Tuesday, December 15, 2020

ගෝලීය යථාර්ථය තුළ පුද්ගලවාදය සහ අද දවසේ ජීවිතය


මම වජිරගේ සිතුවම් අගය කරන්නෙකු වන අතරම දිගු කලක් මිතුරන් වී සිටිමත් නිසාම වජිර ජීවිතය සහ චිත්රය එක්ක හිතන විදිය ගැන මට යම්කිසි අදහසක් තියෙනවා. නූතන කලාවේ ව්යුහය පිළිබඳව වජිරට පැහැදිලි අදසක් තියෙන බව ඔහු සමග කතා කලාම අවබෝධ වනවා. නූතන කලාවේ ඉතිහාසය, කලාකරුවාගේ ජීවිතය, ගැලරි අවකාශය, විවේචන, ගැලරි හිමිකරුවන් සහ එකතුකරන්නන්ගේ සමාජය ගැන පමණක් නොව සමකාලීන සමාජ-සංස්කෘතික නැගිටීම් පිළිබඳ දිශානතිය ද ඔහුගේ චින්තන සීමාවට අයත් . දියුණු කතිකාවන් වර්ධනය වීමට මේ බහුවිධ සිතීම් එක්ක සැරිසැරීම වජිර දීර්ඝ කාලයක් තිස්සේ පුහුණු කරන්නෙක්. වෙනත් අයුරකින් ප්රකාශ කරන්නේනම් නූතන කලාකරුවෙකු මෙන්ම නූතන කලා දර්ශනයේ විශාරදයෙක් ලෙස ඔහු හැඳින්වූවට කම් නැත.

My Diary ,sell portrait and ideal ,Anybody Speaking words and self portrait ,Anybody speaking words and jokers cap,Life of and Autography,Autobiography,Mail thinker ,Sublime object, I will love you on Sunday ,The Greedy ,,Kottu,The dress ,watching TV, Forsaken Lands a traveler ,Master bed room,,the lipstic,Window shopping ,Late tomorrow ,The crown ,Ready made hero,Enjoyment,Lost of Passivity වජිරගේ ප්රදර්ශන කිහිපයක් සහ ඔහු සමාජගත කළ මාතෘකා කිහිපයක්. කලාව නිෂ්පාදනය කිරීමේදී කලාකරුවා සමාජ විපර්යාසයන් කෙරෙහි දක්වන ආකල්ප හා දෘෂ්ටිවාදීමය සීමාව මත ඔහුගේ ක්රියාකාරිත්වය කොතරම් භෞතිකද යන්න ඔහුගේ මෙම ප්රද්රර්ශන පෙල තීරණය කරනවා මට හිතෙන්නෙ.එය එසේ නොවන වෙනත් නිදහසක් ඔස්සේ වැඩ කරන අයිතියද ඇතිබව මා විශ්වාස කරමි.වජිර තම කෘති හරහා සමාජයට මැදිහත් වීම එක්තරා විදියක දේශපාලන කාර්යයක්.බ්රිතාන්ය යටත් විජිතවාදය තුළින් අප නූතනවාදයට නිරාවරණය වුවද නූතනවාදය ඔවුන්ගේ උරුමය පමණක් නොවේ” නූතනවාදයේ තොටිල්ලයි ප්රංශය වුවත් "යටත් විජිතවාදය යක්ෂයෙකු ලෙස පෙනුනද, ඔහු සමඟ පැමිණි දේවදූතයා අප මරා දැමිය යුතු නැත. නූතනවාදය යුරෝ කේන්ද්රීයව ස්ථාපිත කිරීම තවමත් විශ්වීය මතවාදයක් සේ පෙනුනද එය අපේ සම්ප්රදායන්ට විශාල බලපෑමක් ඇති කරනවා. එවිට නවීන සිතුවම් මහාද්වීප පුරා තේරුම් ගත හැකි ජාත්යන්තර භාෂාවක් බවට පත්වෙමින් තියෙනවා.ලංකාව දැන් බටහිර පරිවාරයට සම්බන්ධ නිසා ගෝලීය ප්රවණතා තුළින් ලංකාවෙ සමාජ අභ්යන්තරයේ සීමා ලකුණු වීමත් නිසා වජිරගේ කෘති පදනම් වන්නේ ගෝලීය යතාර්ථයක් තුළය.ගෝලීය ධනවාදී නිෂ්පාදන මාදිලිය තුළ මේ මොහොතේ පුද්ගලවාදය සහ අද දවසේ ජීවිතය ඔහු අපූරුවට ප්රකාශ කරනවා.එහෙමත් නැතිනම් මිනිසාගේ ද්රව්යවාදිඋ සිහිනය ඔහු සිත්තම් කරන්නෙ.මෙය එකතරා විදියක 90 දශකය තුළ පැනනැගුණු කලාව සම්බන්ධ නිර්මාණ කරුවන්ගේ පොදු ලක්ෂණයක් වූ සමාජ පදනම්වල බිඳ වැටීම හා කටෝර වියෝගය පදනම් කරගත් නිර්මාණ වල ප්රකාශ වන සෞන්දර්ය ,දේශපාලනික හා දාර්ශනික අර්ථවලින් වෙනස් වන නව මානයක්.
මුලදී වජිර ප්රංශයේ නව ප්රකාශන ශිල්පීන්ට බෙහෙවින් ඇලුම් කළ නමුත් පසුව ඇමරිකානු චිත්ර ශිල්පී ජීන් මයිකල් බාස්කුවට් (1960-1988) ඔහුගේ ආනුභාව ලත් මූලාශ්රය බවට පත්විය. බාස්කුවෙට්ගේ රැඩිකල් විලාසිතාව වජිරට මහත් සේ බලපෑවේය .නාගරික ග්රැෆිටි ආවේගශීලී ලෙස භාවිතා කළ අතර එවැනි නිදහස් ශෛලියකින් එය ඇමරිකානු සමාජ ජීවිතයට විනිවිද යාමට තියුණු ආයුධයක් බවට පත් විය.එය දේශපාලනික ක්රියාවක් ලෙස අපට නිවචනය කළ හැක. වර්තමානය වන විට වජිර විසින් මෙම රැඩිකල් ඇමරිකානු කලාකරුවාගේ ශෛලිය සමකාලීන ශ්රී ලාංකික සමාජ-සංස්කෘතික ජීවිතය ඉස්මතු කිරීම සඳහා තමාගේම දෘෂ්ටිකෝණයෙන් ඉදිරිපත් කිරීම නව සිතීම්වලට අපව යොමු කරන අතරම එය නව painting එකක් වන අතරම පැරණි පින්තාරුකණය කියන ක්රියාවේ ආශාව දිගට පවත්වා ගැනීමකි.වජිරගේ මෙම චිත්ර painting on painting කියල කියන්න පුලුවන් චිත්ර .
ප්රගීත් රත්නායක 2020





































Texts

ආතති මුක්තය