Friday, June 21, 2019

දැනගෙන දුර්වල වීමේ පිරිමි දේශපාලනය හෙවත් අසන්ධිමිත්තා


බලන කෙනාගේ ඇහැට අනින කලාවක් තමයි අශෝක හඳගම අපට මුණ ගස්සන්නේ .ඒ ඔහුගේ විධිය .සෞන්දර්ය සම්බන්ධව සහ කලාව සම්බන්ධව හඳගම කඩුලු පනින්නේ ඉතාමත් දැනුවත්ව .ඔහුගේ frame එක පැරණි frames කඩනවා .ඒක වැඩක් .ඒ වැඩේ සිහියෙන් කරන වැඩක් .අසන්ධිමිත්තත් ඔහු අපේ ඔලුවේ තිබු frames ගොඩක් කඩන ෆිල්ම් එකක් .අසන්ධිමිත්තා ෆිල්ම් එකේ real එකයි fiction එකයි එකට ගේනවා .හරියට salvador dali ගේ චිත්‍ර වගේ මටනම් . dali ත් මේ දෙක( real එකයි fiction එකයි) එකතු කරනවා අපූරුවට .ෆිල්ම් එකේදී මෙන්න මේ විකී කියන චරිතය අපට සමකාලින පිරිමියාගේ ද්විත්ව රංගනය දිහාවට අල්ලන කැඩපතක් වගේ .ඒ කැඩපතෙන් අපි හැමෝම පේන්න සලස්වන එක තමයි හඳගම කරන්නේ .විකී වගේමයි ගොඩක් පිරිමි. 

විකීට පුළුවන් ඕනේ පොළොවක පැල වෙන්න ..ආදරවන්තයෙක් වෙන්නත් පුළුවන් .විදග්ධ පුද්ගලයෙක් වෙන්නත් පුළුවන් .සෙනෙහෙබර තාත්තෙක් වෙන්නත් පුළුවන් .කැපකිරීම් කරන කෙනෙක් වෙන්නත් පුළුවන් .අහිංසක මනුස්සයෙක් වෙන්නත් පුළුවන් .චන්ඩියෙක් වගේ වෙන්නත් පුළුවන් .හැබැයි මේ ඔක්කොම රංගනයන් ඉතාම සිහියෙන් ඒ කියන්නේ දැනුවත්ව කරන රගපෑම් .ඒක නරුම තක්කඩි රගපෑමක් .එක තැනක අසන්ධිමිත්තා අහනවා "ඔයා මට රූකඩයක් වෙනවද කියල" විකී ඇත්තටම රූකඩයක් වගේ රූපාන්තරණය වෙනවා .එය දැනගෙන දුර්වල වීම පිරිමි දේශපාලනයේ කැත ඇත්තක් .ජිවිත කාලයටම මේ දැනගෙන දුර්වල වීමේ පිරිමි උපාය ගොඩක් ස්ත්‍රීන් කේදවාචකයකට අරන් යනවා .පිරිමි හදපු භාෂාවකින් ගොඩක් අසන්ධිමිත්තලා අහුවෙනවා .විකි මෙතැනදී වචන ඇතුළේ අසන්ධිමිත්තා අවමානුෂික කරන්නේ ලස්සනට කැටයම් කරලා .ඒ තරමට ඔහුට පුළුවන් දේවල් සදාරනිකරණය කරන්න .ඔහු දන්නවා ඔහු කරන්නේ කුමක්ද කියා හොඳටම ඔහු දන්නවා ඔහු නරුමයෙක් කියා .මේ විකිගේ නරුම කම එක්ක අසන්ධිමිත්තට අනන්‍ය වන්න වෙන්නේ ඇයි ?විකිගේ දෘශ්‍යමාන යථාර්තය ඇත්තක් කියල බාරගන්න අස්න්ධිමිත්තල සමහර විට කැමැත්තෙනුත් ඇති .අකමත්තෙනුත් ඇති .කොහොමහරි විකිල ගේම ගහනවා .අපි දන්නවා නුතන යුගයයෙන් (modern era )පස්සේ විශ්වාසය බිඳ වැටුණු සමාජයක වීකිලට අවස්ථාව හම්බවෙනවා .ආර්ථික පැවැත්ම අතින් සාර්ථක වන තරමටම අපි මනුස්සයන් වන්නේ නෑ .මනුස්සයන් උනාම සංකේත වටිනාකම් එක්ක ජීවිතය share කරගන්න ඕනේ .මනුස්සයෙකුට තවත් මනුස්සයෙක් මුණ ගැහෙන්න ඕනේ .ආදරය රාත්තඉල්වලින් මනින්න ගියාම අපි දේවල් බවට පත්වෙලා ඉවරයි .ආදරයේ බර මනින්න පුලුවන්ද ?ඩමී මනුෂ්‍යත්වයෙන් පිරි හර්ද ශාක්ෂිය අපි ගණිකා වෘත්තියේ යොදවමින් ඉන්නවා ලඟම කෙනා අපෙන් මගහැරෙමින් ඉන්නවා.ඝණ වූ සියලු දේවල් වාෂ්ප කරගනිමින් ඉන්නවා . අනාගතය අනාගතයට අයිති දෙයක් නොව වර්තමානයට අයිති දෙයක් බව ( future is today) ඩයලොග් කොම්පැනිය අපට කියාදෙමින් ඉන්නවා .මෙහෙම ව්‍යුහාත්මක සමාජයක විකිලගේ ද්විත්ව රංගනය අහම්බයක් නොව අනිවාර්යයකි . විකී රූකඩයක් වෙලා අසන්ධිමිත්තා කේදවාචකයක් දක්වා අරන් යන්නේ විකිගේ ඊ ළඟ පියවර තබමින් .අන්තිමේදී විකිලා වගේ පිරිමි නිසා ජීවිතයෙන් වන්දි ගෙවන අසන්ධිමිත්තා ෆිල්ම් එක බලන අප හැමෝටම වරදකාරී හැගීමක් ඉතුරුකරලා එල්ලුම්ගහට යනවා .ඇගේ හිනාවේ හැඟවුම තේරෙනකොට ගොඩක් අස්න්ධිමිත්තල ජිවිතයෙන් වන්දි ගෙවල ඉවරයි .
ප්‍රගීත් රත්නායක


No comments:

Post a Comment

Texts

ආතති මුක්තය