Monday, June 5, 2017

'YEN' Visual Art exhibition 2017






'YEN' Visual Art exhibition 2017
කසුන් දර්ශන හා ඉන්ද්‍රචාපා රුහුනගේ විසින් අවුරුදු තුනක පමණ කාලයක් තුළ සිදුකරණ ලද පර්යේෂණ ව්‍යාපෘති ආශ්‍රයෙන් ගොඩනගන ලද 'යෙන්' (Yen) යන තේමාවෙන් නම් කරන ලද චිත්‍රකලා ප්‍රදර්ශනයක්, 2014, ජූනි 02 03,04 යන තෙදින තුළ කොළඹ 07, ලයනල් වෙන්ට් කලා මධ්‍යස්ථානයේ පිහිටි හැරල්ඩ් පීරිස් කලාගාරයේදී පැවැත්වූවා. 'නිර්ණාමික පිවිසුම' නමින් සංවිධාන ගත කණ්ඩායමක මහන්සියේ ප්‍රතිඵලයකි මෙම ප්‍රදර්ශනය. මෙම චිත්‍ර ප්‍රදර්ශනයෙන් පිළිවෙලකට ප්‍රදර්ශනයක් සංවිධානය කරන විධිය ගැන මෑත කාලයේ අපට මතක් කරන ලස්සන ප්‍රදර්ශනයක් බවයි මගේ හැගීම.ඒ පිළිවෙල ප්‍රදර්ශනයේ තිබු කැටලෝගය, කලාකෘති ප්‍රදර්ශිත ආකාරය, සමාරම්භක මොහොතේ තිබු සංවිධානාත්මක බව සහ අනෙකුත් සියළුම කාරණා එයට සාක්ෂි දරනවා. මේවා ප්‍රදර්ශනයේ කෘතියට පිටින් තිබෙන කාරනා වුවත් නැවත ඒවාම කෘතිය සමග සම්බන්ධ වෙනවා මට හිතෙන්නේ. වැදගත්ම කාරණාව තමයි මෙම ශිල්පීන් දෙදෙනාගේ සංකල්පීය කාරණා සහ තාක්ෂණික කාරණා සමග කෘතිය තුළ ගොඩනගන සම්බන්ධය. එහිදී දෙදෙනාටම වූ අනන්‍ය ලක්ෂණ දෙදෙනාව අපට වෙන් කරලා පෙන්වනවා සහ එහි ශාක්ෂරතාවය දෙදෙනා ලස්සනට විසදගෙන තියෙනවා .ඒක හරි අපූරුවට ගැලපෙන වැඩක් දෙදෙනාටම .ඒ කියන්නේ දෙන්නගේ අදහස් ලෝකයට හදන දෘශ්‍ය රූපවලට ඒ දෙදෙනාම දැනුවත් මම හිතන්නේ. ඉන්ද්‍රචාපගේ වැඩවල pop ආර්ට් වල අභාෂයක් සහිතව ඇය කතා කරන සමකාලීන ස්ත්‍රියගේ එක්තරා පැතිකඩක් නිරාවරණය කරනවා ඒ multi colours, වියුක්ත හැඩතල සහ සංරචනය එක්ක ඇයගේ කතාවේ සමතුලිතතාවයක් එක දිගට ගමන් කරනවා.
කසුන් ගේ කෘතිවල තිබෙන දැවැන්ත බව අපට කීප විදියකින් දැවැන්තයි කියල පේන්න ගන්නේ හේතු කීපයක් උඩ. විශේෂයෙන්ම කසුන් ගෙනහැර දක්වන හස්ත කෞශල්‍ය (SKILL )සුවිශේෂයි. සමහර වෙලාවකට ඔහුගේ සමස්ත වැඩේම හස්ත කෞශල්‍යයේ වැඩබිමක් වන අතරම ආයේ එහි තිබෙන සමකලීනත්වය පැරණි ආකෘතියක් ඔස්සේ ආයෙම අලුත් දෙයක් බවට පත් කරනවා. ඒක තමයි ඔහුගේ විශේෂත්වය මම හිතන්නේ. මේ මොහොත පිලිබඳ කසුන් හොඳ කියවීමක ඉන්නවා කියල මම හිතනවා .ඔහුගේ ගොඩක් කෘති මා දැක නැති උවත් මෙම කෘති ඔහුගේ විභාග ව්‍යාපෘති හා සම්බන්ධ හැදෑරීමක ප්‍රතිපලයක් වන නිසා ඒකට කරුණු තිබෙනවා ඔහු තුළ. කසුන්ගේ ආකෘතික නිදහස ඔහු සමහර විටෙක කලා ඉතිහාසයේ සමහර තැන් අපට මතක් වෙනවා. විශේෂයෙන්ම ලංකාව තුළ දුමිත් කුලසේකර ගොඩනගන ආකෘතිවල සෙවනැල්ල පේන්න තියෙනවා කියල මා විශ්වාස කරනවා සහ තවත් සහෝදර ශිල්පීන් මා සමග පැවසුවා. මා එහි වරදක් දකින්නේ නැත. මන්ද ඒ ඒ මොහොතේ නිෂ්පාදිත දැනුම අපව කියවා ගැනීමට බල කරන නිසා. කසුන් දුමිත්ගෙන් වෙනස්වන තැන සහ කසුන්, කසුන් හැටියටම ස්ථානගත වන paintingමෙම ප්‍රදර්ශන්යේම දකින්නට ලැබීම සතුටට කාරණාවක් .මම හිතන්නේ කසුන් මෙම ප්‍රදර්ශනේය්න් ඔප්පු කරන්නේ චිත්‍ර කලාවේ තාමත් oil on canvas ආධිපත්‍ය දරාගෙන පැරණි එකෙන් අරගෙන තමන්ගේ එක එකතු කරමින් සමකාලීන මොහොත පිලිබඳ තමන්ගේ දෘශ්‍ය රූප හදන විධියයි .අන්තිමේදී තමන්ගේ යැයි කියල දෙයකුත් නැත. අනන්‍යතාවය අන්යෝන්‍යයි. (IDENTITI IS RELATIONAL )කෙසේ වෙතත් කසුන් මේ වන විට සියලු ආයුධ සහිතව ඉන්න බැවින් painting එක ඉදිරියේදී කව්රුවත් වගේ නොවී ඉන්න බැරි කමක් නැති බවයි මගේ විශ්වාසය. ඒකට කාල රේඛාවේ සිහියෙන් එහා මෙහා යාම පමණක් ප්‍රමාණවත් යැයි මම විශ්වාස කරනවා .කසුන් තව අවරුදු ගානක් මම ඔයා දිහා බලන් ඉන්නවා. ගමන් කරන්න. දෙදෙනාටම ලස්සන කලාදිවියක්...!
ප්‍රගීත් රත්නායක

No comments:

Post a Comment

Texts

ආතති මුක්තය