Friday, April 6, 2018

යකඩ කෑලි ආර්ට් කරන මූර්ති ශිල්පියා

ප්‍රගීත් මනෝහන්ස සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයෙන් බිහිවූ හිතුවක්කාර මුර්ති ශිල්පියෙක් .ඔහුගේ මව් විෂය ඇකඩමියාව තුළ මූර්ති කලාව. ඔහු දැනට කරමින් ඉන්නේ එහිම ගුණයන් සමග එකට ගමන් කරන Assemblage (art). අඩු වැඩි වශයෙන් විශ්ව විද්‍යාලය තුළ Assemblage (art) ශිෂ්‍යයන් හට විෂයක් ලෙස ඉගැන්නුවද මනෝහන්ස තමයි මෙම විෂයේ සන්නාමය මට සිතෙන ආකාරයට. ඔහුට අබලි ද්‍රව්‍ය ,දිරා ගිය යකඩ කැබලි වගේ දේවල් ලස්සන art work. විශේෂයෙන්ම මනෝහන්ස තමයි Assemblage (art)වලට කලින් තිබුනාට වඩා වෙළඳපොල වටිනාකමක් ඇති කලේ සහ මෙම විෂය ලංකාව තුළ ජනප්‍රියත්වයට පත් කලේ. තාත්තගේ කලාව සම්බන්ධ සංකේත ලෝකය සමග මුල සිටම ඇසුරක් පැවැත්වූ මනෝහන්ස විශ්ව විද්‍යාල ජීවිතය තුළ යම්කිසි ඇකඩමික ශික්ෂණයක් ලබනවා. විශේෂම කරණය තමයි මොහු ඒ ඇකඩමික් ශික්ෂණය තුට්ටුවකට මායිම් නොකර තමන්ගේ සිතැගි කලාකෘති නිපදවීම. ඒ හැකියාව ලේසියෙන් කෙනෙකුට අත්පත් කර ගන්න බෑ කරන වැඩේ සම්බන්ධව තමන්ට විශ්වාසයක් නැති උනාම. ඒ අර්ථයෙන් මනෝහන්ස ඉදිරිගාමී චරිතයක්. තාක්ෂණික කාරනා පැත්තෙන් මනෝහන්ස අත්පත් කර ගන්නා ධාරිතාව පුළුල් නිසාමයි ඔහු Assemblage (art) වල විශිෂ්ඨයෙක් වන්නේ. ශරීර ශක්තිය, කාලය, ශ්‍රමය, ධනය තියෙන ගොඩක් අයට නැති මනොහන්සට ඇති විශේෂම දෙය තමයි චිත්ත දෛර්යය . ඒකෙන් තමයි මනෝහන්ස වැඩ කරන්නේ .ඒ එක්කම form එකත් එක්ක තිබෙන sense එක. යකඩ ගොඩවල් දැක්ක ගමන් ඔහුට ඒවා යකඩ හැටියට නෙමෙයි පේන්නේ. shapes සහ forms තමයි ඔහුව Assemblage artist කෙනෙක් දක්වා රැගෙන එන්නේ. මනොහන්සට සත්වයෙකුගේ ,මනුස්සයෙකුගේ shapes සහ froms කටපාඩම්. ඒ වගේම වේගයෙන් ඒක කියවා ගන්නවා. මනෝහන්ස වැඩකරන දීහා බලාන සිටි කෙනෙකුට මෙය අපුර්වත්වයක් නෙවි.
වස්තු විෂයන් ලෙස ඔහු සොබාවික පරිසරය ආශ්‍රයෙන් ප්‍රතිනිෂ්පාදනය කරනුයේ විවිධ සතුන්, වෙස් මුහුණු, බුද්ධ රූප, මිනිස් රූප සහ විවිධ ව්‍යවහාරික දේවල්. ඒ ඒ රුපවලට අනන්‍ය වූ චරිත ලක්ෂණ පිලිබඳ මනෝහන්සගේ පරිකල්පනය පුළුල් බැවින් එහි සාරය තබාගෙන සරලව නිම කිරීම තමයි ඔහුගේ විශේෂත්වය. සරළ වේගවත් සංරචනය නිසාම මනොහන්සගේ Assemblage (art) ලංකාව තුළ අනන්‍යතාවය තබා අවසන්. මම විශ්වාස කරන ලෙස ලෝකයේ විශාලතම කුරුල්ලෙක් Assemblage (art) විදියට නිර්මාණය වන්නේ මනොහන්සගේ අතින්. ඒ තමයි මත්තල ගුවන්තොටුපොළ වෙනුවෙන් නිර්මාණය කළ දැවැන්ත මොණරා. ඒ වගේම විශේෂිත කීපයක් තමයි පංචිකාවත්තේ ඉදිකරපු අශ්වයා, සිගප්පුරුවේ ඉදිකරන ලද දැවැන්ත ඇත්රුව. ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් කෘති මේ වනවිට සංඛ්‍යාත්මකව 3000 ක් පමණ මොහු අතින් නිම වෙලා තියෙනවා. මේ අවස්ථාවේ සස්කියා ප්‍රනාන්දු කලාගාරය විසින් ඔහුට දක්වන ලද අනුග්‍රහයද සටහන්කිරීම වැදගත්. සංකල්පීයව ඔහු එතරම් වෙහස නොවූවාට මේ කෘති අතර දැනුවත්ව හෝ නොදැනුවත්ව එවැනි කෘතිද දක්නට ඇත. උදලු තල ආශ්‍රයෙන් ඉදිකරන ලද කෘතිය මාක්ස්ගේ උගන්වන ලද "ශ්‍රමය" පිලිබඳ ලස්සන අදහසක් ගැබ් වෙනවා. මනෝහන්ස සමකාලීන සමාජය ගැන ටිකක් සිහියෙන් සිට ඔහුගේ skill එක මෙහෙයවුවනම් මට හිතෙන්නේ ඔහුගේ capacity එක තුළ ඔහු මීට වඩා බලවත්. මට හිතෙන්නේ එක්කෝ මනොහන්සට ඒ ගැන conscious නෑ. එසේ නැතිනම් ඔහු වටා සිටින අය ඔහුට එහෙම වෙන්න දෙන්නේ නෑ .මෙතරම් ධාරිතාවක් සහ සංකේත වටිනාකමක් තිබෙන අර්ටිස්ට් කෙනෙක් ඇණවුම්වලට පමණක් කලාකෘති බිහිකන්නට යන එක මේ මොහොතේ කලාව ගැනත්, කලා වෙළඳපොල ගැනත්, කලා විචාරය ගැනත්, කලා රසිකයා ගැනත් සමස්තයක් ලෙස කලා කතිකාව ගැනත් අපට යමක් සිතන්නට යමක් ඉතුරු කරයි. ජවසම්පන්න කලාකරුවාණෙනි ඉදිරියට ගමන් කරන්න.
ප්‍රගීත් රත්නායක













No comments:

Post a Comment

Texts

ආතති මුක්තය