චිත්‍ර කලාවේ මොන්ටාජ්කරණය සුජිත් රත්නායක
montage යන යෙදුම සිනමාව සම්බන්ධව උපත ලබන්නක් .නිරුත්තිය්ය එතන උනාට චිත්‍ර කලාවට ඒක සම්බන්ධ වන්නේ තාක්ෂණික වැඩකට එහා ගිය කතාවක් හදන්න .ලංකාවේ 90 දශකය තුළ චිත්‍රයේ දේශයට සංකල්පීයව ,තාක්ෂණිකව ,වෙනස්වන්න බලපෑම් කරපු කාලයක් .විශේෂයෙන් ඇකඩමියාවෙන් පිට දීප්ති කුමාර ගුණරතන ඇතුළු කණ්ඩායම සමාජයට ගෙනාපු නිර්දය විවේචනය එහෙම වෙනස්වන්න හේතු උනා කියල මට හිතෙන්නේ .විසංයෝජනය වගේ සංකල්පයක් දෘශ්‍ය කලාවේදී ගන්නේ කොහොමද කියල සාකච්ඡා කරපු කෘතියක් තමයි "කලාව සහ විසංයෝජනය "පොත .90 දශකයේ කලාත්මක සමාජයට විසංයෝජනය යෝජනා කරන එකම රැඩිකල් වැඩක් .මේ කතිකාව හරහා කොළඹ කලා සංස්කෘතිය එකතරා විදියකට intelectual උනා . සුජිත් රත්නායක කියන සාධකය කොළඹ කලා කතිකාව තුළ වැඩකරමින් සිටින මොහොතක මේ පසුබිම හරහා තමන්ගේ අත්සන හැමාතින්ම සටහන් කරනවා .90 දශකයේ වැඩකරපු සමහරුන්ට කෘතියත් සමග ඓන්ද්රිය සම්බන්ධයක් නැති උනාට මහාචාර්ය ජහත් වීරසිංහ ගොඩක් අයගේ ප්‍රකාශකයා උනා .ගොඩක් අයට counter signature එක උනා .අන්තිමේදී ජහත් වීරසිංහ ඉතුරු වෙලා ගොඩක් අය නැති උනා .සමහරුන් භෞතිකව මැරුණා .සමහරු සංකේතීයව මැරුණා .සුජිත් රත්නායක හස්ත කෞශල්‍ය සහ පරිකල්පනය සිහියෙන් මෙහෙයවූවා කියල කියල මට හිතෙන්නෙම accident වුවත් ඔහු තාමත් ජීවත් වන නිසා . සුජිත්ගේ කලා භාවිතය ගැන ලොකු ඉතිහාසයක් සහ ශානාරයන් කිහිපයක් ගැන කතා කරන්න තියෙන පුළුල් වැඩක් .ඒක පසුවට තබා ඔහුගේ 'පුරහල බෝම්බයට පසු " පසු කෘතිය ගැන කතා කරමු .
Photomontage යනු ඡායාරූපයක් දෙකක් හෝ ඊට වැඩි ගණනක් නව රූපයක් බවට පත්කිරීමයි , සැකසීමයි , ප්රතිනිර්මාණය කිරීම හා සමානුපාතික ඡායාරූපයක් සෑදීමයි.''පුරහල බෝම්බයට පසු '' ශ්‍රී ලංකා දෘශ්‍ය කලා කෙතට එල්ල කරපු බෝම්බය වැනිය .සුජිත් රත්නායක විසින් ගොඩනගන ලද මෙම කෘතිය පිරිමි විසින් ගොඩනගන ලද යුද්ධයකදී ස්ත්‍රිය ස්ත්‍රිය පිලිබඳ කතාවක් කියනවා . බෝම්බය බඩේ බැඳගෙන ආවෙත් ස්ත්‍රියක් .බෝම්බයේ ඉලක්කය වුයේත් ස්ත්‍රියක් .ඔහු මෙම කෘතිය හදන්නේ සම්ප්‍රදායික චිත්‍රයක් ලෙස නෙවි මතුපිට නැරබිය හැකි පැනල් කීපයක් ලෙසින්. එවකට ජනාධිපතිනියව සිටි චන්ද්‍රිකා කුමරනතුංහ ඉලක්ක කරගෙන LTTE සාමාජිකාවක් බඩේ බෝම්බයක් බැදගෙන එන්නේ ඇයව මරන්න. එතැනදී LTTE කාන්තාව ඇතුළු පිරිසක් මැරෙනවා .ජන්ධිපතිනිය බේරෙනවා .මේ සිද්දිය ආශ්‍රයෙන් සුජිත් එකලස් කරන රූප පෙළ මොන්ටජ්කරණයක් ලෙස අපට පේන්න ගන්නවා .ශිල්පියාගේ ඡායාරුපය හැර අනෙක් සියලුම ඡායාරුප කාන්තා රූප .බෝම්බය රැගෙන ආ කාන්තාවගේ සහ ජන්ධිපතිනියගේ රූපයත් ඔහුගේ සමකාලීන යෙහෙළියන්ගේ රූපත් එකලග එකට තියා කතාවක් කියන්න හදනවා .මේ එකලස් කරන වැඩේ කතාවක් හදනවා .මෙතනද්දී ඔහු දෘශ්‍ය කලා කෘතියක් හදන්නේ .දේශපාලනයේ හෙජමොනිය විසින් සමස්ත ජනතාවක් අවමානුෂික කරන එක සුජිත් ඡායාරුප එකලස් කරලා හදන මොන්ටාජ් එක ඉස්සරහට අපි ඔක්කොම කැඳවනවා .මේ භාවිතය ලංකාව තුළ සටහන් කිරීමේ කතෘත්වය සුජිත්ට හිමිවිය යුතයි කියා මම යෝජනා කරන්නේ මෙම කෘතිය විසින් කලාවේ බහුත්ව කියවීමක් කරන්න මග පාදන නිසා .එය තාක්ෂණික මෙන්ම දෘෂ්ඨිවාදී පොලාපැනීමක් ලෙස ඉතිහාසයේ MARK වෙලා අවසානයි .සුජිත්ගේ කලා භාවිතය නොනවතින අරගලයක් .නොනවතින සෞන්දර්යයක් . නොනවතින වැඩබිමක් .නොනවතින ගමන් කිරීමක් .
No comments:
Post a Comment