Sunday, May 17, 2020

එය විශ්වීය හුදකලාවකි.

'තනිකම' යනු මිනිස් සම්බන්ධතාව ගැන මිස සමීපත්වය ගැන නොවන වග අප සියලු දෙනා අත්දැකීමෙන් දන්නා කරුණකි.නිර්මාණ ශිල්පීන්ට 'තනිකම' කියන්නෙ විශාල පරාසයක විහිදෙන වස්තු විෂයකි. ඒ අතර චිත්‍ර ශිල්පීන්, කවීන්, නවකතාකරුවන්, ගීත රචකයන් ආදීන් වෙයි. මෙම විශ්වව්‍යාපී සංකල්පය තව දුරටත් සිදු වෙමින් පවතින නොනවතින දෙයක් බව නිරන්තරයෙන් පසක් කරමින් සිටිනවා.
මෙලෙස නිර්මාණකරණයේ නියුක්ත වූ දෘශ්‍ය කලා ශිල්පීන් අතර එඩ්වඩ් හොපර්, පොප් කලා ශිල්පී ඇන්ඩි වෝර්හෝල්ගේ චිත්‍ර, එඩ්වාඩ් මුන්ච්ගේ කෘති ආදිය පිළිබඳව ඇත්තේ තනිකම පිළිබඳව වන දිගුවකි. මෙවන් මානසික කාරණාවක් සඳහා විප්‍රයෝගය, ආදරය ආදී හැඟීම් හේතු වන අතර, 'තනිකම' මහා කලාව සඳහා පූර්ව අවශ්‍යතාවක් ද යන්න ප්‍රශ්න කළ හැකිය. එහිදී පිළිතුරක් ලෙස නිර්මාණ ශිල්පියාගේ ආත්මය මුණගැසීම නවතාලිය නොහැක. එසේම ඔවුන් ආශා කරන සන්සුන් නොසන්සුන්කාරී තත්ත්වයක් ද වනු ඇත.

චිත්‍ර ශිල්පී එඩ්වඩ් හොපර් ගේ (1882) කලාකෘති පිරික්සීමේ දී 'තනිකම' නිරූපණය කිරීම සඳහා විවිධ උපක්‍රම භාවිත කර ඇත. හුදෙකලාව හිඳ කල්පනා කරන, සිතමින් සිටින මිනිසුන් හිස් අවකාශවල ඇත. සංරචනය කිරීමේ දී හා වර්ණ කිරීමේ දී එම හිස් බව ඇති කිරීමට ඔහුට හැකියාව ලැබී තිබේ.
 ඔහු නාගරික ජීවිතයේ තනිකම නිරූපණය කිරීමේ අවස්ථාවන් එකිනෙකින් පෙන්වයි. අභ්‍යන්තර මනෝභාවයන් තුළ සිටින කෙනෙකුගේ සිතුවිලි ගැන සිතා බැලීම සාරාංශය වන අතරම සිතුවමේ පැහැදිලිවම සරල බව පිටුපස සංකීර්ණත්වයක් සහ ගැඹුරක් නිරූපිතය.

හොපර්ගේ කලාවේ ප්‍රකෝප කිරීමේ බලය ඔහුගේ විවේචනාත්මක යථාර්ථවාදයෙන් ගිලිහී යයි. ඔහුගේ කලාවෙන් සමකාලීනයන් මෙන් ම  ඉන් පරිබාහිර සිත්තරුන් පවා ආභාසය ලබා දී ඇති බව කිව හැක. විස්තර කථනයේ අඩුකම ප්‍රේක්ෂකයට අතීතයේ හා අනාගතයේ සිදුවීම් මත සම්ප්‍රේෂණය කිරීමෙන්, චරිත අතර සම්බන්ධතාවක් ඇති කිරීමට ඉඩ සලසයි. හොපර්ගේ කෘතිවලින් අප විමසන්නේ, අප සොයන්නේ කුමක්ද, අපේ ආශාව, අපේ සිහින සහ කනස්සල්ල පිළිබඳව අප සිතනවාද ආදී පෙළගැස්මකි. පුද්ගල සම්බන්ධතා ගැන මූලික ප්‍රශ්න කිරීම් ගණනාවක් එකින් එක විග්‍රහ කිරීමට ඔහුගේ කලාවට සමීප වීමෙන් සමත් විය හැකිය.

 මේ වන විට, ලෝකයේ කොරෝනා වෛරසය පැතිරීම මන්දගාමී කිරීම සඳහා, අප සමාජ දුරස්ථභාවය පුහුණු කළ යුතු බවට උපදෙස් අපට ලැබේ. නමුත් එයින් ප්‍රායෝගිකව පෙනෙන්නේ සමාජය යම් ව්‍යාකූලත්වකට මුහුණ පා ඇති බවයි. COVID-19 දැන් සම්පූර්ණයෙන්ම නව අනාගතයක් පිළිබඳ අදහසකට මුහුණ දී සිටී. ලොව පුරා රටවල් අගුලු දමා ප්‍රොටෝකෝල කඩ කරමින් සිටී. කොරෝනා වයිරසය ලැව් ගින්නක් මෙන් පැතිර යන අතර, ඒ සමඟ භීතිය හා නිරපේක්ෂ අවිනිශ්චිතතාවයේ හැඟීමක් ඇති වේ.

‘දුර’ සියල්ල වෙනස් කරන විට;
ආකෘතියේ විශාලතම බලපෑම ඇති කළේ සමාජ දුරස්ථභාවය, කුඩා කණ්ඩායම්, විශාල කණ්ඩායම් වශයෙන් ප්‍රසිද්ධියේ නොපැමිණීම ආදී වශයෙන් වුව ද එය විශ්වීය හුදකලාවකි. “සෑම පරම්පරාවකටම කාර්යභාරයක් පැවරී තිබේ." එනම් සමාජයෙන් වෙන්ව තනිව සිටීමයි.ඉතින් අපගේ නව  දුරස්ථ ලෝකය තුළ කුමක්ද අපට ගොඩනැගිය හැක්කේ ? එනම් වැඩිදියුණු කරන ලද මානව සම්බන්ධතාවයි. අපගේ මිතුරන්ගෙන් සහ අපගේ පවුල්වලින් කායිකව දුරස්ථ වීමට අපට උපදෙස් දී ඇති නමුත්, එය අපගේ ජීවිතයේ වැදගත්ම සබඳතා සඳහා විශාල හානියක් විය හැකිද? නැත. දුර සම්බන්ධතාවක සරල විසඳුම් සොයා ගැනීමෙන් අපට එකිනෙකා වෙත ආපසු යා හැකිය. නව නිර්දේශ සහ සීමාවන් අතර, සමාජ දුරස්ථභාවය ඇතුළත් වීම අපගේ සම්බන්ධතාවලට විශාල හානියක් කළ නොහැකිය. අපට සමබරතාව පවත්වා ගැනීමට අවශ්‍ය නම්, අප සවිඥානික විය යුතු අතර එය වේගයෙන් කිරීමට අපි උත්සාහ කරමු.



No comments:

Post a Comment

Texts

ආතති මුක්තය