Friday, March 29, 2019

"බොරු කරන මිනිස්සු තනි දොරක් තියෙනවට බයයි"

"බොරු කරන මිනිස්සු තනි දොරක් තියෙනවට බයයි"
මේ මොහොතේ කුටුම්භ ජීවිත සුදු පාට ගෘහ නිර්මාණාත්මක අවකාශයකට දැකල පුරුදු කෙනෙක් ලෙස අප ඉස්සරහට ගෙනල්ලා .භූපතිගේ ලියවිල්ල (script එක )මේ හැමෝගෙම ලිට්මස් පරීක්ෂාවක් මට හිතෙන්නේ .ඒක මගාරින්න බැරි තරමට අපට අනන්‍යයයි .මේ වගේ මිනිස්සු අපි අතර හොදටම දැකල පුරුදුයි .ආශාවේ වස්තුව සචිත්‍රට මුණ ගැහෙන්නේ සුරතල් බල්ලෙකුගේ අනතුරකින් .අනතුරකින් ලංකරගෙන ජීවිතමය අනතුරක දමාගන්න සමකාලීන ජීවිත හැමතිස්සෙම ඇතුළට කඩාවැටෙන හැටි මලිත් සහ භූපති ලස්සනට අල්ලගන්නවා .දැවැන්ත architectural space එකක white on white නිසා සචිත්‍රලගේ ජිවිත අඳුර සහ සම්බන්ධ ප්‍රතිපක්ෂයක් ලෙස එකට මුණ ගැසෙනවා .අපි කළුවරට බය වැඩිපුර ඉන්නේ එළියේ හින්ද . ඒ කියන්නේ අපි හැමෝම නොදන්න දේට බයයි .ස්ත්‍රිය සංකේතනය කර ගන්න බැරි අවුල සචිත්‍රට විතරක් නෙවි ගොඩක් පිරිමි ආත්මවලට පොදු කරුණක් .ඒකෙන් හෙම්බත් වන ස්ත්‍රියට තමන් ජිවත් වෙනවා කියල පෙන්නන්න තව පිරිමි එක්ක වසගකාරී විදියට ඉන්න වෙනවා .ඒක යථ නෙවි .ඒ වැඩේ දෙන්නටම වෙහෙසකරයි .ඒ අවුල තමයි මේ දෙන්නගේ ලගින්ම ඉන්න තැන වන නිදන කාමරයේදී පේන්නෙත් .නෑදෑ පුතා එක්ක සචිත්‍රගේ බිරිඳ පයින් ඇවිදගෙන එන අතර තුර වෙන කතාබහ තමයි මුළු චිත්‍ර පටයේම බොඩි එක මට හිතෙන්නේ . මුළු චිත්‍රපටයම නිහඩ ගැබුරක ජිවිතය විඳවන එකමයි කරන්නේ .අවසානයේදී නිම නොවන වර්තමානයක මේ මොහොතේ සතුට අතීතයෙන් ආනයනය කරන්නේ නැතුව පවත්වාගන්න බෑ කියල දැකල පුරුදු කෙනෙක් කියල දෙනවා .ෆිල්ම් එක අවසන් වන මොහොතේ ෆැන්ටසි ලෝකයක් හරහා මංගල දිනය මතක් කරගන්නේ අපි හැම තිස්සෙම යථ මගහැරල ෆැන්ටසියම නැවත යථ බවට පත්කරගනිමිනි .මේ මොහොතේ සතුට කියන්නේ ම යථ මගහැර ෆැන්ටසියක් මවා ගැනීමයි .
ප්‍රගීත් රත්නායක


No comments:

Post a Comment

Texts

ආතති මුක්තය