Sunday, May 17, 2020

Hieronymous Bosch


Hieronymous Bosch - Bosch යනුවෙන් ඔහුගේ සිතුවම් ගණනාවකට අත්සන් කළේ ය. ඔහු පිළිබඳව ලිපි හෝ වෙනත් ලියවිලි ඉතිරි වී නොමැති බැවින් ඔහුගේ කලාව පිළිබඳව හෝ සිතුවිලි පිළිබඳව තබා උපන්දිනය ද නිශ්චිතව සඳහන් නැත. ඔහුගේ ජීවිත කාලය පුරාවට චිත්‍ර ශිල්පියෙකු ලෙස ජනප්‍රියව සිටියේ ය.
The garden of earthly delights නම් සිතුවම නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ගත් විට එය අතිශය කතාබහට ලක් වූ සිතුවමකි. එහි නිරූපණය වන උද්‍යානය ආශ්චර්යමත් පරිකල්පනයකි. එය පුවරු තුනකින් යුක්ත සිතුවමකි. සියුම් ලෙස වර්ණ ගැන්වීම සටහන් කළ එය කොටස් තුනකින් යුක්තව සංරචනයක යෙදුණු අයුරු වෙන වෙනම සහ එකට ගෙන අධ්‍යයනය කළ හැකිය. එම සිතුවමේ වම් පස පුවරුවෙන් දෙවියන්වහන්සේ ආදම්ට ඒව මුණගැස්වීම නිරූපණය කරයි. මැද සිතුවමේ පාරාදීසයයි. එහි සතුන් අමුතු, පුදුම සහගත සතුන්, පළතුරු, කුරුල්ලන් සහ ප්‍රීතිමත් බව හඟවන දේවල් වලින් යුක්තව නිරූපණය කර ඇත. දකුණු පස පුවරුවෙන් නිරය නිරූපණය කරයි. අඳුරු පැහැ වර්ණයෙන් වන එම පුවරුවේ දඬුවම් පැනවීම දක්වා ඇත. ඉතා සියුම් ලෙස සිනිඳු මතුපිටක කළ නිර්මාණයකි. එය Bosch ගැන කරන සංවාදයක දිගුවක් ලෙස විග්‍රහ කළ හැකිය.
බෝෂ්ගේ කලාව පිළිබඳව මුල් කාල වල අර්ථ දැක්වීම සහ පසුකාලීන අර්ථ දැක්වීම් වල පැහැදිලි වෙනසක් වේ. මධ්‍යකාලීන මිථ්‍යාදෘෂ්ටික භාවිතයන් සහ විශ්වාස පද්ධතීන් නඩත්තු කිරීමක් ලෙස ද හුදෙක් විනෝදය සඳහා භාවිත කළ නිර්මාණ ලෙස ද මෙය එක් එක් යුග වල අර්ථ නිෂ්පාදනය කර ඇත. එම සිතුවම් වල ඇති සිහිනලෝක වලින් ඔහු නපුරු සහ සොඳුරු සිහින මවන්නෙක් ලෙස හැඳිනගත හැකියි. 17 වන සියවස අග භාගයේ ඔහුගේ කෘති විස්තර කෙරුණේ පුදුමාකාර හා අමුතු මනඃකල්පිතයන් ලෙසය. පසුකාලීනව එය ආගමික නිරූපණයන් ලෙස ප්‍රවර්ග කිරීම සහ සාහිත්‍ය හා දේශනා වල ස්වරූපයක් ගත් බව සහ එතරම් ගැඹුරු වැදගත්කමක් දිය යුතු නැති ලෙස පසෙකින් තබයි. ඔහුගේ සිතුවම් වාචික රූපක වල දෘශ්‍ය පරිවර්තනයක් ලෙස බහුශ්‍රැත බවක් නැති ප්‍රභවයක තබා කතා බහ කිරීම එසේ සිදු විය. මධ්‍යකාලීන පල්ලිය විසින් පාපයක් ලෙස හෙළා දකින දේ ඔහු සිතුවමට නැඟීමට අපූර්ව ලෙස පරිකල්පනය කරයි.
එම සිතුවම් නිර්මාණය කිරීමේ දී ඔහු භාවිතා කරන ශිල්පීය තාක්ෂණය ඉතා සියුම් ය. යථා ලෝකයේ මුණ නොගැසෙන සතුන් මිනිසුන් සහ බොහෝ රූප අපට දැකගන්නට සලස්වා තිබීම විශේෂයි.






No comments:

Post a Comment

Texts

ආතති මුක්තය