මෙහෙමයි. මුලින්ම ළමයින්ගේ පරිකල්පන ලෝකය තේරුම් ගන්න වෙනවා. ඒ කියන්නේ ඔවුන් වටා තිබෙන සංකේත ලෝකය තේරුම් ගන්න වෙනවා. ඔවුන්ගේ සංකේත ලෝකය පුළුල් වෙන්න පුළුල් වෙන්න පරිකල්පන ලෝකයේ සීමාව පුළුල් වෙනවා. විශේෂයෙන්ම ළමයින්ගේ ලෝකයේ සතුට වැඩියි. මන්ද ඔවුන් සිතන පතන කිසිම දෙයක් කප්පාදු කරන්නේ නෑ, වැඩිහිටියෝ වගේ. ඒ කියන්නේ සංස්කරණය වූ සිතුවිලි නෑ. රූප පිරිසිදු විදියට එකට සමපාත වෙනවා. උදාහරණයක් කියන්නම් කුඩා ළමයි පාට පෙට්ටියෙන් වැඩියෙන්ම ගන්නේ දීප්තියෙන් වැඩි වර්ණ. ශෝකජනක සිදුවීමක් වුවත් ළමයින්ට දීප්තියෙන් වැඩිම වර්ණ ඕනේ වෙනවා එය නිර්මාණය කරන්න. එම චිත්‍ර අඳින පොඩි ළමයි සමග වැඩ කරන නිසා කුඩා ළමයි හිතන විදිය ගැන අවබෝධයක් තියනවා. හරිම රසවත් ඒ ළමයි සතුට අනුභව කරන අයුරු.
ළමයින්ට චිත්‍ර උගන්වන්න පුළුවන්ද
ලෝකයේ දියුණුම වැඩේ වෙන්න ඕනේ ළමයින් සම්බන්ධව තීරණ ගැනීමයි, මම හිතන්නේ. ළමා මනසේ විද්‍යාව අනුව, එය දියුණු ආකාරයට තේරුම් නොගත්තොත් පරම්පරා ගණනාවක් මුල් අහිමි වූ පරම්පරාවක් වී බිහි වේවි. චිත්‍ර වගේ විෂයක් ළමයින්ට කොහොමද උගන්වන්නේ, මෙතැනදී මම හිතන්නේ ළමයෙකුට ඉගැන්වීමට වඩා ඒ ළමයට අදාල පරිසරය සකස් කර දීමයි සිදු විය යුත්තේ. ළමයා කලාව සම්බන්ධ පරිසරයකට ඇතුළු වී එහි සැරිසරනවා. ඔව්න්ට ඒ තුල play කරන්න ඉඩ හරින්න ඕනි. තීන්ත ඇගේ ගාගන්න, කොළ ඉරන්න, කපන්න, අලවන්න, පාට විඳින්න, පාට තවරන්න, මඩ අතගාන්න මෙන්න මේ වගේ ව්‍යුහයකට ඇතුළු කළාම ඒ ව්‍යුහයේ ගුණයන් ටික ඇගට එනවා. ඊට පස්සේ ඒ ව්‍යුහයේ ගුණයන් ඔවුන් කරපින්නා ගන්නවා. ඊට පස්සේ ඔවුන් හීන දකින්නේ ඒකෙන්.
ළමයෙකුගේ චිත්‍ර වල මොනවද තියෙන්නේ
නිදහස් ඇඳීමත් නිදහස් සිතීමත් තුල තිබෙන නිදහසමයි පොඩි ළමයින්ගේ චිත්‍ර වල තියෙන්නේ. ඒ කියන්නේ අපට එය කියන්න පුළුවන් පිරිසිදු අර්ථයෙන්ම තියනවා කියන එක. දරුවාගේ ජීවිතය කියවන කැඩපතයි චිත්‍රය.
ගෙදර බිත්ති වල ළමයි චිත්‍ර අඳින එක වැරැද්දකද
කොහොමද වැරදි වෙන්නේ. ළමයි කියන්නේ ළමයින්ට. වැඩිහිටියෝ නිසා මේ ලෝකෙට ආපු අහිංසක පිරිසිදු කොට්ටාශයක් ළමයි කියන්නේ. ඉතිං අපි දෙමව්පියන් හැටියට ඒ ළමයින්ට බිත්තිය කිළිටි කරන්න එපා කියනවා නම් ඒ වෙනුවෙන් වෙන යම් මතුපිටක් සකස්කරන්න වෙනවා. කුඩා කාලයෙන් පස්සේ ළමයා බිත්තිවල හෝ තමන්ගේ උසට සරිලන සෑම තැනකම බලි කුරුටු ගැන එක නවත්වනවා. නමුත් ඒ වයසේදී ඔවුන්ගේ ආශාව කප්පාදු කළොත් ඔවුන්ට අහිමි වන දෙයට අපිට කවදාවත් වන්දි ගෙවන්න බැරි වෙයි. කුඩාම කාලයේ රේඛා වලින් කුරුටු ගාන ළමයා පසුව වර්ණ වලින් ලස්සන චිත්‍ර හදන්න පුරුදු වන වැඩබිම තමයි ගෙදර බිත්තිය හෝ කුමන හෝ අවකාශය කියන්නේ. බිත්ති කිළිටි වුනාට ළමයා පිරිසිදු වෙනවා, දියුණු වෙනවා, සතුටු වෙනවා. බිත්ති කිලිටි වෙනවා නම් ඒ වෙනුවෙන් විකල්පයක් සකසන්න වෙනවා.
ප්‍රගීත් ඔයාට ළමයින්ට චිත්‍ර උගන්වන්න තැනක් තියනවද.
ආර්ට් තියන තැනක ඉදන් ළමයින්ට චිත්‍ර උගන්වනවා. මෙහෙමනේ, කලාවට ආශාවක් තියන අයට උත්තේජනයක් ලබා දීම වැදගත්. ඒ නිසාමයි අපි ඔවුන්ට අවකාශයක් නිර්මාණය කල යුත්තේ. උපුල් ශාන්ත සන්නස්ගල මහතාගේ රෝයල් තැප්රෝබනියන් අවකාශය ලොකු පොඩි හැමෝටම art සහ life දෙස රහක් ඇතිව බලන්න පුරුදු කරන අවකාශයක්. ඒ අවකාශය තුල තමයි the text child art academy එක පවත්වාගෙන යන්නේ.
මොනවද ළමයින් වෙනුවන් එතැන සිද්ධ වෙන්නේ.
අපි සෙනසුරාදා දවස පුරාම පොඩි ළමයින්ට art and craft කියල දෙනවා ඉය ඒ ආශ්‍රිත පරිසරය සකස් කර දෙනවා. විශේෂයෙන්ම ළමයින් දෙස ළමයින් ලෙස දකින්න උත්සහ ගන්නවා. ගොඩක් වැඩිහිටියෝ ළමයි දෙස බලන්නේ වැඩිහිටියන්ගේ මානසික ලෝකය හරහා. අපිට ළමයින්ව තෙරුම් ගන්න නම් ඔවුන් හිතන විදිය ස්පර්ශ කරන්න වෙනවා. ඒ වෙනුවෙන් අපි සුදානම්.
මේ අධ්‍යාපන ක්‍රමය තුල ළමයින්ව ත්රුම් ගන්නේ කොහොමද ?
මේ ක්‍රමය තුල ළමයින් පමණක් නොව වැඩිහිටියන් පවා තේරුම් ගන්න අමාරුයි. ක්‍රමය බලවත් වෙලා දේවල් වෙනස් කරලා තියෙන්නේ. වැඩිහිටියන්ගේ ආශාව ළමයින් තුලින් දකින්න උත්සහ ගන්න කාලයක් මේක. ඉතිං ළමයින්ගේ ළමා කාලය මේ සමාජය වැඩිහිටියන් වෙනුවෙන් තරග කරන පරපුරක් බවට පත් කරලා. සමහර දෙමව්පියන් අපේ child art academy එකට ළමයි එක්ක එන්නේ චිත්‍ර තරග වලට ඉදිරිපත් කරන්න චිත්‍ර අඳින්න උගන්වන්න කියල. තේරෙනවා නේද ප්‍රශ්නේ. තරග වලට ඉදිරිපත් කරන්න චිත්‍ර කලාවේ භාෂාවට ඇතුළු කරවන්න මට බෑ.ඒ භාෂාව පුහුණු කල අයෙකුට ඕනේ නම් තරග වලට චිත්‍ර අඳින්න පුළුවන්. ගොඩක් වැඩිහිටියන් සහ ගුරුවරුන් දන්නේ නෑ අගයන එක, මේ ළමයින් සම්බන්ධයෙන්.
No comments:
Post a Comment