ශ්‍රේෂ්ඨතම පුනරුද සිතුවමක් ලෙස ලියනාඩෝ ඩාවින්චිගේ Last supper සිතුවම 1495-98 කාලයට අයත් කෘතියකි. එය ඉතාලි මහා පුනරුදය තුළ වූ ප්‍රමාණාත්මකව මෙන්ම ආඛ්‍යානයික වශයෙන් ද විසල් ගණයට අයත් කෘතියකි. යේසුස්ගේ ප්‍රේරිතයන් දොළොස් දෙනා විසින් යේසුස්ට ප්‍රකාශ කර ඇත්තේ ඔවුන්ගෙන් එක් අයෙකු විසින් ඔහු පාවා දෙනු ඇති බවයි.
මතුපිටින් බයිබලය තුළින් නිර්මිත කලාවක් ලෙස පෙනෙන නමුත් එහි අතිශය සංකීර්ණත්වයක් ඇත. ගණිතමය සංකේත විද්‍යාව, මානසික සංකීර්ණත්වය, පර්‍යාවලෝකනය හරහා නාභිගත කිරීම, නාට්‍යමය ආකෘතිය මෙන්ම පුනරුද සෞන්දර්ය හරහා මෙහි බයිබල් ආඛ්‍යානයෙන් පරිබාහිර දිශානතීයව වෙනසක් ඇති කරයි.
කොටින්ම කියතොත් මෙහි විමසීම, කෝපය හා අවිශ්වාසය වෙන වෙනම දර්ශන හරහා පෙන්වන අතර එය ග්‍රහණය කර ගැනීම පහසුය. මෙහි එකම පුළුල්-සන්සුන් මිනිසා ලෙස යේසුස්ගේ පෙනී සිටීම නිරූපිතය.
වෙනත් ප්‍රේරිතයන්ගෙන් වෙන්ව සිටින අතර ජූදස් කැපී පෙනෙන පුද්ගලයා වේ. එහි පාවාදීමේ සංකේතය ලෙස හඳුනාගත හැකි ලක්ෂණයන්ගෙන් යුක්තය.
ඩාවින්සිගේ කලාව කලාත්මක සම්මුතීන් වල පිහිටා නොසිට නරඹන්නා පිනිසය. එය විශාල ලෙස සංකේත පද්ධතියක් වශයෙන් වන සංඥා භාෂාවකින් ගොඩනගන ලද්දකි.
ගෝලයන් සමග ව්‍යාකූලත්වය හා කම්පනය බෙදා හදා ගැනීමේ අවස්ථාවේ දී යථාර්ථයේ දෘෂ්ටිකෝණය අල්ලාගැනීමට වෙන වෙනම ගැටලුව හඳුනා ගැනීමට කරන ලද ප්‍රයෝග රැසක් වේ. එහි දී කරුණුකාරණා ගණනාවක් උපයෝගී කරගනිමින් නුවණින් බැලීමට මග සලසීම සඳහා මෙම කෘතිය ඩාවින්චි විසින් ගොඩනගන ලදි.
No comments:
Post a Comment