Wednesday, June 19, 2019

Ambient art

හඳුනාගත් අනුග්‍රාහකයකු මගින් භාණ්ඩ හා සේවා ප්‍රවර්ධනය කිරීමේ අපෞද්ගලික සන්නිවේදනය වෙළෙඳ දැන්වීම්කරණය ලෙස ෆිලිප් කොට්ලර් විග්‍රහ කරයි. ඒ අනුව අපෞද්ගලික සන්නිවේදනය එනම් පොදු සන්නිවේදනය ජනමාධ්‍ය ඇසුරෙහි සිදු වේ. එකවර ග්‍රාහකයන් විශාල සංඛ්‍යාවක් ආමන්ත්‍රණය කිරීමේ හැකියාව ඇති නිසා මුද්‍රිත හා විද්‍යුත් යන ප්‍රවර්ග ජනමාධ්‍ය ලෙස හඳුන්වයි. එහි දී පුවත්පත්, අත්පත්‍රිකා, ගුවන්විදුලි, රූපවාහිනී ඒ ඒ ජනමාධ්‍ය ප්‍රවර්ග යටතේ පෙන්වා දිය හැකිය. සමාජ මාධ්‍ය ජාලයන් ද නව මාධ්‍ය කාරකයක් ලෙස වේදිකාවක් තනාගෙන ඇත.

යට කී සියලු මාධ්‍ය, දැන්වීම්කරණයෙහි තම තමන්ට උරුම ලක්ෂණ අනුව තම ශක්‍යතාවන් පළට කිරීමට උත්සුක වෙයි. ඒ සඳහා ඔවුහු මානව සම්පත, සංගීතය, වර්ණ , අක්ෂර ආදී විවිධාකාර සාධක උපයෝගී කර ගනී. එහි දී ඔවුන්ගේ මූලික අපේක්ෂාව වන්නේ පාරිභෝගිකයාගේ අවධානය සැණින් එසැණින් තම නිෂ්පාදනය වෙත නතු කර ගැනීමයි. වෙළෙඳ දැන්වීම්කරණය තුළ 'පාරිභෝගික අවධානය' විශේෂතම සාධකයයි. පාරිභෝගිකයාට මානසික වශයෙන් සජීවී අත්දැකීමක් ලබා දීම එකී 'අවධානය' තීව්‍ර කිරීමට ගත හැකි තීක්ෂණම උපක්‍රමයකි. 

Ambient art ක්‍රමය කරළියට පැමිණෙන්නේ එතැනදීය. එසේනම් ambient art යනු කුමක්ද. එය වෙළෙඳ  දැන්වීම්කරණයේ නව ප්‍රවණතාවක් වන අතර පාරිභෝගිකයා ධනාත්මක පෙළඹවීමකට ලක් කරයි. එම ක්‍රමය දෘෂ්‍ය කලාවට (visual art) වැඩි නැඹුරුවක් දක්වයි. ඉතාම සරළව කියනවා නම් " පොදු අවකාශයක ඇති දෙයක අයිතිය ලබා ගෙන එහි පවතින ස්වරූපය තම නිෂ්පාදනයේ ස්වරූපයට අවැසි ලෙසට සකසා ගනිමින් ආකර්ෂණීය සංකල්පයන් බිහි කිරීමයි."

මේ නිර්මාණයකරණය බොහෝවිට සිදුවන්නේ ඒ ඒ නිෂ්පාදනය අළලා එක් ස්ථානයක විය හැකිය. එවිට, අදාළ නිෂ්පාදනය  ඒ ඒ අවකාශයට විශේෂීකරණය වී පවතී. සජීවී බව උද්දීපනය කිරීමට එම ක්‍රියා කලාපය ද වැදගත් වෙයි. ක්ෂණ ඇසිල්ලකින් පාරිභෝගික මනස ස්පර්ශ කිරීමට මෙකී දෘෂ්‍ය සන්නිවේදන විධි ක්‍රමයට බරපතළ බලපෑමක් කළ හැකි බව මෙයින් පැහැදිලි වේ. 







No comments:

Post a Comment

Texts

ආතති මුක්තය