳහා උගන්වන ගුරුවරු ළමයාගේ සංකේත ලෝකයට දැඩිම බලපෑමක් එල්ල කරන කොට්ටශයයි .හොඳම දේ ළමයින්ට යැයි කීවත් හොඳම දේ ළමයින්ට දීමට දැන් සිටින ගුරුවරයා අපොහසත් වූ අවස්ථාවක් මේ හරහා නිරීක්ෂණය කළ හැකිය .
මගේ දියණිය නිදහසේ චිත්‍ර අඳින්න කැමතියි.එයා චිත්‍ර සිතුවම් කිරීමේදී සාමාන්‍යයෙන් ටිකක් දීප්තිමත් වර්ණ පාවිච්චි කරනවා .(සාමාන්‍යයෙන් ළමා මනෝ විද්‍යාවට අනුව ළමයින් සතුටට කැමතියි .දුකත් සතුටත් දෙකම කුඩා ළමුන් දීප්තිමත්ව දකිනවා.) මුහුණක් හෝ මිනිස් රූපයක් සිතුවම් කිරීමේදී තනි වර්ණයක් වෙනුවට වර්ණ කිහිපයක් මිශ්‍ර කරමින් එහි අපූර්වත්වයක් දැකීමට උත්සාහ කරනවා.සාමාන්‍යයෙන් මුහුණක ත්‍රිමාණ ගතිය යම්තාක් දුරකට රැදෙන පරිදි වර්ණ කිහිපයක් එකතු කරමින් පාට කරන්න එයා කැමතියි .මා නම් එහි වරදක් දකින්නේ නැත.මන්ද යම්කිසි කෙනෙකුගේ මුහුණ ඇත්තටම පැතලි ස්ව්රුපයකට වඩා යම්කිසි ත්‍රිමාණ ගතියකට පිහිටා ඇත.ඒක ළමයෙක් වර්ණ තුළින් ත්‍රිමානව දකින්න උත්සාහ කිරීම ඔහුගේ හෝ ඇයගේ පරිකල්පනයේ සීමාව මත සිදු වන්නකි. පැබ්ලෝ පිකාසෝ වරෙක මෙසේ ප්‍රකාශ කලා . "මට වයස අ:16දි රෆායල් වගේ අදින්න පුලුවන් උනා ,ඒත් ලමයි චිත්‍ර අදින්නෙ කොහොමද කියල ඉගෙන ගන්න මට මගේ මුලු ජීවිත කාලයම අවශ්‍යඋනා ," පිකාසෝ කියන්නේ කලා ඉතිහාසය තුළ ඇකඩමියාව තුළ පිළිවෙලට දේවල් හදාරලා ඔහු විසින්ම එය විසංයෝජනය කරපුසිත්තරෙක් .නිදහසේ සිතීමත් ,.නිදහසේ ඇඳීමත් එකතු වූ තැන ළමයෙකුගේ ළමා මනස හරි අපූරුවට ඒ තුළ අන්තර්ගත වනවා .ළමයෙකුගේ සංකේත ලෝකය තුළ සුන්දර වස්තු වැඩියි .සතුට වැඩියි.අපි අපේ හිත් වල පුරෝගෙ ඉන්න බර පැස්ටල් කූරු වලින් එළියට එනවා. පොඩි පැටවුන්ගේ හිත් හරිම නිර්මලයි.බලෙන් දාර්ශනික වෙන්න යන්නේ නෑ .ඔවුන්ගේ ප්‍රකාශනාත්මක බව පැහැදිලියි . දවසක් එක ළමයෙක් රතු පාටින් චිත්‍රයක් අඳිනවා .ගොඩක් ළමයින් මැද මේ ළමයා රතුපාටින් චිත්‍රය ඇඳපු එක ගැන හැමෝම කතා වෙනවා .විචාරකයෝ විවිධ අදහස් පල කරනවා .ඇත්තටම ළමය කතා කලාට පස්සේ කිව්වේ මොකක්ද ?තමන් පාට නොගෙනා බැවින් එහා පැත්තේ යාළුවා දුන්නේ රතු පාට පමණක් බවයි .ඒක තමයි ඇත්ත.ළමයින් දෙස අප ළමයින් ලෙස නොබලන තාක්කල් ළමයින් අපට නොතේරෙනවා ඇත .
ඉතින් මගේ දියණිය මේ විදියට චිත්‍ර අඳින එක පන්තිභාර ගුරුතුමිය එතරම් පැහැදීමක් නෑ .දිනක් දුවට කතා කොට අවවාද කරලා තිබුන.ඔයා මේ විදියට චිත්‍ර අඳින්න එපා .මීට පස්සේ චිත්‍ර අඳින කොට තනි පාටින් මුහුණවල් සහ ඇඟවල් පාට කරන්න .ඒක දුවට විතරක් නිගමනකරී විදියට කියල තිබුන .ඒ මදිවට දුවගේ ශිෂ්‍ය වාර්තා පොතෙත් සටහනක් දමා ඒවා තිබුණා . දෙමාපියන් හැටියට අපිටත් ඒකට මැදිහත් වෙන්න . ඒ සිදුවීමත් එක්ක දුව යම්කිසි සිත්තැව්ලකට පත් වෙලා ඉන්නේ .එයා අඳින්නේ එක විදියක ටීචර් කියන්නේ තව විදියක .ඒක දුවට විතරක් නෙවි වැඩිහිටියන් ලෙස අපටත් ගැටලුවකි.අප මෙතැනදී තේරුම් ගත යුතු සුත්‍රය කුමක්ද ?සාමාන්‍යයෙන් ළමයෙකුට දෙයක් කියා දෙනවා කියන කාරණාවේ බරපතල කමක් තියෙනවා .ඒක ආවට ගියාට කරන්න බෑ .මොකද ළමයෙක් වෙනස් කිරීම ඊ ළඟ පියවරට බලපානවා.දෙමාපියන් හැටියට දුවගේ වයස් සීමාව අනුව අපිත් එයාට උපදෙස් දෙන්නේ පරිස්සමෙන් .මොකද එයා තාම වැඩිහිටියෙක් නොවන නිසා කියනවා වෙනුවට නිදහසේ එයාට වර්ණ සමග සෙල්ලම් කරන්න ඉඩ දුන්නා .ඒ වයසේදී ගෙදර බිත්තිය කියන්නේ ළමයාගේ නිදහසේ සීමාව .(ඕනෙනම් බිත්තිය වෙනුවට වෙනයම් මතුපිටක් ඒ සදහා සැකසිය හැක.) තුළ එක දිගට පැස්ටල් කූරෙන් ඉරි ඇඳෙන්න ,මල් ඇඳෙන්න ඉඩ දුන්න .සාමාන්‍යයෙන් ගෙදරක බිත්තිය කියන්නේ ළමයෙකුට තමන්ගේ නිදහසේ සීමාව තුල වර්ණ එක්ක සෙල්ලම් කරන්න තියෙන අවකාශයක්.එම අවකාශයත් එක්ක ළමයා ඓන්ද්‍රීය වෙන්නේ ටික කාලයයි .ළමයා ටිකෙන් ටික ශික්ෂණය වෙද්දී එකෙන් ඇත් වෙනවා සහ drawing book එක easal එක වගේ ඒවාට මාරු වෙනවා.ඒ නිසා ළමයා ඒ බිත්තියෙන් අයින් කරන්න එපා.කුරුටුගාන්න ඉඩ දෙන්න .බිත්තිය කිලිටි වේවි.එත් ළමයා පිරිසිදු වේවි.ඒක අහිමි කරන්න එපා .ළමයාගේ ආශාව කප්පාදු කරන්න එපා.දියුණු වැඩිහිටියන් ලෙස අප පන්තිකාමරයේ ගුර්වරයාගෙන් ඊට එහා ගිය විද්‍යාවක අභාෂයෙන් ළමයෙකු ශික්ෂණය කිරීම බලාපොරොත්තු වෙනවා.යම් හෙයකින් කේන්ද්‍රයෙන් ළමයට අනන්‍යතාව හැදුනේ නැති උනොත් ඒක අප තේරුම් ගත යුත්තේ කාගේ වරදකාරී හැගීමකින්ද ?දෙමාපියන්ද ?ගුරුවරයාද ?අධ්‍යාපනයද ?ක්‍රමයද ?
ප්‍රගීත් රත්නායක

4 comments:

  1. බ්ලොග් ලෝකයේ දිගු ගමනක් යන්නට සුබාසිරි....!
    අත්දැකීම් මෙසේ බෙදාගැනීම වටිනවා ප්‍රගීත්.

    ReplyDelete
  2. බ්ලොග් කියවන අය හරි අඩුයි. නමුත් එයින් ගන්න පිරිස වැඩියි.
    බුකියෙ “රීඩර්ස්ලා“ වැඩියි. නමුත් ගන්න පිරිස අරිටත් අඩුයි.
    ඒ නිසා දිගට ම ලියමු.

    ReplyDelete

Texts

ආතති මුක්තය