Sunday, May 17, 2020

මොනාලිසා තේරෙනවද?


මොනාලිසා (1503)
Oil on wood

පුනරුද කලාවේ ශ්‍රේෂ්ඨතම කලා කෘතියක් වන මොනාලිසා ලූවර් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත. සිතුවම් කලාවේ හොඳම උදාහරණය වන්නට මෙම සිතුවමට හැකි වන්නේ ඇයි? ලෝකයේ වඩාත්ම ජනප්‍රිය සිතුවමක් ලෙස මොනාලිසා සඳහා, ලෙනාඩෝගේ කෘති වලට වඩා වටිනාකමක් හිමි වන්නේ කුමක් නිසාද?
වාඩි වී සිටින මොනාලිසා ගේ පසුබිම් භූ දර්ශනය නිර්මාණය කර ඇත්තේ ගුවන් දෘෂ්ටි කෝණයෙනි. එයින් සංරචනය සඳහා සැලකිය යුතු ගැඹුරක් ලබා දෙයි. එහි විස්තර ඉතා සියුම් ලෙස සිතුවමට ග්‍රහණය කර ඇත.

මෙම සිතුවමේ විශේෂ ලක්ෂණයක් වන්නේ ඇහි බැම නොමැතිකමයි. එය පසුකාලීනව සිදු වූවක් බව ද පෙර එහි ඇහි බැම තිබී ඇත'යි ස්කෑන් මගින් සනාථ වී ඇත. ඩාවින්චිගේ පින්තාරු කිරීමේ ආශාව, මෙම කෘතිය තුළින් නිරූපණය කෙරේ. ඉතා සියුම් ලෙස තාන ශ්‍රේණිගත කිරීමක් මෙහි වර්ණයකින් වර්ණයකට මාරු වීම නොපෙන්වන තරමට වර්ණාලේප කර ඇත. ඩාවින්චිගේ මෘදු පින්තාරු තාක්ෂණයට ආසන්න වශයෙන් සැහැල්ලු ස්ථර 20ක් තරම් ඇතැයි සැලකෙන අතර ඇතැම් ඒවා අතිශය සිහින් ය. එය කෙතරම් සූක්ෂම දැයි කිවහොත් එහි බුරුසු පහරවල් වල කිසිම හෝඩුවාවක් සිතුවම මත නොපෙන්වයි. මෙය තෙල් පින්තාරුකරණයේ දී තාක්ෂණිකව ජයගත් ඉතා අසීරු කාර්‍යයකි.

ලෝ ප්‍රකට මෙම සිතුවමට හසුව ඇති මෙම ස්ත්‍රියගේ අර්ධ සිනහව, නරඹන්නා දෙසට යොමුව ඇති බැල්ම (Gaze) විවිධ ලෙස අර්ථකථනය කර ඇත. මොනාලිසා නම් සිතුවම තුළ ඇති නිරූපිකාව ශත වර්ෂ ගණනාවක් පුරා ඇගේ සිනහව ග්‍රහණය කර ගැනීමට ඉඩ සලසයි. එම සිනහව මෙම ආලේඛ්‍යයේ කේන්ද්‍රය බවට දෘශ්‍ය වේ. මොනාලිසා සිතුවම බටහිර සංස්කෘතික නිරූපණයක් වීමට සමත් වී ඇත. අදටත් මෙම 'මොනාලිසා'සම්බන්ධ සජීවී කතිකාවක් ඇති වීම සහ එය එයටම හිමි ගුණයෙන් පූර්ණය වීම විශේෂයි. මොනාලිසා සම්බන්ධ කතිකාව මොනාලිසා යන මැයෙන්මයි කීම නිවැරදියි.ලූවර් කෞතුකාගාරය අභිබවා ගොස් මොනාලිසා සිතුවම ප්‍රබල වී ඇති බව කවුරුත් දන්නා දෙයකි. එම දැවැන්ත ගෘහ නිර්මාණාංගය ප්‍රමාණාත්මකව ඉතා කුඩා ප්‍රමාණයක් යුක්ත සිතුවම විසින් අතික්‍රමණය කර ඇත. එසේම මොනාලිසා සිතුවම් පිටපත් පිළිබඳව කතිකාවේ දී මොනාලිසා සිතුවමේ මුද්‍රිත පිටපත් කිරීම් හා සිතුවම පිටපත් කිරීම් ආදිය ගණනයට ගතහොත් එය ද අති විශාලයි. ගෘහ නිර්මාණ අවකාශයක මොනාලිසා සිතුවමේ ඡායාරූපයක් දැකගන්නට ලැබීම සුලබ කාරණයක් වීම පිටුපස මොනාලිසා අත්පත් කර ගැනීමේ ෆැන්ටසියකි.

15 වැනි සියවසේ මැද භාගයේ ස්ත්‍රිය සම්බන්ධ කතිකාවට සහ ලස්සන පිලිබඳ අදහසක් මොනාලිසා ගේනවා .ඇත්තටම ඒ ලස්සන දිවයමය ලස්සනක් .ඒ කියන්නේ ඒක ගොඩනංවන ලස්සනක් .ආගමික සන්දර්භයක් ඇතුළෙ එයින් පිටස්තරව ඇඳෙන මේ ගැහැණිය සාමාන්‍ය ගැහැනියක් .ඒ සාමාන්‍ය ගැහැණිය ලෝකයේ ගැහැණු පිරිමි හැමෝගෙම ෆැන්ටසියක් වෙන්නේ කොහොමද ?ඒ තමයි මොනාලිසා අත්පත් කරගන්නා අපුර්වත්වය ,මොනාලිසා යනු හුදෙක් ආලේඛ්‍යක් පමණක් නෙවි .ඒක කලාව සම්බන්ද පුනරුදයේ දෘෂ්ටිවාදයක්  .සමාජයක්;  වියමනක්; ව්‍යුහයක්.එකවරක් ලුවර් කෞතුකාගාරයේ තිබූ මොනාලිසා අතුරුදහන් වෙනවා ඒ අතුරුදහන් වූ තැන තියෙන්නේ හිස්කමක් .වෙනදා ලුවර් වෙත ඇදී ආ සෙනග එදා මොනාලිසා බලන්න ආකාරයෙන්ම ඒ "හිස්තැන" බලන්න ඇදී ආවා , මොනාලිසා විසින් හදන හිස්තැන අපි කියවගන්නෙ කොහොමද ? මොනාලිසා තේරෙනවා යනු මෙන්න මේ හිස්කම කියවා ගැනීමයි .හිස්කම කියවලා ඉවරකරන්න බැරි නිසාම මොනාලිසා හැමදාම කියවනවා . ඒ නිසාම දැවැන්ත ලුවර් කෞතුකාගාරයට අර්ථයක් ගේන්න මේ කුඩා මොනාලිසා සියල්ලලට ඉහලින් ඉන්නවා .


කලාව හා සංස්කෘතික පසුබිම


කලාව අගය කිරීමේ දී, විචාරය කිරීමේ දී  හෝ තේරුම් ගැනීමට උත්සහ කිරීමේ දී විවිධ දෘෂ්ටි කෝණයන් තිබිය හැකියි. එයට සංස්කෘතික පසුබිම, පෞද්ගලික දෘශ්ටිකෝණය හා ඓතිහාසික කාල රේඛය ආදීන්ගේ බලපෑම ඇති විය හැකියි. එක් සංස්කෘතික පසුබිමක සිට තවත් සංස්කෘතික පසුබිමක කලාව තේරුම් ගැනීම යම් සංකීර්ණත්වයක් පෙන්වයි. එහි දී දෘශ්ටිකෝණය යන්න කලාකෘතියක අවකාශයීය සම්බන්ධතාව කෙසේද යන්න විග්‍රහ කිරීමට යොදා ගනී.
සංස්කෘතික දෘශ්ටිකෝණය ලෙසින් ගත් විට සංස්කෘතිය යනු සංකල්පයන් බව, එය ජීවිතයට බලපෑම් කිරීම සහ අත්දැකීම් ඇති කරන බව වටහාගත හැකියි. මූලික වශයෙන් සංස්කෘතිය එතරම් කාරණා සමූහයක් නොවේ. එය ක්‍රියාවලියක් ලෙස භාවිතයන් සමූහයකි. සමාජ සංස්කෘතික ආකල්ප යම් සමාජ කණ්ඩායමක පිරිස අතර අර්ථයන් නිෂ්පාදනය කිරීම, හුවමාරු කර ගැනීම සහ සහභාගී වන්නන්ගේ අර්ථ නිරූපණය මත රඳා පවතී. ඒ අනුව රටක ජීවත් වීමේ, හැදී වැඩීමේ ක්‍රියාවලිය සමඟ එම අර්ථයෙන් සමාජ ආකල්ප දැරීමේ හෝ ප්‍රතික්ෂේප කිරීමේ මඟ සලසයි. එනම් එය ලෝකයේ රටවල් වලට අදාළ දෘශ්ටිකෝණයන්ට දායක වන හෝ නොවන බවයි. රටවල් වල වෙනස්කම් අතරට ප්‍රධාන වශයෙන් මෙම සංකල්පමය බලපෑම ඇති වී එය විශාල ලෙස සන්දර්භයට බලපායි. ඒ සමඟම එය රටක නිෂ්පාදනය වන කලා කෘති කෙරෙහි ඍජු සම්බන්ධතාවක් ඇති කරයි.
ඕනෑම සංස්කෘතික සන්දර්භයක සිට ගත්තද 'සංස්කෘතිය' විශේෂයෙන් දෘශ්‍ය කලාවේ දී සංස්කෘතිය ලෙස 'අර්ථයන්' සඳහා දායක වේ. විශ්වීය අර්ථය නොවන තැන්හි දී සංස්කෘතිය උසස් කරන බොහෝ අවස්ථා වල සංස්කෘතිය ගොඩනැංවීමට දායක වන අතර එය පෞද්ගලික දෘශ්ටිකෝණයට බලපෑම් කරයි. පුද්ගලයෙකුගේ ස්වදේශීය පාරිසරික හා සමාජ බලපෑම සමඟ තවත් ප්‍රදේශයන් දෙස බැලීම උගහටය. එය ලෝක දෘශ්ටිකෝණය කෙරෙහි එක් සමාජයක් හා සංස්කෘතියක් දක්වන අසම්පූර්ණ වූ අර්ථ නිරූපණයක් විය හැකිය.
බොහෝවිට ඇතැම් කලාකරුවන් සංස්කෘතික ප්‍රකාශනය ඔවුන්ගේ කාර්‍යයේ ස්වාභාවික කොටසක් ලෙස භාවිතා කරයි. එනම් එය ප්‍රාදේශීය සංස්කෘතීන් තුළ අන්තර්ගත වී ඇති බැවිනි. නමුත් එය දැනුවත්ව ඛණ්ඩනය කරන්නක් සේම ඒකාබද්ධ කරන අවස්ථා ද දැකගත හැකියි. ඉතිහාසය පුරාවට කලාව හා සංස්කෘතිය සමාජ පරිණාමයේ කොටසකි. පරම්පරා ගණනාවල් ඔස්සේ සහ ඒ අතර සම්බන්ධතා සාදමින් ප්‍රකාශන මිනිසුන් අතරට ගෙන යයි. සංස්කෘතික සමාජයේ ගොඩනැංවීමට හා සංවර්ධනයට බලපාන අතර එයට බාධා කිරීමට, දිශාව වෙනස් කිරීමට හෝ ස්ථාවර කිරීමේ හෝ පුළුල් කිරීමේ හැකියාව කලාව සතුව පවතී. 
මිනිසුන්ගේ ආකල්ප වලට, ශරීරයට ඍජුවම සම්බන්ධ කළ හැකි තත්ත්වයන් කලාවට පවතී. එමඟින් සිදු වන්නේ වෙනත් ආකාර වල සන්නිවේදනයන්ට වඩා මනෝභාවයන් කෙරෙහි ළඟා වීමේ අවස්ථාව උදා වී ගැඹුරු ලෙස වෙනස් කිරීමට හැකි වීමයි. ලෝකයේ බොහෝ මිනිසුන්ගේ ආධ්‍යාත්මික විශ්වාස පද්ධතිය සමඟ කලාව හා සංස්කෘතිය වඩාත් සමීපව බැඳී පවතින අතර එය දේශීයව ලබාගත් අවබෝධයකි. එමෙන්ම විශාල පරාසයක මුදුන් මුල් දුවා ඇති විශ්වාස පද්ධතීන් පවා බිඳ දැමීමට ඇතැම් කලාකෘති කලා ඉතිහාසයේ පමණක් නොව සමකාලීන කලාවේ ද දැකගත හැකියි.

එය විශ්වීය හුදකලාවකි.

'තනිකම' යනු මිනිස් සම්බන්ධතාව ගැන මිස සමීපත්වය ගැන නොවන වග අප සියලු දෙනා අත්දැකීමෙන් දන්නා කරුණකි.නිර්මාණ ශිල්පීන්ට 'තනිකම' කියන්නෙ විශාල පරාසයක විහිදෙන වස්තු විෂයකි. ඒ අතර චිත්‍ර ශිල්පීන්, කවීන්, නවකතාකරුවන්, ගීත රචකයන් ආදීන් වෙයි. මෙම විශ්වව්‍යාපී සංකල්පය තව දුරටත් සිදු වෙමින් පවතින නොනවතින දෙයක් බව නිරන්තරයෙන් පසක් කරමින් සිටිනවා.
මෙලෙස නිර්මාණකරණයේ නියුක්ත වූ දෘශ්‍ය කලා ශිල්පීන් අතර එඩ්වඩ් හොපර්, පොප් කලා ශිල්පී ඇන්ඩි වෝර්හෝල්ගේ චිත්‍ර, එඩ්වාඩ් මුන්ච්ගේ කෘති ආදිය පිළිබඳව ඇත්තේ තනිකම පිළිබඳව වන දිගුවකි. මෙවන් මානසික කාරණාවක් සඳහා විප්‍රයෝගය, ආදරය ආදී හැඟීම් හේතු වන අතර, 'තනිකම' මහා කලාව සඳහා පූර්ව අවශ්‍යතාවක් ද යන්න ප්‍රශ්න කළ හැකිය. එහිදී පිළිතුරක් ලෙස නිර්මාණ ශිල්පියාගේ ආත්මය මුණගැසීම නවතාලිය නොහැක. එසේම ඔවුන් ආශා කරන සන්සුන් නොසන්සුන්කාරී තත්ත්වයක් ද වනු ඇත.

චිත්‍ර ශිල්පී එඩ්වඩ් හොපර් ගේ (1882) කලාකෘති පිරික්සීමේ දී 'තනිකම' නිරූපණය කිරීම සඳහා විවිධ උපක්‍රම භාවිත කර ඇත. හුදෙකලාව හිඳ කල්පනා කරන, සිතමින් සිටින මිනිසුන් හිස් අවකාශවල ඇත. සංරචනය කිරීමේ දී හා වර්ණ කිරීමේ දී එම හිස් බව ඇති කිරීමට ඔහුට හැකියාව ලැබී තිබේ.
 ඔහු නාගරික ජීවිතයේ තනිකම නිරූපණය කිරීමේ අවස්ථාවන් එකිනෙකින් පෙන්වයි. අභ්‍යන්තර මනෝභාවයන් තුළ සිටින කෙනෙකුගේ සිතුවිලි ගැන සිතා බැලීම සාරාංශය වන අතරම සිතුවමේ පැහැදිලිවම සරල බව පිටුපස සංකීර්ණත්වයක් සහ ගැඹුරක් නිරූපිතය.

හොපර්ගේ කලාවේ ප්‍රකෝප කිරීමේ බලය ඔහුගේ විවේචනාත්මක යථාර්ථවාදයෙන් ගිලිහී යයි. ඔහුගේ කලාවෙන් සමකාලීනයන් මෙන් ම  ඉන් පරිබාහිර සිත්තරුන් පවා ආභාසය ලබා දී ඇති බව කිව හැක. විස්තර කථනයේ අඩුකම ප්‍රේක්ෂකයට අතීතයේ හා අනාගතයේ සිදුවීම් මත සම්ප්‍රේෂණය කිරීමෙන්, චරිත අතර සම්බන්ධතාවක් ඇති කිරීමට ඉඩ සලසයි. හොපර්ගේ කෘතිවලින් අප විමසන්නේ, අප සොයන්නේ කුමක්ද, අපේ ආශාව, අපේ සිහින සහ කනස්සල්ල පිළිබඳව අප සිතනවාද ආදී පෙළගැස්මකි. පුද්ගල සම්බන්ධතා ගැන මූලික ප්‍රශ්න කිරීම් ගණනාවක් එකින් එක විග්‍රහ කිරීමට ඔහුගේ කලාවට සමීප වීමෙන් සමත් විය හැකිය.

 මේ වන විට, ලෝකයේ කොරෝනා වෛරසය පැතිරීම මන්දගාමී කිරීම සඳහා, අප සමාජ දුරස්ථභාවය පුහුණු කළ යුතු බවට උපදෙස් අපට ලැබේ. නමුත් එයින් ප්‍රායෝගිකව පෙනෙන්නේ සමාජය යම් ව්‍යාකූලත්වකට මුහුණ පා ඇති බවයි. COVID-19 දැන් සම්පූර්ණයෙන්ම නව අනාගතයක් පිළිබඳ අදහසකට මුහුණ දී සිටී. ලොව පුරා රටවල් අගුලු දමා ප්‍රොටෝකෝල කඩ කරමින් සිටී. කොරෝනා වයිරසය ලැව් ගින්නක් මෙන් පැතිර යන අතර, ඒ සමඟ භීතිය හා නිරපේක්ෂ අවිනිශ්චිතතාවයේ හැඟීමක් ඇති වේ.

‘දුර’ සියල්ල වෙනස් කරන විට;
ආකෘතියේ විශාලතම බලපෑම ඇති කළේ සමාජ දුරස්ථභාවය, කුඩා කණ්ඩායම්, විශාල කණ්ඩායම් වශයෙන් ප්‍රසිද්ධියේ නොපැමිණීම ආදී වශයෙන් වුව ද එය විශ්වීය හුදකලාවකි. “සෑම පරම්පරාවකටම කාර්යභාරයක් පැවරී තිබේ." එනම් සමාජයෙන් වෙන්ව තනිව සිටීමයි.ඉතින් අපගේ නව  දුරස්ථ ලෝකය තුළ කුමක්ද අපට ගොඩනැගිය හැක්කේ ? එනම් වැඩිදියුණු කරන ලද මානව සම්බන්ධතාවයි. අපගේ මිතුරන්ගෙන් සහ අපගේ පවුල්වලින් කායිකව දුරස්ථ වීමට අපට උපදෙස් දී ඇති නමුත්, එය අපගේ ජීවිතයේ වැදගත්ම සබඳතා සඳහා විශාල හානියක් විය හැකිද? නැත. දුර සම්බන්ධතාවක සරල විසඳුම් සොයා ගැනීමෙන් අපට එකිනෙකා වෙත ආපසු යා හැකිය. නව නිර්දේශ සහ සීමාවන් අතර, සමාජ දුරස්ථභාවය ඇතුළත් වීම අපගේ සම්බන්ධතාවලට විශාල හානියක් කළ නොහැකිය. අපට සමබරතාව පවත්වා ගැනීමට අවශ්‍ය නම්, අප සවිඥානික විය යුතු අතර එය වේගයෙන් කිරීමට අපි උත්සාහ කරමු.



Edward Munch - Screaming Painting and isolation


Edward Munch - Screaming Painting and isolation

විශ්වීය හුදෙකලාව ආයාසකර ලෙස අත්දකින අපට මේ මොහොත සාමුහික ලෙස ගත කරන්නට අවස්ථා උදා කරගැනීමට පොළඹවයි. එය අභ්‍යන්තර විධානයකින් සිදු වන දෙයකි. පුද්ගලයෙකුට හුදෙකලාව අත්විඳින්නට වීම සිදු වන්නේ ලෝකය තුළ හුදෙකලාවක් දැනීම හෝ ලෝකයේ හුදෙකලා බව හැඟීම වශයෙනි. එහි දී ආත්මීය හුදෙකලාව පෞද්ගලික කාරණාවක් ලෙස ගත හැකිමුත් එය කලාකරුවාගේ පරිකල්පනය අවදි වීමට මහත් බලපෑමක් ඇති කරයි. නමුත් ඇතුළාන්තයෙහි එල්බගෙන සිටීමට මෙම විශ්වීය හුදෙකලාව ඉඩ සලසන්නෙ නැත. 

චිත්‍ර කලාවේ ආත්මීය හුදෙකලාව නිරූපණය කළ සිත්තරු අතර එඩුවාඩ් මුන්ච්ගේ හැඬුම කෘතිය ඉහළ ජනප්‍රියත්වයක් ඇති කෘතියකි. Post impressionist සිත්තරු වඩාත්ම අවධානය යොමු කළේ රේඛාව, වර්ණය හා සංකේතාත්මක ස්වභාවය යන කරුණු වෙත වන අතර, එඩ්වඩ් මුන්ච් එම කලා ව්‍යාපාරයේ ඉදිරියෙන් සිටගත් කෙනෙකි.

එඩ්වඩ් මුන්ච් නූතන සිතුවම් වල ප්‍රකාශනවාදී පුරෝගාමියකු ලෙස පෙනී සිටී. මුන්ච් සොබා දහමෙන් එපිට ඇති ගැඹුරු ප්‍රකාශන ගුණයක් කෘති වලින් ප්‍රති නිර්මාණය කිරීමෙහි ලා කටයුතු කළ සිත්තරෙකි. ඔහුගේ විස්තර කිරීම තුළ වෙහෙසකර හැඟීම් කාංසාවකින් යටපත් වී ඇති අතර එහි පොලා පැනීමක් 'හැඬුම' නම් කෘතිය මගින් නිරූපණය වේ. 

ඔහුගේ 'හැඬුම' (Screaming) නම් කෘතිය (1983) ඩාවින්චිගේ මොනාලිසා කෘතියට පසු බොහෝ ලෙස කතා බහට ලක් වූ සිතුවමකි. එඩ්වාඩ් මුන්ච් ඔහුගේ "ආත්ම සිතුවම" ලෙස හැඳින්වූ දෙයින් හෙළි වන්නේ ඔහුගේ අභ්‍යන්තර කාංසාව පිළිබඳව හෙළිදරව් කිරීමකි. එහිදී අලංකාරය යන්න ඉක්මවා ගිය අවංකත්වය තුළ පුද්ගලික අර්ථයකට වඩා වැදගත්කමක් දැකගත හැකියි. ශබ්දයක් හා ශ්‍රවණ සංවේදීතාවක් සිතුවමින් ජනිත කිරීමට හැකි දෘශ්‍යමය තත්ත්වය මෙහි සුවිශේෂී ලක්ෂයකි. පිටත සුළඟෙහි උද්යෝගයක් ඇති අතර, ගමන් කරන පියවරක් පාසා කල්පනාබර බවකි. සුළඟ ඉතා දරුණු බැවින් තත්පරයකට කෑගැසිය හැකිය. මුන්ච් හට කෑගැසීමක් ඇසුණේ ඇත්ත වශයෙන්ම සිතුවමට ස්වයං චරිතාපදානය සහ පෞද්ගලිකත්වය ආත්ම කේන්ද්‍රීය ආරෝපණය කළ හැකි නිසාවෙනි. එම සිතුවමෙහි ජනප්‍රියත්වය විශ්වීය වේ.

මුන්ච්ගේ උපුටා දැක්වීම් වලට අනුව, එහි නිරූපණය වන්නේ ස්ව ආලේඛ්‍යයක් බව කියවේ. මෙහි දී කෑගැසීම නිර්මාණය කිරීම සුවිශේෂී මෙන්ම සිත්ගන්නා සුළු කරුණකි. එය මුන්ච් විසින් සිදුකරන ලද විප්ලවීය වෙනසකි. 

විශාල, අසීමිත කෑගැසීමක් හරහා ප්‍රකාශ වන මානසික ප්‍රකම්පනය සිතුවමක් ලෙස පින්තාරු කිරීමේදී, සිත්තරෙකුගේ භූමිකාව තුළ මුන්ච් දැවැන්තය. පුද්ගලයෙකුගේ චිත්තවේගීය වේදනාව දැනෙන්නේ කෙසේ දැ'යි ඔහු දැන සිටියේ ය. රතු අහස, නිල් ජලයට ඉහළින් දැල්වෙන විට සංතෘප්ත හා වෙනස් වර්ණ වලින් යුත් භූ දර්ශනය තීව්‍ර ය. මෙහි යථාර්ථයෙන් ඔබ්බට පමණක් නොවී අතිශයෝක්තියෙන් යුත් ආකෘතියක සිට ආක්‍රමණශීලීව චිත්තවේගීය ලක්ෂණ පෙන්වයි. එපමණක් නොව බොහෝ සිතුවම් වල නැති, කෑගැසීමක සර්වප්‍රකාරය මෙහි අන්තර්ගතව ඇති බව කිව හැකියි. 

එවන් ආත්මීය වේදනාවකින් තොරව පැන නැඟුණු විශ්වීය හුදෙකලාව තුළ අප හුදෙකලා නොවී සිටීමට දරන උත්සහයන් හැම අතින්ම දිස් වේ. ලොව සියලු උත්කර්ෂයන් ශූන්‍ය වූ පසු තත්ත්වය කුමක් වුවත් එය අතිශය නීරස බව කිව හැකියි. එඩ්වාඩ් මුන්ච්ගේ හිරු බැස යන හවසක ඇති උදාසීන, දීප්තිමත් බවකින් තොර අඳුරු කටුක බව සිත් තුළ සංස්පර්ශ කරයි. කෙසේ වුවත් හුදෙකලා වීම නැවත සාමූහිකත්වයෙන් ආරම්භ කිරීමට බව දැන, දුරින් හිඳිමින් ආදරය බෙදා ගනිමු.


Hieronymous Bosch


Hieronymous Bosch - Bosch යනුවෙන් ඔහුගේ සිතුවම් ගණනාවකට අත්සන් කළේ ය. ඔහු පිළිබඳව ලිපි හෝ වෙනත් ලියවිලි ඉතිරි වී නොමැති බැවින් ඔහුගේ කලාව පිළිබඳව හෝ සිතුවිලි පිළිබඳව තබා උපන්දිනය ද නිශ්චිතව සඳහන් නැත. ඔහුගේ ජීවිත කාලය පුරාවට චිත්‍ර ශිල්පියෙකු ලෙස ජනප්‍රියව සිටියේ ය.
The garden of earthly delights නම් සිතුවම නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ගත් විට එය අතිශය කතාබහට ලක් වූ සිතුවමකි. එහි නිරූපණය වන උද්‍යානය ආශ්චර්යමත් පරිකල්පනයකි. එය පුවරු තුනකින් යුක්ත සිතුවමකි. සියුම් ලෙස වර්ණ ගැන්වීම සටහන් කළ එය කොටස් තුනකින් යුක්තව සංරචනයක යෙදුණු අයුරු වෙන වෙනම සහ එකට ගෙන අධ්‍යයනය කළ හැකිය. එම සිතුවමේ වම් පස පුවරුවෙන් දෙවියන්වහන්සේ ආදම්ට ඒව මුණගැස්වීම නිරූපණය කරයි. මැද සිතුවමේ පාරාදීසයයි. එහි සතුන් අමුතු, පුදුම සහගත සතුන්, පළතුරු, කුරුල්ලන් සහ ප්‍රීතිමත් බව හඟවන දේවල් වලින් යුක්තව නිරූපණය කර ඇත. දකුණු පස පුවරුවෙන් නිරය නිරූපණය කරයි. අඳුරු පැහැ වර්ණයෙන් වන එම පුවරුවේ දඬුවම් පැනවීම දක්වා ඇත. ඉතා සියුම් ලෙස සිනිඳු මතුපිටක කළ නිර්මාණයකි. එය Bosch ගැන කරන සංවාදයක දිගුවක් ලෙස විග්‍රහ කළ හැකිය.
බෝෂ්ගේ කලාව පිළිබඳව මුල් කාල වල අර්ථ දැක්වීම සහ පසුකාලීන අර්ථ දැක්වීම් වල පැහැදිලි වෙනසක් වේ. මධ්‍යකාලීන මිථ්‍යාදෘෂ්ටික භාවිතයන් සහ විශ්වාස පද්ධතීන් නඩත්තු කිරීමක් ලෙස ද හුදෙක් විනෝදය සඳහා භාවිත කළ නිර්මාණ ලෙස ද මෙය එක් එක් යුග වල අර්ථ නිෂ්පාදනය කර ඇත. එම සිතුවම් වල ඇති සිහිනලෝක වලින් ඔහු නපුරු සහ සොඳුරු සිහින මවන්නෙක් ලෙස හැඳිනගත හැකියි. 17 වන සියවස අග භාගයේ ඔහුගේ කෘති විස්තර කෙරුණේ පුදුමාකාර හා අමුතු මනඃකල්පිතයන් ලෙසය. පසුකාලීනව එය ආගමික නිරූපණයන් ලෙස ප්‍රවර්ග කිරීම සහ සාහිත්‍ය හා දේශනා වල ස්වරූපයක් ගත් බව සහ එතරම් ගැඹුරු වැදගත්කමක් දිය යුතු නැති ලෙස පසෙකින් තබයි. ඔහුගේ සිතුවම් වාචික රූපක වල දෘශ්‍ය පරිවර්තනයක් ලෙස බහුශ්‍රැත බවක් නැති ප්‍රභවයක තබා කතා බහ කිරීම එසේ සිදු විය. මධ්‍යකාලීන පල්ලිය විසින් පාපයක් ලෙස හෙළා දකින දේ ඔහු සිතුවමට නැඟීමට අපූර්ව ලෙස පරිකල්පනය කරයි.
එම සිතුවම් නිර්මාණය කිරීමේ දී ඔහු භාවිතා කරන ශිල්පීය තාක්ෂණය ඉතා සියුම් ය. යථා ලෝකයේ මුණ නොගැසෙන සතුන් මිනිසුන් සහ බොහෝ රූප අපට දැකගන්නට සලස්වා තිබීම විශේෂයි.






Texts

ආතති මුක්තය