Monday, January 29, 2018

කලා කතා 01


ලංකාවේ මේ මොහොතේ ABSTRACT ART ,ABSTRACT ART ද? අහල මම මුහුණු පොතේ POST එකක් පල කළා. එහෙම ඇහුවේ හේතුවක් උඩ. ලංකාවේ කාල රේඛීය අදහසක් ඇතුළේ එහා මෙහා යද්දී අපට ඉතිහාසය ඇතුළෙත් මේ මොහොතේත් ABSTRACT ARTIST ල මුණ ගැහෙනවා. එදා විවාදාපන්න වැඩක් හැටියට අත්හදා බැලූ ABSTRACT ART එක ලංකාවේ ආර්ට් එක ඇතුළෙ ගොඩක් අයට ලං වන්නේ ගොඩක් අයට ගුරුවරයෙක් වූ සහ වන H .A කරුණාරත්න සර් නිසාය. ඔහුට ABSTRACT අඳින්න හේතුවක් තිබුන. ඔහු ඒ සම්බන්ධ දර්ශනයක හිටියා. සෙන් බුදු දහමත් එක්ක ඒ ආශ්‍රිත හැදෑරීමත් එක්ක ඔහු හිතන විදියත් අඳින විදියත් දෙකම එකට වෙන් කරන්න බැරී තරම් සම්බන්ධයක් තිබුනා. ඔහුගෙන් පස්සේ ඒ ආශ්‍රිත වැඩ කරන ශිෂ්‍ය පරම්පරාවක් නිර්මාණය වීම ඒ මොහොතේ H.A සර් නිසා සිදු වූ විශේෂ කාරණාවක්.
එතැන සිට‍ මේ මොහොත දක්‌වා අඳින රෙඛාවේදී අපට සංජය සෙනෙවිරත්න හමු වෙනවා. සංජය සහ සංජයගේ ආර්ට් එක අපි දැන් කියවමු. කරුණාරත්න සර් වගේ භාවනානුයෝගී ආත්මීය පිරිපහදුවකින් චිත්‍ර අඳින සමාජ පසුබිමක නෙවි අප මේ ගත කරමින් ඉන්නේ. විශේෂයෙන්ම ආදරය අහිමි සමාජයක අප ජීවත් වන්නේ. වේගවත් සමාජයක අප ඉන්නේ. වෙළඳ දැන්වීම් නරඹන සමාජයක අප ඉන්නේ. මේ මොහොත හැඟවුම් කරණය කරන්න බැරි මොහොතක අප ඉන්නේ. නිශ්චිත හැඩයක් හදා ගන්න බැරි මොහොතක සංජය ඒකට අමුර්ත හැඩයක් ගේනවා .ඒක අප පුරුදු පුහුණු කළ දන්නා කියනා දෙයකට වඩා මේ මොහොතේ ඉල්ලා සිටින හැඩයක්, පැහැයක් සහ වේගයක්. ඒක සංජය ලස්සනට ග්‍රහණය කරගෙන කියල මම හිතනවා. බලන්න සංජයගේ මේ චිත්‍ර පෙළ දිහා. සංජය ගමන් කරන මිනිහෙක් (චිත්‍රය ඇතුළේ ) කියල ඔප්පු කරනවා. ඔහුගේ පළමු චිත්‍ර ප්‍රදර්ශනයටත් පෙර සිට ඔහු යම්කිසි නිදහසක් අත්පත් කර ගන්නවා චිත්‍ර ඇඳීමේදී. මම ඒක හොඳටම දන්නේ අපි දෙන්නම එකම STUDIO එකක වැඩ කළ නිසා. සංජය එක තැන කැරකුණේ නෑ. ABSTRACT එක ඇතුළෙම විවිධ රහ හැදුවා. මම හිතන්නේ සංජය ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශන 10 කට වඩා කරල තියෙනවා. ඒ ඔක්කොම ABSTRACT කියන පොදු කුලකයේ සිට වෙන වෙනම රහ වෙන්කර ගන්න පුළුවන් තත්වයේ ඒවා. ඇයි මිනිහෙක් එක දිගට එකම ව්‍යාපෘතියක් දිගේ වැඩ කරන්නේ? ඒ තමයි සංජයගේ REALISM එක. REALISM කියන්නේ මතුපිටට පේන එකම නෙවි. හිතන විදියයි REALISM කියන්නේ. මටනම් මේවා REALISM.  ABSTRACT කියල සමහරු නතර වෙලා ඉන්නේ ගෘහ නිර්මාණ අවකාශයන්වල බිත්තිවල පැහැයටත් සෝෆා එකේ පැහැයටත් එකම දෙය මාරුවෙන් මාරුවට කරන දෙයක් විදියට. මේ සංජය කියන කතාව

" නිශ්චිත හැඩ (shapes) වල පැවැත්මේ අවිනිශ්චිත බව, වෙනස් වීම, අවිශ්වාසය, මට විකාර රූපී (abstrct) සෞන්දර්යාත්මක අද්දැකීම් ලැබීමට හැකි විය. මෙහිදී මගහැරීය නොහැකි සම්බන්ධතා,රදවා ගැනීම්, වැනි පැවැත්ම වල් වල ස්වභාවය (nature) මගේ ව්‍යාකරණ තුල චිත්‍රණය වීම සහ කිරීම, කර තිබීම ඔබට දැකිය හැක.ආගම, ජාතිය, ලිංගිකත්වය වැනි සංස්කෘතික බෙදීම් වල දැඩි ස්වභාවය නිසාම අවිනිශ්චිත, අවිශ්වාසය ගොඩනැංවීම්, මගහැරීමට මගේ චිත්‍ර යටද නොහැකි විය. "
මම හිතන්නේ සංජයගේ චිත්‍රයේ මතුපිට සහ සංජය හිතන විදිය අවංකයි කියල. මානව දේහයේ ව්යුහනය සොයන්න නොගියට සමාජ දේහයේ ව්යුහනය හොඳට අල්ලනවා. සංජය විශ්වාස කරන දේ වෙනුවෙන් ඔහුට පංති කාමරය ඇතුළේ මිනිස් රූපත් එක්ක ඔට්ටු වෙන එක වෙහෙසකර වැඩක් ලෙස පේන්න ගන්නවා. ඔහු උපාධිය අතහරින්න තරම් එඩිතර වෙන්නේ ඒ මොහොත වන විටත් ඔහුගේ ABSTRACT එකත් එක්ක ඔහුට හදන අනන්‍යතාවයත් සහ වෙළඳ පොළ වටිනාකමත් එක්ක. මම හිතන්නේ සමහර දේවල් කියන්න ගොඩාක් තියරි ඕනේ නෑ. කරුණාරත්න සර් ,හැරුණු කොට ගොඩක් වැඩිහිටි ABSTRACT ARTIST ල චිත්‍රය ඇතුළේ අසමත්. ලංකාව ඇතුළේ ABSTRACT ART එකේ තරුණ ශිල්පියෙක් ලෙස සංජය මට පේන්නේ පෙරටුගාමියෙක් විදියට. ගමන් කරන්න සංජය.

ප්‍රගීත් රත්නායක.





No comments:

Post a Comment

Texts

ආතති මුක්තය