Sunday, May 17, 2020

කලාව හා සංස්කෘතික පසුබිම


කලාව අගය කිරීමේ දී, විචාරය කිරීමේ දී  හෝ තේරුම් ගැනීමට උත්සහ කිරීමේ දී විවිධ දෘෂ්ටි කෝණයන් තිබිය හැකියි. එයට සංස්කෘතික පසුබිම, පෞද්ගලික දෘශ්ටිකෝණය හා ඓතිහාසික කාල රේඛය ආදීන්ගේ බලපෑම ඇති විය හැකියි. එක් සංස්කෘතික පසුබිමක සිට තවත් සංස්කෘතික පසුබිමක කලාව තේරුම් ගැනීම යම් සංකීර්ණත්වයක් පෙන්වයි. එහි දී දෘශ්ටිකෝණය යන්න කලාකෘතියක අවකාශයීය සම්බන්ධතාව කෙසේද යන්න විග්‍රහ කිරීමට යොදා ගනී.
සංස්කෘතික දෘශ්ටිකෝණය ලෙසින් ගත් විට සංස්කෘතිය යනු සංකල්පයන් බව, එය ජීවිතයට බලපෑම් කිරීම සහ අත්දැකීම් ඇති කරන බව වටහාගත හැකියි. මූලික වශයෙන් සංස්කෘතිය එතරම් කාරණා සමූහයක් නොවේ. එය ක්‍රියාවලියක් ලෙස භාවිතයන් සමූහයකි. සමාජ සංස්කෘතික ආකල්ප යම් සමාජ කණ්ඩායමක පිරිස අතර අර්ථයන් නිෂ්පාදනය කිරීම, හුවමාරු කර ගැනීම සහ සහභාගී වන්නන්ගේ අර්ථ නිරූපණය මත රඳා පවතී. ඒ අනුව රටක ජීවත් වීමේ, හැදී වැඩීමේ ක්‍රියාවලිය සමඟ එම අර්ථයෙන් සමාජ ආකල්ප දැරීමේ හෝ ප්‍රතික්ෂේප කිරීමේ මඟ සලසයි. එනම් එය ලෝකයේ රටවල් වලට අදාළ දෘශ්ටිකෝණයන්ට දායක වන හෝ නොවන බවයි. රටවල් වල වෙනස්කම් අතරට ප්‍රධාන වශයෙන් මෙම සංකල්පමය බලපෑම ඇති වී එය විශාල ලෙස සන්දර්භයට බලපායි. ඒ සමඟම එය රටක නිෂ්පාදනය වන කලා කෘති කෙරෙහි ඍජු සම්බන්ධතාවක් ඇති කරයි.
ඕනෑම සංස්කෘතික සන්දර්භයක සිට ගත්තද 'සංස්කෘතිය' විශේෂයෙන් දෘශ්‍ය කලාවේ දී සංස්කෘතිය ලෙස 'අර්ථයන්' සඳහා දායක වේ. විශ්වීය අර්ථය නොවන තැන්හි දී සංස්කෘතිය උසස් කරන බොහෝ අවස්ථා වල සංස්කෘතිය ගොඩනැංවීමට දායක වන අතර එය පෞද්ගලික දෘශ්ටිකෝණයට බලපෑම් කරයි. පුද්ගලයෙකුගේ ස්වදේශීය පාරිසරික හා සමාජ බලපෑම සමඟ තවත් ප්‍රදේශයන් දෙස බැලීම උගහටය. එය ලෝක දෘශ්ටිකෝණය කෙරෙහි එක් සමාජයක් හා සංස්කෘතියක් දක්වන අසම්පූර්ණ වූ අර්ථ නිරූපණයක් විය හැකිය.
බොහෝවිට ඇතැම් කලාකරුවන් සංස්කෘතික ප්‍රකාශනය ඔවුන්ගේ කාර්‍යයේ ස්වාභාවික කොටසක් ලෙස භාවිතා කරයි. එනම් එය ප්‍රාදේශීය සංස්කෘතීන් තුළ අන්තර්ගත වී ඇති බැවිනි. නමුත් එය දැනුවත්ව ඛණ්ඩනය කරන්නක් සේම ඒකාබද්ධ කරන අවස්ථා ද දැකගත හැකියි. ඉතිහාසය පුරාවට කලාව හා සංස්කෘතිය සමාජ පරිණාමයේ කොටසකි. පරම්පරා ගණනාවල් ඔස්සේ සහ ඒ අතර සම්බන්ධතා සාදමින් ප්‍රකාශන මිනිසුන් අතරට ගෙන යයි. සංස්කෘතික සමාජයේ ගොඩනැංවීමට හා සංවර්ධනයට බලපාන අතර එයට බාධා කිරීමට, දිශාව වෙනස් කිරීමට හෝ ස්ථාවර කිරීමේ හෝ පුළුල් කිරීමේ හැකියාව කලාව සතුව පවතී. 
මිනිසුන්ගේ ආකල්ප වලට, ශරීරයට ඍජුවම සම්බන්ධ කළ හැකි තත්ත්වයන් කලාවට පවතී. එමඟින් සිදු වන්නේ වෙනත් ආකාර වල සන්නිවේදනයන්ට වඩා මනෝභාවයන් කෙරෙහි ළඟා වීමේ අවස්ථාව උදා වී ගැඹුරු ලෙස වෙනස් කිරීමට හැකි වීමයි. ලෝකයේ බොහෝ මිනිසුන්ගේ ආධ්‍යාත්මික විශ්වාස පද්ධතිය සමඟ කලාව හා සංස්කෘතිය වඩාත් සමීපව බැඳී පවතින අතර එය දේශීයව ලබාගත් අවබෝධයකි. එමෙන්ම විශාල පරාසයක මුදුන් මුල් දුවා ඇති විශ්වාස පද්ධතීන් පවා බිඳ දැමීමට ඇතැම් කලාකෘති කලා ඉතිහාසයේ පමණක් නොව සමකාලීන කලාවේ ද දැකගත හැකියි.

No comments:

Post a Comment

Texts

ආතති මුක්තය