Sunday, June 4, 2017

ලංකාවේ චිත්‍ර කලාවේ "ක්ෂතිය " "TRAUMA"

 ලංකාවේ චිත්‍ර කලාවේ "ක්ෂතිය "  "TRAUMA"


මේ ඉන්නේ දුමිත් කුලසේකර .මගේ පරම්පරාවේ දැනට ඉන්න පුරෝගාමී චිත්‍ර ශිල්පියා .යම්කිසි දෙයක් සම්බන්ධව පුරෝගාමී එහෙමත් නැත්නම් හැරවුම් ලක්ෂ්‍යය සටහන් කන්න හැමෝටම බෑ .ඒ අර්ථයෙන් දුමිත් කුලසේකරගේ අභාෂය දැනුවත්ව හෝ නොදැනුවත්ව චිත්‍රයේ දේශයට රැගෙන එන්න මාද ඇතුළුව මගේ පරම්පරාවේ සමහරුන්ද ඊ ලග පරම්පරාවේ ගොඩක් අයද පුරුදු වෙලා .ඒක එහෙම වීම අහම්බයක් නෙවි .එහෙම වීම වරදක්ද නෙවි .දුමිත් චිත්‍ර කලාව සම්බන්ධයෙන් ගොඩනගන දෘශ්‍ය සාක්ෂරතාවයත් ,අදහස් ලෝකයත් කොළඹ කලාවේ ගොඩක් අය දන්නවා .දුමිත් නිසා චිත්‍ර කලාවේ ගොඩක් දේවල් වෙනස් උනා .විශේෂයෙන්ම 43 කණ්ඩායමේ සාමාජිකයන්ගෙන් පස්සේ චිත්‍රයකට වැඩිම මිලක් අයකරන්න පුළුවන් බලය දුමිත් ගොඩනගනවා ලංකාව ඇතුලේ සහ ඉන් පිටතත් .ඒ වගේම හොඳම අමුද්‍රව්‍ය (PAINT ,CVANVAS ,BRUSHES වගේ දේවල් ) පාවිච්චි කරන්න දුමිත් කියා දෙනවා .කෘතිය ඇතුලේ සහ ඉන් පිටත දැනුම බලයක් හැටියට ගන්නේ කොහොමද කියල කියා දෙනවා .කෙකෙන් තව කෙනෙක්ට කැමති වෙන්නේ එහෙමත් නැත්නම් ආශක්ත වෙන්නේ තමන් තුළ තිබෙන අඩුවක් නිසා .දුමිත්ගේ චිත්‍රවල තිබෙන ක්ෂතිය (TRAUMA )ලංකාවේ හැමෝටම බලපෑවා මම හිතන්නේ .මනොවිශ්ලේශනීය අදහසකින් ඔහුගේ පළමු ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය  "ක්ෂතිය " කියල නම් කරන්නේ ඉතාමත් දැනුවත්ව .ලංකාවේ චිත්‍ර කලාවට ගොඩක් දුරින් තිබූ STRUCTURELISM ,PSYCHOANALYSIS වගේ විෂයන් දුමිත් ගවේෂණය කිරීම මම හිතන්නේ දුමිත්ගේ විෂය පුළුල් වන්නට බලපෑවා .ගොඩක් THEORY තිබෙන අයට සමහර වෙලාවට කැන්වස් එකේදී ඒක කියා ගන්න බෑ .ඒ වගේම  කැන්වස් එකේදී කියා ගන්න දේවල්වලට THEORY නෑ ,දුමිත් මේ දෙකේදී දැනුවත් මම හිතන්නේ . දුමිත් මේ ක්‍රමය ඇතුලේ     දේශපාලනයත් ,ආර්ට් එකත්  සහ මිනිස් සම්බන්ධාතවනුත් හොඳට අඳුරනවා කියල ඔහුගේ කෘති කියවද්දී අපට පේන්න ගන්නවා සහ ඒක මගාරින්න බැරි තත්ත්වෙකට අපව අභිමුක කරනවා කියලත් තේරෙනවා .දුමිත්ගේ චිත්‍රයට තියෙන බලය ගැන දැනගන්න පොඩි උදාහරණයක් කියන්නම් .ඔහුගේ එක චිත්‍රයක් තියෙනවා ගැහැනියක් ගැන ඇඳපු .ඔහුගේ පළමු වැනි ප්‍රදර්ශනයේදී එම චිත්‍රය  විකුනන්නේ නෑ .නමුත් ඒ චිත්‍රය විකුණන දවසක මිල දී ගන්න ලංකාවේ ගැනුම් කාරයෙක් සමග තවත්  පිටරට ගැනුම් කාරයන් තිදෙනෙක් පෝලිමේ හිටියා කියල මම දන්නවා .දුමිත්ගේ චිත්‍රය ඉදිරියේ හැම අතින්ම මේ ක්ෂතිය ඔහු තාමත් පවත්වාගෙන යනවා .ඒ නිසාම වෙන්න ඇති ඇමෙරිකාවෙන් "FULL BRIGHT " ශිෂ්‍යත්වයක් ලැබිල අවරුදු දෙකක් මාස්ටර් එකට ඇමෙරිකාවේ යන්නේ .දුමිත් මෑත කාලයේ විශ්වාස කරන්න බැරි දෙයක් කරනවා .ඒ කියන්නේ FACE BOOK ACOUNT එකක් පවත්වාගෙන යන්නේ නෑ .ඒ නිසා ඔහුගේ වැඩ ගැන මේ මොහොතේ දියුණු උපකරණයක් වූ FACE BOOK එකෙන් ගොඩක් අයට දකින්න ලැබෙන්නේ නෑ .ඒ නිසා" ඔරිජිනල්  එක වෙනුවට ඩුප්ලිකේට් එක" එලියට එන එක සත්‍යක් කියල අපට පේන්න ගන්නවා .

ප්‍රගීත් රත්නායක .







No comments:

Post a Comment

Texts

ආතති මුක්තය