Tuesday, December 15, 2020

ගෝලීය යථාර්ථය තුළ පුද්ගලවාදය සහ අද දවසේ ජීවිතය


මම වජිරගේ සිතුවම් අගය කරන්නෙකු වන අතරම දිගු කලක් මිතුරන් වී සිටිමත් නිසාම වජිර ජීවිතය සහ චිත්රය එක්ක හිතන විදිය ගැන මට යම්කිසි අදහසක් තියෙනවා. නූතන කලාවේ ව්යුහය පිළිබඳව වජිරට පැහැදිලි අදසක් තියෙන බව ඔහු සමග කතා කලාම අවබෝධ වනවා. නූතන කලාවේ ඉතිහාසය, කලාකරුවාගේ ජීවිතය, ගැලරි අවකාශය, විවේචන, ගැලරි හිමිකරුවන් සහ එකතුකරන්නන්ගේ සමාජය ගැන පමණක් නොව සමකාලීන සමාජ-සංස්කෘතික නැගිටීම් පිළිබඳ දිශානතිය ද ඔහුගේ චින්තන සීමාවට අයත් . දියුණු කතිකාවන් වර්ධනය වීමට මේ බහුවිධ සිතීම් එක්ක සැරිසැරීම වජිර දීර්ඝ කාලයක් තිස්සේ පුහුණු කරන්නෙක්. වෙනත් අයුරකින් ප්රකාශ කරන්නේනම් නූතන කලාකරුවෙකු මෙන්ම නූතන කලා දර්ශනයේ විශාරදයෙක් ලෙස ඔහු හැඳින්වූවට කම් නැත.

My Diary ,sell portrait and ideal ,Anybody Speaking words and self portrait ,Anybody speaking words and jokers cap,Life of and Autography,Autobiography,Mail thinker ,Sublime object, I will love you on Sunday ,The Greedy ,,Kottu,The dress ,watching TV, Forsaken Lands a traveler ,Master bed room,,the lipstic,Window shopping ,Late tomorrow ,The crown ,Ready made hero,Enjoyment,Lost of Passivity වජිරගේ ප්රදර්ශන කිහිපයක් සහ ඔහු සමාජගත කළ මාතෘකා කිහිපයක්. කලාව නිෂ්පාදනය කිරීමේදී කලාකරුවා සමාජ විපර්යාසයන් කෙරෙහි දක්වන ආකල්ප හා දෘෂ්ටිවාදීමය සීමාව මත ඔහුගේ ක්රියාකාරිත්වය කොතරම් භෞතිකද යන්න ඔහුගේ මෙම ප්රද්රර්ශන පෙල තීරණය කරනවා මට හිතෙන්නෙ.එය එසේ නොවන වෙනත් නිදහසක් ඔස්සේ වැඩ කරන අයිතියද ඇතිබව මා විශ්වාස කරමි.වජිර තම කෘති හරහා සමාජයට මැදිහත් වීම එක්තරා විදියක දේශපාලන කාර්යයක්.බ්රිතාන්ය යටත් විජිතවාදය තුළින් අප නූතනවාදයට නිරාවරණය වුවද නූතනවාදය ඔවුන්ගේ උරුමය පමණක් නොවේ” නූතනවාදයේ තොටිල්ලයි ප්රංශය වුවත් "යටත් විජිතවාදය යක්ෂයෙකු ලෙස පෙනුනද, ඔහු සමඟ පැමිණි දේවදූතයා අප මරා දැමිය යුතු නැත. නූතනවාදය යුරෝ කේන්ද්රීයව ස්ථාපිත කිරීම තවමත් විශ්වීය මතවාදයක් සේ පෙනුනද එය අපේ සම්ප්රදායන්ට විශාල බලපෑමක් ඇති කරනවා. එවිට නවීන සිතුවම් මහාද්වීප පුරා තේරුම් ගත හැකි ජාත්යන්තර භාෂාවක් බවට පත්වෙමින් තියෙනවා.ලංකාව දැන් බටහිර පරිවාරයට සම්බන්ධ නිසා ගෝලීය ප්රවණතා තුළින් ලංකාවෙ සමාජ අභ්යන්තරයේ සීමා ලකුණු වීමත් නිසා වජිරගේ කෘති පදනම් වන්නේ ගෝලීය යතාර්ථයක් තුළය.ගෝලීය ධනවාදී නිෂ්පාදන මාදිලිය තුළ මේ මොහොතේ පුද්ගලවාදය සහ අද දවසේ ජීවිතය ඔහු අපූරුවට ප්රකාශ කරනවා.එහෙමත් නැතිනම් මිනිසාගේ ද්රව්යවාදිඋ සිහිනය ඔහු සිත්තම් කරන්නෙ.මෙය එකතරා විදියක 90 දශකය තුළ පැනනැගුණු කලාව සම්බන්ධ නිර්මාණ කරුවන්ගේ පොදු ලක්ෂණයක් වූ සමාජ පදනම්වල බිඳ වැටීම හා කටෝර වියෝගය පදනම් කරගත් නිර්මාණ වල ප්රකාශ වන සෞන්දර්ය ,දේශපාලනික හා දාර්ශනික අර්ථවලින් වෙනස් වන නව මානයක්.
මුලදී වජිර ප්රංශයේ නව ප්රකාශන ශිල්පීන්ට බෙහෙවින් ඇලුම් කළ නමුත් පසුව ඇමරිකානු චිත්ර ශිල්පී ජීන් මයිකල් බාස්කුවට් (1960-1988) ඔහුගේ ආනුභාව ලත් මූලාශ්රය බවට පත්විය. බාස්කුවෙට්ගේ රැඩිකල් විලාසිතාව වජිරට මහත් සේ බලපෑවේය .නාගරික ග්රැෆිටි ආවේගශීලී ලෙස භාවිතා කළ අතර එවැනි නිදහස් ශෛලියකින් එය ඇමරිකානු සමාජ ජීවිතයට විනිවිද යාමට තියුණු ආයුධයක් බවට පත් විය.එය දේශපාලනික ක්රියාවක් ලෙස අපට නිවචනය කළ හැක. වර්තමානය වන විට වජිර විසින් මෙම රැඩිකල් ඇමරිකානු කලාකරුවාගේ ශෛලිය සමකාලීන ශ්රී ලාංකික සමාජ-සංස්කෘතික ජීවිතය ඉස්මතු කිරීම සඳහා තමාගේම දෘෂ්ටිකෝණයෙන් ඉදිරිපත් කිරීම නව සිතීම්වලට අපව යොමු කරන අතරම එය නව painting එකක් වන අතරම පැරණි පින්තාරුකණය කියන ක්රියාවේ ආශාව දිගට පවත්වා ගැනීමකි.වජිරගේ මෙම චිත්ර painting on painting කියල කියන්න පුලුවන් චිත්ර .
ප්රගීත් රත්නායක 2020





































Friday, November 20, 2020

තරුණ වනජීවි චිත්‍ර ශිල්පිනිය

මිනිසුන් තම පැවැත්මට අත්‍යවශ්‍ය වන සතුන් නිරූපණය කළ මුල්ම  කාලය තුළ  ඔවුන්ගේ    ප්‍රධාන විෂය වන සතුන්  විය. මෙම සිතුවම් ගුහා වල බිත්ති මත ගැඹුරින් සඟවා තිබූ අතර ඒවා ආලෝකමත් වූයේ ගින්දර සහ තෙල් ලාම්පු දැල්වීමෙනි.  ජීවන පැවැත්ම අනිවාර්‍ය වූ සමාජයක දඩයම කේන්ද්‍රීය ආහාර සම්පාදන මාර්ගය වීම හේතුවෙන් සතුන් ලඟා කර ගැනීමට මෙම සත්ව සටහන් ඇන්දා යැයි මතයක්ද පවතී.කෙසේ නමුත් මෙම රූප සඳහා සැබෑ හේතුව අපි නොදනිමු, ඒවා ඒවායේ නිර්මාතෘවරුන්ට ඉතා වැදගත් විය යුතු අතර සමහර විට යම් ආකාරයක ඉන්ද්‍රජාලික-ආගමික අර්ථයක් තිබිය හැකි බවද සඳහන් වනවා. කෙසේ වෙතත්, චිත්රවල ජීවමාන සත්වයා පිළිබඳ අවබෝධයෙන් පිරී ඇති අතර දීප්තිමත් ලෙස සරල හා සෘජු බව අපට පෙනේ. ඒවා පැහැදිලිවම සිදු කරනු ලැබුවේ ඔවුන්ගේ විෂයයන් සමීපව දන්නා අය, ඔවුන්ට අවශ්‍ය පරිදි, එවැනි සතුන් ආහාර, ඇඳුම්, තෙල් සහ තවත් බොහෝ දේ සැපයූ බැවිනි. මුල් මිනිසාගේ පැවැත්ම රඳා පවතින්නේ දඩයක්කාරයාගේ කුසලතා මත ය. 

මෙසේ ඉතිහාසයක් පසු කරගෙන ආ මිනිස්සුන්ට සතුන් වස්තු විෂය කරගෙන වනජීවි චිත්‍ර කලාව ලෙස අලුත් විෂයක් බිහි විය.ඉතාමත් සොබාවික ගුණයට ලංවෙමින් වනජීවි චිත්‍ර කලාව එසේත් නැත්නම් animals art ලෙස ලෝකයේ මේ මොහොතේත් ඇඳෙමින් ඇත.ඒ සඳහා කලාගාර සහ කෞතුකාගාර ඉදිවෙමින් ඇත.ලංකාවේද වනජීවී චිත්‍ර ශිල්පීන් එදා සිට මේ මොහොත දක්වා ද අපට හමු වනවා.ජාත්‍යන්තරයට පත් තරුණ වනජීවි චිත්‍ර ශිල්පිනියක් ලෙස Sanjeewani Wijewardhane Rathnayake අපට ඉන්න එවැනි සුවිශේෂී චරිතයක්.ඇගේ මෙම සිතුවම් සියුම්ව කියවද්දි එහි සියුම් තැන් අපව කුල්මත් කරවන තරම්.කලු සුදු තානයන් හරහා එහි සැරිසරන ඇය අපව ඡායාරූපයක දකින සත්ත්ව රූපවලට එහා ගියා කලාත්මක විඳීමකටත් එක්කගෙන යනවා.මානව රූපයක තියෙන ගුණයන් සියල්ලම සහ සමහර විටෙක ඊටත් එහා ගිය ගුණයකින් ඇය මේ දෙස දකිනවා.

ප්‍රගීත් රත්නායක 2020











Saturday, June 20, 2020

Inner beauty එක කැත ලස්සනක් ලෙස..................

තවකෙකුගේ ඇස් ඉදිරිපිට බාහිර ලස්සන යනු මුළා කිරීමක්; බොරුවක්; සත්‍යට දුරස් දෙයක්. ඔබ දෙස බලන මිනිසුන් / සමාජය විසින් ඔබ සුන්දර ලෙස සලකන්නේ නම් හෝ එසේ නැත්නම් එය සමාජයට අයත් තීරණයක් යැයි කීම නිවැරදියි. එම සමාජයීය ප්‍රමිතීන් සපුරාලීමට අපොහොසත් වන පැවැත්මක සංකීර්ණතාවට වගකිව යුතු වන්නේ ද මෙම ප්‍රමිතීන්මය. එය දෘශ්‍ය භාෂාවෙන් ප්‍රකාශ කිරීමක්  පැරඩයිස් රෝඩ් කලාගාරයේ දී මුණ ගැසුණා. එහි තිබූ,  රූප සෞන්දර්ය  කලා විශ්වවිද්‍යාලයෙන් දෘශ්‍ය කලාව පිළිබඳව ඇකඩමික පුහුණුව ලද කසුන් ගීතේන්ද්‍රගේ 'Inner Beauty' නම් සිතුවම් මාලාව . මෙහිදී වැදගත් වන්නේ මෙවන් සන්දර්භයක සිට අභ්‍යන්තර ලස්සන පිටතට ගෙන නැරඹීමට සැලැස්වීමයි. පිටත විසින්  කියවගන්නා 'අභ්‍යන්තරත්වය' සුන්දර විය හැකිද. එය පරිකල්පනය කරන කසුන් සංකල්පීව මෙන්ම තාක්ෂණිකව ජයගත් තත්ත්වයන් ඔහුගේ සිතුවමින් ප්‍රතිනිර්මාණය කරයි.

එම සිතුවම් නිර්මාණය කිරීමේ දී රූපයට හසුකරගෙන ඇති විකෘති  කරන ලද ශරීර අවයව වලින් කර ඇති සංරචනය ප්‍රබල සහ ලෙස ඍජු ලෙස සංකල්පය අවධාරණය කරයි. එම අසමමිතික සංරචනය ඇතුළෙ ඇති රූප එකින් එක වෙන වෙනම විග්‍රහ කිරීමට හැකියි. එහි ඇගිලි මස තුළ ගිලා බසින, සම, මස සිදුරු කරමින් විනිවිද යන වේදනාකාරීත්වය ද ඉදිරියට නෙරා ඇති ඇස්, පළල්ව ලෙස විවර වූ මුඛ සහ තථ්‍ය ලෝකයේ නොදකින රූප සමග සම්බන්ධ කරමින් කැත, ලස්සනට ප්‍රදර්ශනය කිරීමට ඔහුට හැකි වී තිබේ. මේ ලස්සන තමයි අද දවසේ ලස්සන හැටියට අපට මුණගැසෙන්නෙ.ඒක භාෂාවෙන් එකවර කියවගන්න බැරි ක්ෂතිමය අත්දැකීමක් .අපට දීල තියෙන පිලිවෙල ප්‍රශ්න කිරීමක්.යම්කිසි විදියක ලස්සන පිළිබඳ අදහස විසංයෝජනය කිරීමක්.සමකාලීන චිත්‍රයේ ඉන්ද්‍රා පතිගෙ මේ පොලාපැනීම අපට නිම නොවන වර්තමානයක අනන්‍යතා අර්බුදයක ලක්ෂණ  පේන්න සැලැස්වීම අපූරුයි.විශ්වීය මානව පැවැත්මක මනුස්සයාගේ මම කව්ද කියල අහන ප්‍ර්ශ්නයට ඉන්ද්‍රා පති දෙන උත්තරේ තමයි මේ. Surrealistic ආකෘතියකින් ඒ ඒ කාලවල අපට ඉතිහාසයේදී හමුවන සමහර ආර්ට් form මතක් කරවන ඉන්ද්‍රගෙ වැඩ ඇකඩමික් ඇතුළෙ ඉඳන් ඇකඩමික් වැඩ ප්‍රශ්න කිරීමක් වගේ.ඉන්ද්‍රගෙ form එක ගැන ඔහුට ලොකු විශ්වාසයක් ගොඩනගල මේ වෙද්දි .මානව රූපයේ ව්‍යූහනය සහ භාහිර අලංකරණය ඇල්ලීම වෙනුවට ඔහු අල්ලන්නේ යටිහිතේ  තමන්ට තියෙන හැඟීම.ඒක භයංකාර නිමැවුමක් වන්නෙ ඔහුගෙ වරදින් නෙවි අප සියල්ලන්ගේම ජීවන විලාශයන්වල එකතුවෙනි.හැමහැමදෙයක්ම හැම පැත්තටම ගමන් කරමින් තියෙන්නෙ.

තාක්ෂණික කාරණා ගැන කතා කරනවිට, සුදු කැන්වසය හෝ කඩදාසිය මත කලු වල තානයන්  අභ්‍යාසය කර තිබීමම මෙම ඇඳීම් (drawing) අභිබවා ගිය පින්තාරු (paintings) බවට පත්වනවා. ඇකඩමික ඇඳීම් වල ඉහළ කෞශල්‍යයක් ඇති ඔහු ඉන් ඔබ්බට සංකල්පය දෙසට ගමන් කරමින් එහි විවිධ රූප පරිකල්පනය කිරීමෙහි නිමග්න වෙමින් නැවත නැවත සිතීමට ඉඩ තබමින් රූප නිෂ්පාදනය කරයි.සමහර විටෙක චිත්‍රයක් කියන පරණ අර්ථය ඉන්ද්‍රා පසුකරමින් ඉන්නවා.කලු සුදු අලු කියන පැහැයන්වල අනේකත්ව විහිදීම අපට වර්ණ පිරුණු ලෝකයේ පණ නැති මොක්ක්දෝ අඩුවක් දැනෙන එක අමුතු එකක්.සමහර විටෙක මේ අමුත්ත නිසාම වෙන්න ඇති චිත්‍රය  ලඟටම අප කැඳවන්නෙ.එක්තරා විදියකට දුමිත් කුලසේකර මතක් කරවන ආකෘතියක් අපේ හිතේ හොල්මන් කරාට සංකල්පීයව දෙදෙනාම වෙනස්.ඉන්ද්‍රා හුදු අඳින්නෙක් විතරක්ම නෙවි කියල ඔහු අපට පසක් කරමින් සිටී.

ප්‍රගීත් රත්නායක 










Thursday, June 11, 2020

"පින්තූර අඳින " සංජීව කුමාර


ශ්‍රී ලංකාවේ සහ නෙදර්ලන්තයේ චිත්‍ර කලාව හැදෑරූ සංජීව කුමාර ඔහුගේ අධ්‍යාපනයේ බලපෑම් සමඟ පශ්චාත් යටත් විජිතකරණය පිළිබඳ විෂයට ප්‍රවේශ වෙයි. එහි දී ඔහු පුනරුදයට පෙර සහ ලන්දේසි මාස්ටර් චිත්‍ර ශිල්පීන් පිළිබඳව ගැඹුරින් විමසා බැලීමට යොමු විය. සංස්කෘතික වශයෙන් දකුණු ආසියානු, පශ්චාත් යටත් විජිත උරුමය අතර පරිකල්පනය මෙහෙයවන සංජීව කුමාර ඔහුගේ කලාව තුළ එය බලපෑ ආකාරය ගවේෂණය කරයි. ඒ පිළිබඳව ඔහුගේ පරම්පරාවේ පළමු කලාකරුවා සංජීව කුමාර ය. " ලංකාව දූපතක් නිසා හැම දිසාවෙන්ම ආ සංස්කෘතික මිශ්‍ර ලක්ෂණ (Hybridity) අපේ කම තුළ දක්නට ලැබෙනවා.මම සිතුවම් කරන විට ජනප්‍රිය හා ජනප්‍රිය නොවන ඉතිහාසයීය සංකේත හා දෘශ්‍ය රූප එකතුවක් ලෙස (pastiche ) නිදහසේ භාවිතයට ගන්නවා.මෙම පින්තූර නූතන චිත හෝ fantasy චිත්‍ර නමින් නම් කරනවට වඩා බටහිර නොවන බටහිර කලාව ලෙස හඳුනාගන්නව නම් වඩා නිවැරදියි ." සංජීව කුමාර පවසනවා. ශ්‍රී ලංකා දෘශ්‍ය කලාකරුවෙකු ලෙස ඔහුට, ජනප්‍රිය දේශීය කලාකරුවන් වන සේනක සේනානායක, එස්. එච්. සරත්, ජෝර්ජ් කීට් යන කලාකරුවන්ගේ කලාත්මක ආභාසය ලැබී ඇතැයි සිතිය හැක.. කෙසේ වෙතත්, දෙවරගම්පල සිල්වත්තැන නම් බෞද්ධ ආගමික විහාර චිත්‍ර ශිල්පියාගේ ශිල්පීය ක්‍රම සහ කලා කෘති ඔහුගේ කෘති සඳහා වඩාත් අධ්‍යයනයට ගෙන ඇත. ඔහුගේ කෘතිවල අලි ඇතුන්, මල්කම්, පාවෙන දඩයම්කරුවන්, සතුන් ආදිය සහ සියලු ආකාරයේ නිර්මාණාත්මක ලෙස කර ඇති නිරූපණයන් අතර ඒවා සිතුවම්වලට වයන එක් කරයි. සිංහල වේදිකා නාට්‍ය, ග්‍රීක මිථ්‍යා කථා, ඉන්දියානු කථා වල ආඛ්‍යාන යොදාගෙන ඇති අතර, වර්ණවත් පසුබිම් බහුල පාරාදීසයක් ගොඩ නංවයි. රූප අතර ගොඩනගන සම්බන්ධතාව සූක්ෂම ය. ඒවා 'චලනය වන’ රූප වේ. ත්‍රිමාණ ද්විමාන ආකෘති ද නිරූපණය කරයි. නිර්මාණය කිරීම සඳහා රූප පෙළක් අරමුණු කරන අතර ඔහු ඒවා අද්විතීය ස්වරූපයකට මුහු කරයි.
"සතුට" (fun) තම පින්තූරයන්හි හරය ලෙස සලකන සංජීව කුමාර ඒවා "චිත්‍ර"( painting ) ලෙස නම් කරනවාට වඩා පින්තූර(picture ) ලෙස නම් කරනවා.surrealist ලා සහ ලැකාන් එකිනෙකාට සම්බන්ධ වන තැනක් ලෙස මෙය අපට ගත හැකියි. මනසින් රසවිඳිය හැකි (abstract )අමුර්ත ගූඩ චිත්‍රයක ලක්ෂණ වලට වඩා ඇසින් හඳුනාගත හැකි විවිධ දේවල් හා විවිධ භූමි දර්ශන ඔහුගෙ පින්තූර වල තියෙනවා.අභ්‍යවකාශය හා මුහුදු යට දර්ශන හා ද්‍රව්‍ය මේ අතර විශේෂිතයි.ස්වභාවිකත්වයත් අධි ස්වභාවිකත්වයත් අතර දෙගෙඩියාවක් හෝ අවිනිශ්චිතතාවයක් නිපදවීම මගින් ඔහු හදන සෞන්දර්ය එම කෘතීන්හි විශේෂත්වයයි.ඒ නිසාම ඒවා අමුතුයි .(uncanny )ඒවාගේ ඇත්තේ චිත්‍රය නරඹන්නාගේ අව්ඥානික ආශාව.(Desire )නරඹන්නාම ච්ත්‍රයේ නිර්මාණකරුවා වීම මෙහිදී සිදුවීම විශේෂයි .
ඔහුගේ පරිකල්පනය කිරීම සහ ප්‍රතිනිර්මාණය කිරීම අතර තමන්ගේම ආකෘතියක් ඉදිරිපත් කිරීමට අවධානය යොමු කරයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ තිබූ පින්තූර, පැරණි ගෘහ භාණ්ඩ, චිත්‍ර ශිල්පීය භාෂාවෙන් නරඹන්නාට ඉදිරිපත් කිරීමට ඔහු අවධානය යොමු කරයි. සංස්කෘතීන් අතර අහඹු හා අතිශයින්ම අදාළ සම්බන්ධතාවයක් නිර්මාණය කරමින් නිෂ්පාදනය කරන ඔහුගේ පින්තූර ලෙස සැලකෙන ඔහුගේ සිතුවම් අන්තර් සම්බන්ධතාවක් ඇති කරයි.
ලංකාවේ කලා ඉතිහාසය තුළ මගාරින්න බැරි සළකුණක් තබන සංජීව කුමාර සෞන්දර්ය අධ්‍යයන ආයතනයෙන් ප්‍රථම උපාධිය ද ,නෙදර්ලන්තයෙන් ලබා ගන්නා ඩිප්ලෝමාවද පශ්චාත් උපාඩියද, ලබාගත්තෙකි.1999 අමුතු පෞරුෂත්ව නමින් කළ ප්‍රදර්ශනයත් සමග 90 දශකයේ බහුවිද ප්‍රවණතාවයේ ඔහුගේ තබන ලද මුද්‍රාව මේ වන විට භෞතික වෙමින් ඇත.දිය්ණු ගුරුවරයෙක් වන සංජීව කුමාර ගෙන් ශික්ෂණය වන ශිෂ්‍යන් චිත්‍ර කලාවේ භාෂාවට ඇතුළත් වීම අනාගත චිත්‍ර කලා වැඩබිමටකට ලොකු අස්වැසිල්ලක් වේවි.
ප්‍රගීත් රත්නායක