Friday, June 21, 2019

දැනගෙන දුර්වල වීමේ පිරිමි දේශපාලනය හෙවත් අසන්ධිමිත්තා


බලන කෙනාගේ ඇහැට අනින කලාවක් තමයි අශෝක හඳගම අපට මුණ ගස්සන්නේ .ඒ ඔහුගේ විධිය .සෞන්දර්ය සම්බන්ධව සහ කලාව සම්බන්ධව හඳගම කඩුලු පනින්නේ ඉතාමත් දැනුවත්ව .ඔහුගේ frame එක පැරණි frames කඩනවා .ඒක වැඩක් .ඒ වැඩේ සිහියෙන් කරන වැඩක් .අසන්ධිමිත්තත් ඔහු අපේ ඔලුවේ තිබු frames ගොඩක් කඩන ෆිල්ම් එකක් .අසන්ධිමිත්තා ෆිල්ම් එකේ real එකයි fiction එකයි එකට ගේනවා .හරියට salvador dali ගේ චිත්‍ර වගේ මටනම් . dali ත් මේ දෙක( real එකයි fiction එකයි) එකතු කරනවා අපූරුවට .ෆිල්ම් එකේදී මෙන්න මේ විකී කියන චරිතය අපට සමකාලින පිරිමියාගේ ද්විත්ව රංගනය දිහාවට අල්ලන කැඩපතක් වගේ .ඒ කැඩපතෙන් අපි හැමෝම පේන්න සලස්වන එක තමයි හඳගම කරන්නේ .විකී වගේමයි ගොඩක් පිරිමි. 

විකීට පුළුවන් ඕනේ පොළොවක පැල වෙන්න ..ආදරවන්තයෙක් වෙන්නත් පුළුවන් .විදග්ධ පුද්ගලයෙක් වෙන්නත් පුළුවන් .සෙනෙහෙබර තාත්තෙක් වෙන්නත් පුළුවන් .කැපකිරීම් කරන කෙනෙක් වෙන්නත් පුළුවන් .අහිංසක මනුස්සයෙක් වෙන්නත් පුළුවන් .චන්ඩියෙක් වගේ වෙන්නත් පුළුවන් .හැබැයි මේ ඔක්කොම රංගනයන් ඉතාම සිහියෙන් ඒ කියන්නේ දැනුවත්ව කරන රගපෑම් .ඒක නරුම තක්කඩි රගපෑමක් .එක තැනක අසන්ධිමිත්තා අහනවා "ඔයා මට රූකඩයක් වෙනවද කියල" විකී ඇත්තටම රූකඩයක් වගේ රූපාන්තරණය වෙනවා .එය දැනගෙන දුර්වල වීම පිරිමි දේශපාලනයේ කැත ඇත්තක් .ජිවිත කාලයටම මේ දැනගෙන දුර්වල වීමේ පිරිමි උපාය ගොඩක් ස්ත්‍රීන් කේදවාචකයකට අරන් යනවා .පිරිමි හදපු භාෂාවකින් ගොඩක් අසන්ධිමිත්තලා අහුවෙනවා .විකි මෙතැනදී වචන ඇතුළේ අසන්ධිමිත්තා අවමානුෂික කරන්නේ ලස්සනට කැටයම් කරලා .ඒ තරමට ඔහුට පුළුවන් දේවල් සදාරනිකරණය කරන්න .ඔහු දන්නවා ඔහු කරන්නේ කුමක්ද කියා හොඳටම ඔහු දන්නවා ඔහු නරුමයෙක් කියා .මේ විකිගේ නරුම කම එක්ක අසන්ධිමිත්තට අනන්‍ය වන්න වෙන්නේ ඇයි ?විකිගේ දෘශ්‍යමාන යථාර්තය ඇත්තක් කියල බාරගන්න අස්න්ධිමිත්තල සමහර විට කැමැත්තෙනුත් ඇති .අකමත්තෙනුත් ඇති .කොහොමහරි විකිල ගේම ගහනවා .අපි දන්නවා නුතන යුගයයෙන් (modern era )පස්සේ විශ්වාසය බිඳ වැටුණු සමාජයක වීකිලට අවස්ථාව හම්බවෙනවා .ආර්ථික පැවැත්ම අතින් සාර්ථක වන තරමටම අපි මනුස්සයන් වන්නේ නෑ .මනුස්සයන් උනාම සංකේත වටිනාකම් එක්ක ජීවිතය share කරගන්න ඕනේ .මනුස්සයෙකුට තවත් මනුස්සයෙක් මුණ ගැහෙන්න ඕනේ .ආදරය රාත්තඉල්වලින් මනින්න ගියාම අපි දේවල් බවට පත්වෙලා ඉවරයි .ආදරයේ බර මනින්න පුලුවන්ද ?ඩමී මනුෂ්‍යත්වයෙන් පිරි හර්ද ශාක්ෂිය අපි ගණිකා වෘත්තියේ යොදවමින් ඉන්නවා ලඟම කෙනා අපෙන් මගහැරෙමින් ඉන්නවා.ඝණ වූ සියලු දේවල් වාෂ්ප කරගනිමින් ඉන්නවා . අනාගතය අනාගතයට අයිති දෙයක් නොව වර්තමානයට අයිති දෙයක් බව ( future is today) ඩයලොග් කොම්පැනිය අපට කියාදෙමින් ඉන්නවා .මෙහෙම ව්‍යුහාත්මක සමාජයක විකිලගේ ද්විත්ව රංගනය අහම්බයක් නොව අනිවාර්යයකි . විකී රූකඩයක් වෙලා අසන්ධිමිත්තා කේදවාචකයක් දක්වා අරන් යන්නේ විකිගේ ඊ ළඟ පියවර තබමින් .අන්තිමේදී විකිලා වගේ පිරිමි නිසා ජීවිතයෙන් වන්දි ගෙවන අසන්ධිමිත්තා ෆිල්ම් එක බලන අප හැමෝටම වරදකාරී හැගීමක් ඉතුරුකරලා එල්ලුම්ගහට යනවා .ඇගේ හිනාවේ හැඟවුම තේරෙනකොට ගොඩක් අස්න්ධිමිත්තල ජිවිතයෙන් වන්දි ගෙවල ඉවරයි .
ප්‍රගීත් රත්නායක


කාලයක් තිස්සෙ ඇතිවෙමින් තිබුණු උසිගැන්වීම් පුපුරා ගියා පාස්කු ඉරිදා ප්‍රහාරය එක්ක. දැන් අපි මොනවද කළ යුතු වෙන්නෙ?
මනුස්සයෙක් හැටියට මං කියන්නෙ සිංහල දෙමළ මුස්ලිම් අපි හැමෝම මෙතන දි අසමත්. හියුමන් කියන කෑල්ල ඇතුළෙ මොකක්දෝ ෆේලියර් එකක් මේ රටේ තියෙනවා. දේවල් ලිහාගන්න ඉස්සරවෙලාම අපි තේරුම් ගන්න ඕන මානවවාදී කතිකාව ඇතුළෙ අපේ අසමත් බව. මේක වෙන ලෝකෙකින් ආපු කවුරුවත් කරපු දෙයක් නෙවෙයිනෙ. ලොකු ව්‍යසනයක් හිස් බවක් එක්ක අපි මනුස්සයො හැටියට දුරස් කරන්න අපේ ගෝත්‍රික බව, අනෙකා නුරුස්සන බව පොලා පැනීම හේතුවක්. ආගම, ජාතිය, කුලය පැත්තකින් තිබ්බම අද අත්විඳින මානවවාදයේ අසමත් බව පොදුවේ අපි හැමෝටම තර්ජනයක්. සමකාලීන සමාජය විග්‍රහ කරන්න බැහැ මේ වෙලාවෙ වෙන සිදුවීම් පැත්තක තියලා. අපි හුස්ම ගන්නවා වගේ දෙයක් මේ මොහොතේ සිදුවීම් සමාජයට බලපානවා කියන එක. ඒවට සවිඥාණික නොවී සමාජය තේරුම් ගන්න බැහැ. කලාකරුවො හැටියට අපි මුලින්ම කරන්න ඕනත් වෙන දේවල් කතා කරන එක නෙවෙයි මේ මොහොත කියවා ගන්න එක. අනෙක් හැමෝම කරන්න ඕනත් මේ මොහොතට සවිඥාණික වීම. අපේ මේ භූමියේ අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒක භෞතිකයි. අපිට කොහොමත් එය මඟ හැරලා ගමනක් යන්න බැහැ.
මේ ගැටලුවට පිළියම පහර දීමද?
අනේ නැහැ. ඓතිහාසිකව අපි අනන්‍යතාවලට එකඟවෙලා තියෙනවා. අපි හැමෝම මොකක් හරි ආගමකට අයිතියි. මං විශ්වාස කරන්නෙ ආගම් හැම එකකම කාර්ය මිනිස්සු හික්මවීම කියලා. ඒත් මොන ආගම වුණත් ඒ තුළ අන්තවාදී නොහික්මුණු ප්‍රචණ්ඩ අය ඉන්න පුළුවන්. මුස්ලිම් වුණත් බෞද්ධ වුණත් එහෙමයි. මේ පාස්කු ඉරිදා ප්‍රහාරය ගත්තම ඒක අන්තවාදී මුස්ලිම් පිරිසකගෙ වැඩක්. ඒ සිද්ධිය කොහෙත්ම අහිංසක නැහැ. නමුත් ඊට පස්සෙ සිංහල බෞද්ධ හෝ කතෝලික සමාජයේ සමහරු හැසිරුණු විදියත් අහිංසක නැහැ. මහ ජාතිය කියලා හිතාගෙන අපිටත් ශුද්ධවන්තයො වෙන්න බැහැ. අපිත් ඓතිහාසිකව වැරදි කරල තියෙනවා. මේ මොහොතෙත් වැරදි කරමින් ඉන්නවා. පෙරළා පහරදීම ලෙයට ලෙය කියන්නෙ විසඳුම නෙවෙයි. සමහර වෙලාවට අපි දැනුවත්ව දුර්වල වෙන්න ඕන. දැනුවත්ව දුර්වල විය යුත්තේ මහා සමාජය වෙනුවෙන්මයි. සමහර දේවල්වලට උත්තර හොයද්දි එහෙම තමයි. මස් රාත්තලම ඉල්ලන්න බැහැ. සහජීවනය උදා කර ගනිද්දි අනෙකා දරා ගැනීම, ඉවසීම වෙනස්කම් කියවීම වැදගත්. ඒ කියවීම තුළන් සමහර ප්‍රශ්න විස‍ඳගන්න පුළුවන්. මං ඉස්සරහ ඉන්නෙත් මනුස්සයෙක්. ඌ මට වඩා වෙනස් වුණත් මං වෙනස් වුණත් අපි දෙන්නම භෞතිකව එකයි. අපිට සමාජය අන්දපු දෘෂ්ටිවාද නිසා තමයි මේ පීඩනය. ඒක ගැලෙවුවම හරි සැහැල්ලුයි කියන අදහසයි ඇති කර ගන්න ඕන.

Wednesday, June 19, 2019

Ambient art

හඳුනාගත් අනුග්‍රාහකයකු මගින් භාණ්ඩ හා සේවා ප්‍රවර්ධනය කිරීමේ අපෞද්ගලික සන්නිවේදනය වෙළෙඳ දැන්වීම්කරණය ලෙස ෆිලිප් කොට්ලර් විග්‍රහ කරයි. ඒ අනුව අපෞද්ගලික සන්නිවේදනය එනම් පොදු සන්නිවේදනය ජනමාධ්‍ය ඇසුරෙහි සිදු වේ. එකවර ග්‍රාහකයන් විශාල සංඛ්‍යාවක් ආමන්ත්‍රණය කිරීමේ හැකියාව ඇති නිසා මුද්‍රිත හා විද්‍යුත් යන ප්‍රවර්ග ජනමාධ්‍ය ලෙස හඳුන්වයි. එහි දී පුවත්පත්, අත්පත්‍රිකා, ගුවන්විදුලි, රූපවාහිනී ඒ ඒ ජනමාධ්‍ය ප්‍රවර්ග යටතේ පෙන්වා දිය හැකිය. සමාජ මාධ්‍ය ජාලයන් ද නව මාධ්‍ය කාරකයක් ලෙස වේදිකාවක් තනාගෙන ඇත.

යට කී සියලු මාධ්‍ය, දැන්වීම්කරණයෙහි තම තමන්ට උරුම ලක්ෂණ අනුව තම ශක්‍යතාවන් පළට කිරීමට උත්සුක වෙයි. ඒ සඳහා ඔවුහු මානව සම්පත, සංගීතය, වර්ණ , අක්ෂර ආදී විවිධාකාර සාධක උපයෝගී කර ගනී. එහි දී ඔවුන්ගේ මූලික අපේක්ෂාව වන්නේ පාරිභෝගිකයාගේ අවධානය සැණින් එසැණින් තම නිෂ්පාදනය වෙත නතු කර ගැනීමයි. වෙළෙඳ දැන්වීම්කරණය තුළ 'පාරිභෝගික අවධානය' විශේෂතම සාධකයයි. පාරිභෝගිකයාට මානසික වශයෙන් සජීවී අත්දැකීමක් ලබා දීම එකී 'අවධානය' තීව්‍ර කිරීමට ගත හැකි තීක්ෂණම උපක්‍රමයකි. 

Ambient art ක්‍රමය කරළියට පැමිණෙන්නේ එතැනදීය. එසේනම් ambient art යනු කුමක්ද. එය වෙළෙඳ  දැන්වීම්කරණයේ නව ප්‍රවණතාවක් වන අතර පාරිභෝගිකයා ධනාත්මක පෙළඹවීමකට ලක් කරයි. එම ක්‍රමය දෘෂ්‍ය කලාවට (visual art) වැඩි නැඹුරුවක් දක්වයි. ඉතාම සරළව කියනවා නම් " පොදු අවකාශයක ඇති දෙයක අයිතිය ලබා ගෙන එහි පවතින ස්වරූපය තම නිෂ්පාදනයේ ස්වරූපයට අවැසි ලෙසට සකසා ගනිමින් ආකර්ෂණීය සංකල්පයන් බිහි කිරීමයි."

මේ නිර්මාණයකරණය බොහෝවිට සිදුවන්නේ ඒ ඒ නිෂ්පාදනය අළලා එක් ස්ථානයක විය හැකිය. එවිට, අදාළ නිෂ්පාදනය  ඒ ඒ අවකාශයට විශේෂීකරණය වී පවතී. සජීවී බව උද්දීපනය කිරීමට එම ක්‍රියා කලාපය ද වැදගත් වෙයි. ක්ෂණ ඇසිල්ලකින් පාරිභෝගික මනස ස්පර්ශ කිරීමට මෙකී දෘෂ්‍ය සන්නිවේදන විධි ක්‍රමයට බරපතළ බලපෑමක් කළ හැකි බව මෙයින් පැහැදිලි වේ. 







Last supper

ශ්‍රේෂ්ඨතම පුනරුද සිතුවමක් ලෙස ලියනාඩෝ ඩාවින්චිගේ Last supper සිතුවම 1495-98 කාලයට අයත් කෘතියකි. එය ඉතාලි මහා පුනරුදය තුළ වූ ප්‍රමාණාත්මකව මෙන්ම ආඛ්‍යානයික වශයෙන් ද විසල් ගණයට අයත් කෘතියකි. යේසුස්ගේ ප්‍රේරිතයන් දොළොස් දෙනා විසින් යේසුස්ට ප්‍රකාශ කර ඇත්තේ ඔවුන්ගෙන් එක් අයෙකු විසින් ඔහු පාවා දෙනු ඇති බවයි.
මතුපිටින් බයිබලය තුළින් නිර්මිත කලාවක් ලෙස පෙනෙන නමුත් එහි අතිශය සංකීර්ණත්වයක් ඇත. ගණිතමය සංකේත විද්‍යාව, මානසික සංකීර්ණත්වය, පර්‍යාවලෝකනය හරහා නාභිගත කිරීම, නාට්‍යමය ආකෘතිය මෙන්ම පුනරුද සෞන්දර්ය හරහා මෙහි බයිබල් ආඛ්‍යානයෙන් පරිබාහිර දිශානතීයව වෙනසක් ඇති කරයි.
කොටින්ම කියතොත් මෙහි විමසීම, කෝපය හා අවිශ්වාසය වෙන වෙනම දර්ශන හරහා පෙන්වන අතර එය ග්‍රහණය කර ගැනීම පහසුය. මෙහි එකම පුළුල්-සන්සුන් මිනිසා ලෙස යේසුස්ගේ පෙනී සිටීම නිරූපිතය.
වෙනත් ප්‍රේරිතයන්ගෙන් වෙන්ව සිටින අතර ජූදස් කැපී පෙනෙන පුද්ගලයා වේ. එහි පාවාදීමේ සංකේතය ලෙස හඳුනාගත හැකි ලක්ෂණයන්ගෙන් යුක්තය.
ඩාවින්සිගේ කලාව කලාත්මක සම්මුතීන් වල පිහිටා නොසිට නරඹන්නා පිනිසය. එය විශාල ලෙස සංකේත පද්ධතියක් වශයෙන් වන සංඥා භාෂාවකින් ගොඩනගන ලද්දකි.
ගෝලයන් සමග ව්‍යාකූලත්වය හා කම්පනය බෙදා හදා ගැනීමේ අවස්ථාවේ දී යථාර්ථයේ දෘෂ්ටිකෝණය අල්ලාගැනීමට වෙන වෙනම ගැටලුව හඳුනා ගැනීමට කරන ලද ප්‍රයෝග රැසක් වේ. එහි දී කරුණුකාරණා ගණනාවක් උපයෝගී කරගනිමින් නුවණින් බැලීමට මග සලසීම සඳහා මෙම කෘතිය ඩාවින්චි විසින් ගොඩනගන ලදි.


චිත්‍රය තුළ සංගීතය හෙවත් බීතෝවන් සහ කන්දින්ස්කි



චිත්‍රය තුළ සංගීතය හෙවත් බීතෝවන් සහ කන්දින්ස්කි

බීතෝවන් කියන්නේ සංගීතය ඇතුලේ ලෝකප්‍රකට මුද්‍රාව තැබූ සංගීතවේදියෙක් .නුතනත්වය තුළ දිවෙන විශ්වීය සංගීත ආරක් ඔහු නියෝජනය කලා.ඔහුගේ සංගීතයත් එක්ක චිත්‍ර කලාවේ එක්තරා පරිච්ඡේදයක් මුළුමනින්ම බැදිලා තියෙන වග චිත්‍ර කලා ඉතිහාසයය සාක්ෂි දරනවා  .බීතෝවන් සහ චිත්‍ර කලා ඉතිහාසයේ  එය සුවිශේෂීතාවක් වන අතර එහි දීප්තිය හා තැති ගන්නා බලවේගයේ ප්‍රපංචයකි. වෘත්තීමය වාද්‍ය වෘන්දය විශාල වශයෙන් ම බීතෝවන්ගේ symphonies නිරන්තර කාර්‍ය සාධනය සඳහා වාහකයක් ලෙස නැගී ගියේ ය. කළමනාකරණය ඔහුගේ සිතට නැගුණු දෙයකි. නූතන පියනෝව වඩාත් අනුනාදික සහ නම්‍යශීලී මෙවලමක් ලෙස ඔහු මුද්‍රා තබයි. පටිගත කිරීමේ තාක්ෂණය බීතෝවන්ට අනුව හැඩගැසුණි. මෙම සංගීත ස්වර සංකලනයෙහි පිහිටා වසිලි කන්දින්ස්කි නම් කලාකරුවා චිත්‍ර නිර්මාණය කිරීම මෙහිදී සුවිශේෂ මංසන්ධියක් .

බීතෝවන්ගේ සංගීතය අපට බලසම්පන්න හා අසමසම වූ බව ප්‍රදර්ශනය කරයි . රාත්‍රී අන්ධකාරයේ දීප්‍තියෙන් බැබළෙන ආලෝක කිරණ මෙහිදී ප වටේට වඩා සමීපව චලනය වන යෝධ සෙවනැලි ගැන අප වටහා ගන්නා අතර අප අවට සෑම අවස්ථාවකදීම ප්‍රීතියේ හඬක් ගිලිහී ගොස් අතුරුදහන් වී යයි. බීතෝවන්ගේ සංගීතයේ වේදනාව , භීතිය , භීතියේ යථාර්ථය චලනය කර ඇත.

නෙදර්ලන්තය සහ රුසියාවෙන් චිත්‍ර ශිල්පීන් තිදෙනෙකු එනම් පළමු ලෝක යුද්ධයට පෙරාතුව ම ආන්තික ලෙස අදහස් දැරූ ඔවුන්ගේ සිතුවම් එකිනෙකට හාත්පසින් ම වෙනස් ය. එහෙත් කාර්‍යයන් යටපත් කිරීමේ සංජානන ගුණය පිළිබඳව ඇතැම් විශ්වාසයන් විය. විසිවන ශතවර්ෂයේ දී කන්දින්ස්කිගේ ජයග්‍රහණය සමහර විට වියුක්ත ප්‍රකාශනය සහ අනෙකුත් වර්ධනයක් සඳහා වඩාත් නිර්මාණාත්මක එකක් විය. ඔහු කලා නිර්මාණ කිරීමේදී ඇසුරු කළ සංගීත ඛණ්ඩ සහ චිත්‍ර නිර්මාණවල දුරස්ථ බවක් දැකගත නොහැකි බව කිව හැකිය. වසිලි කන්දිස්කිගේ කලාව, නූතන කලාවෙහි ඉතිහාසය තුළ වඩාත් ම රැඩිකල් වියුක්ත ස්වරවලින් වර්ධනය වී ඇත්තේ ය. වර්ණයෙන් ඉවත් කිරීම , චිත්‍ර ඇඳීමේ හා වර්ණ ගැන්වීමේ ආකෘතියක් නැවත අර්ථ දැක්වීම හා රූපමය අවකාශය විස්තර කිරීමට නව ක්‍රම සොයා යෑමට ඔහු මෙම සංගීතයේ ආභාසය ලබා ඇත.

මෙම පරම විඥානය ආත්මීකත්වය හා කලාව පිළිබඳ සිතීමට විකල්පයක් විය. කලාව සම්බන්ධ , සම්බන්ධතාව අවම වශයෙන් ක්‍රම දෙකකින් සැදී ඇත. එක් පුද්ගලයකු තුළ අස්ථායි ආත්මිකත්වය පුබුදුවාලන වර්ණ දේවානුභාවයෙන් යුත් දෙයක් බවට විශ්වාසයක් ඇත. කලාවෙහි ස්වභාවය ස්වභාවධර්මය විසින් ආරම්භ කළ යුතු බවත් අනාගතයේ දී ලෝකයට යොමු විය යුතු බවත් විශ්වාසය විය.

ස්ටේයර්ගේ වර්ණ සංකේතීය ගුණයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලදී. කන්දින්ස්කි, මෙම ජර්මානු භාෂාවෙව් මෙම අනුනාදය වඩාත් හොඳින් දැන සිටියේ ඔහු ජර්මනියේ ගත කළ කාලය නිසා ය. අතීශය සිත්තැවුලකට ප්‍රවේශ වූ බොහෝ කලාකරුවන් මෙම අදහස් සම්බන්ධයෙන් උනන්දුවක් දැක් වූ නමුත් සමහර අවස්ථාවන්හී දී හුදෙක් සෞන්දර්යයයාත්මක ප්‍රපංචයක් ලෙස හා ආත්මික හෝ දාර්ශනික හැදෑරීමක් නොවීය. 

දාර්ශනික  න්‍යායන් පිළිබව ඔහුගේ උනන්දුව නිසා බොහෝ බලපෑම් වූ බව පැහැදිලි ය. එහෙත් මෙම විද්වතුන් විසිවන ශතවර්ෂයේ මුල දී කලාකරුවන් විශාල සංඛ්‍යාවක් ආකර්ශනය කර ගත්තේ ය. එල්. ලිසිට්ස්කි හා ගේබෝ විසින් රචනා කරන ලද කෘතීන් හතරවැනි  මානයක අවබෝධය හෝ අද්දැකීම මැනවින් විදහා දක්වන කලා නිර්මාණ කිරීමට උත්සහ දරා ඇත. මෙම ආත්මීය ලෙස කලාව දෙසට යොමුකරන ලද මානය ගැන සඳහන් කිරීමේ දී තවදුරටත් කලාව යතාර්ථය ප්‍රතිනිර්මාණය කිරීමක් ලෙස ගත හැකි ද යන මතයෙහි එල්බගෙන සිටියයුතුද යන්න නැවත සිතිය යුතුය .









ගුවර්නිකා

පිකාසෝගේ කෘති අතර වඩාත්ම ප්‍රසිද්ධියක් ගත් කෘතියක් ලෙස ගුවර්නිකා චිත්‍රය නම් කළ හැකිය. දේශපාලන ප්‍රකාශනයක් වශයෙන් මෙය ඔහු දැක්වූ අතිමහත් ප්‍රතිචාරයක් විය. ස්පාඤ්ඤ සිවිල් යුද සමයේදී ගුවර්නිකා නගරයට ව්‍යසනකාරී ලෙස හෙලූ බෝම්බ ප්‍රහාරය හා ඇති වූ විනාශය අභිමුඛ කිරීම මෙම කෘතිය තුළින් ප්‍රතිනිර්මාණය කෙරේ.
සිවිල් වැසියන් ඉලක්ක කරගත් මෙම ප්‍රහාරයේ ඛේදවාචකය යුද විරෝධී මුහුණුවරක් ගත් ශෝකාලාපයක් මෙන්ම සාමය අයැද සිටීමක් ද වේ. එය යාවත්කාලීන මෙන්ම පුළුල් කතිකාවක් ලෙස එදාමෙදාතුර ගෝලීයව ගමන් කරමින් සිටී.
එම කලාකෘතිය පිළිබඳව විග්‍රහ කිරීමේ දී හැඟීම් ප්‍රකාශනය සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය මෙහි ඉහළම සළකුණකි. හුදෙකලා මිනිසුන්, යුක්තිය ඉල්ලා කෑ මොර දීම්, වැළපීම පමණක් නොව මළවුන් සමග ශෝකජනක ලෙස හඬාවැටෙන්නන් මෙන්ම අතිශය චංචල හැඟීම් මාලාවකින්ම ගහණ නිර්මාණයකි. මිනිසුන් පමණක් නොව ගවයන්, අශ්වයන් ද මෙහි ප්‍රකාශනයට රුකුලකි. දාරක ස්නේහනය කැටි කරගත් මවක මිය ගිය දරුවා ළයෙහි හොවාගෙන වැළපෙන රුවකි. මෙහි උත්පාද කරන මානසික ස්වභාවය සොදුරු දිග හැරුමක් නොවේ. බාහිර කාය ව්‍යවච්ජේද ලක්ෂණ අභිබවා අභ්‍යන්තර මනෝමූලික කාරණා රැසක් ප්‍රකාශයට පත් කිරීමට සමත් වී ඇත. කොලාජ් ක්‍රමය උපයුක්ත කරගනිමින් කරන ලද නිර්මාණයකි. කලු සුදු මූලිකව නිර්මාණය සඳහා ගෙනෙමින් මෙන්ම මෙහි ඝනිකවාදී ආකෘතිය උපයෝගී කරගනිමින් කරන ලද මෙම කෘතිය තාක්ෂණික කාරණා සමතික්‍රමණය කරමින් මිනිසත්කමේ ආකෘතිය නියෝජනය කරයි.
සොබාදහමෙන් මිනිස්සු කණ්ඩනය වූ පසු අපේ ජිවිත එක එක විදියට සංස්කරණය වෙමින් පවතී .එය සමහර විට ව්‍යාපෘතියකි. එහි දේශපාලන දිශානතියක් හැමතිස්සෙම ක්‍රියාත්මකයි .කිසිවිටෙකත් අහිංසක නොවන බල ව්‍යාපෘතියක නිම නොවන ක්‍රියාවලියකි. යුද්ධය කියන්නේ බලය ක්‍රියාත්මක කරන පිරිසක් විසින් අනෙකා වෙත කුමන හෝ ප්‍රචණ්ඩත්වයක් මුදා හැරීමකි. එවිට ඉතිහාසයේ විවිධ අන්දමේ මිනිස් ජීවිතවල පැවැත්ම දෙදරමින් මිනිසා විසින්ම සමාජය වෙත ප්‍රචණ්ඩත්වය මුදාහරී.  මිනිස් කතිකාව තුළ අප අසමත් කියා පෙන්නමින් මේ මොහොතේත් මනුස්ස ජිවිත උදුරා ගන්නේ තිරස්චීන ගති පෙන්නමිනි. ඓතිහසිකව යුද්ධයය  ,ත්‍රස්තවාදයට එරෙහිව කලාකරුවන් තම මෙහෙයුම දියත් කළේ සමහර විට සන්දර්භීය මෙන්ම විශ්වව්‍යපී අදහසකින්. ඒ අර්ථයෙන් ගත්තොත් පැබ්ලෝ පිකාසෝ ගුවර්නිකා චිත්‍රය හරහා විශ්ව විශ්වව්‍යාපී වේදනාවක් ප්‍රකාශ කරනවා. ගෝලීය වශයෙන් අපත් ත්‍රස්තවාදයකට සහ යුද්ධයකට විවෘත වෙමින් තිබෙන අවකාශයක මෙවැනි කලාකෘතියක් බිහිනොවන්නට වගබලාගැනීම මනුස්ස කුලයේ ඉන්න සියලුම කොටස්වලට අයිතියක් සහ වගකීමක් තියෙනව. 


Texts

ආතති මුක්තය