Friday, March 29, 2019

සමකාලීන කලාව

සමකාලීන කලාව 

මේ මොහොත එසේත් නැතිනම් අප පසු කරන ඉතාම කිට්ටු කාලය තුළ නිෂ්පාදනය කරන කලාකෘති හැඳින්වීම සඳහා සමකාලීන කලාව යන පදය භාවිතයට ගැනේ .1970 දශකයේ සිට මේ මොහොත දක්වා කාල රේඛීයව සමකාලීන මොහොත වෙන්කර හඳුනාගත හැකි බව පෙන්වා දෙයි .මේ මොහොතේ ජීවත්ව සිටිමින් සහ එසේ එසේ නිෂ්පාදනය කරනු ලබන නිර්මාණ මෙම වර්ගීකරණයට ඇතුලත් වන අතර වර්තමානයේ ජීවත් වන සියලු නිර්මාණ කරුවන් සමකාලීන ශිල්පීන් ද යන්න ගැටළුවක් තිබේ .සංකල්පීයව විෂයට අදාලව ගොඩනගන සිද්දාන්තමය දැනුමත් ප්‍රායෝගික දැනුමත් මත සමකාලීන කලාවේ ධාරිතාව තීරණය වේ .අදහස් සහ න්‍යායන් සමකාලීන කලාවේ මුඛ්‍ය අංගයන්ය .සම්මිශ්‍රිත සංස්කෘතීන්ගේ සහ කලාවන්ගේ වැඩබිමක් වූ සමකාලීන කලාව චිත්‍රයද ,මුර්තියද යන සීමා සහිත අදහස දෘශ්‍ය කලාව ලෙස බහුත්ව කියවීමකට ගමන් කිරීමක් ලෙසද හඳුනාගත හැක .රූපවාහිනිය ,තාක්ෂණය ,ඩිජිටල් ,සිනමාව ,ජනමාධ්‍ය සමකාලීන කලාව පෝෂණය කරනු ලබයි .
   
කලා ඉතිහාසය තුළ 1960 දශකය යනු සමාජ දේශපාලනික හා සංස්කෘතික ගතිකයන් හරහා කලාවේ මුහුණුවර වෙනස්කරපු කාලයකි .ජනමාධ්‍ය ,වෙළඳපොල හැසිරෙන ආකාරය සහ එයට  සවිඥානික  වීමට කලාකරුවන් වගබලා ගත්හ .මේ පරිසරය තුළ චිත්‍රය ,චිත්‍ර ශිල්පියා ,කලාගාර අවකාශ ,චිත්‍ර කලා ආයතන ,කෞතුකාගාර අවකාශ පැවතිඅර්ථයට එහා ගිය තැනකින් ක්‍රියාත්මක වන පරිසරයක් උදා විය .පුළුල් සමාජ දේශපාලන ව්‍යාපාරවල සිට ව්‍යුහවාදය ,මනොවිශ්ලේෂනවාදය ,සංඥාර්තවේදය ස්ත්‍රීවාදය ,ජනප්‍රියවාදය යන විෂයන් පුළුල් වීමත් සමග පෙර පැවතියාට එහා ගිය නව තත්වයක් තුළ තමන්ගේ ප්‍රකාශනය සමකාලීන කලාව තුළ ස්ථානගත කිරීමට ශිල්පීන්ට පරිසරය උදා කළේය .මෙය නව තත්වයකි .මෙයින් විනිර්මුක්තව සමකාලීන ශිල්පීන්ට වැඩ කල නොහැකිය .කෘතිය සහ කෘතිය ගොඩනගන්නා අතර සවිඥානිකත්වය මේ තුළ ප්‍රභල ලෙස මතුවන්නට විය .නුතන යුගය තුළ  කෘතිය නිම වූ පසු ශිල්පියා එයින් ඉවත් වුවත් සමකාලීන කෘතිය තුළ ශිල්පියාගේ පෙනී සිටීම අනිවාර්ය විය .එසේත් නැතිනම් artist statement එක ප්‍රභල විය . විශ්වීය අදහස වෙනුවට සන්දර්භීය අදහස කලාකෘති එක්ක සම්බන්ද විය .වියමනක තබා කලාකෘති කියවන්න සමකාලීන කලාව අපට බලකරනවා .එය කලාව සම්බන්ධ කලින් තිබූ උත්කෘෂ්ටත්වය ,දිව්‍යමය අදහස මහපොළොවට රැගෙන ඒම සහ පාරභෞතික අදහස් ලෝකය පුපුරවා හැරීමකි . මෙවැනි පරිසයක් තුල සමකාලීන  චිත්‍රය යනු පාරිබෝගික භාණ්ඩයක් ලෙස භෞතීස්ම වන්න ගන්නවා .මේ හරහා සීමා මායිම් නැති කලාවක නිදහසේ සැරිසරන්න ආකෘතික නිදහසක් ලැබෙන අතර තවදුරටත් කෘතියක් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයන් පවා වෙනස්වනු ලබනවා .පර්යේෂණාත්මක නව්‍ය දෘශ්‍ය කලා ප්‍රවණතාවයක් ලෙස  Pop art ,Performance art ,Land art , වීඩියෝ ආර්ට් හරහා නූතන කලාව තුළ තිබූ සීමා මායිම් පුපුරවා හරිමින් නව්‍ය ආකාරයේ බහු බහුපාඨනයන් අපට අභිමුඛ  කරනවා .





1 comment:

  1. Titanium trim hair cutter for your body and skin - Titsanium Art
    The top piece of the razor blades edc titanium will titanium nipple jewelry be cut short, so be sure to make micro touch hair trimmer sure your blade is secured and ready to how to get titanium white octane go. This is babyliss nano titanium

    ReplyDelete

Texts

ආතති මුක්තය