Friday, February 2, 2018

කලා කතා 02


හස්ත කෞශල්‍යයේ වැඩබිම හෙවත් මහාචාර්ය චන්ද්ර්ජීව

 

සාපේක්ෂව ගත්තම චිත්‍ර ශිල්පියෙකුට වඩා මුර්ති ශිල්පියෙක් දරා ගන්න රටකට අමාරුයි .මයිකල් අන්ජිලොවත් මුර්ති ශිල්පියෙක් ලෙස සිට චිත්‍ර ශිල්පියෙක් දක්වා ගමන් කරනවා. අපේ රටෙත් අතලොස්සක් වූ මුර්ති ශිල්පීන් අතුරෙන් මහාචාර්ය චන්ද්‍රජීව සුවිශේෂ පුද්ගලයෙක්. ඒ විෂය ඇතුළෙම පෙන්වන ලද විශේෂ ප්‍රාගුන්‍ය නිසා. ඒ විශේෂත්වයන් අතර තාක්ෂණික කාරණාවන් සම්බන්ධව පරම්පරා ගානකට ඔහුව පසු කරන්න බැරි බවයි මගේ විශ්වාසය. ඒ ඔස්සේ ඔහු මැටි, සිමෙන්ති, දැව, ටෙරාකොටා ෆයිබර්, යකඩ, ප්ලාස්ටික්, මිශ්‍ර මාධ්‍යයන් සහ සුවිශේෂ මාධ්‍යයක් වන බ්‍රොන්ස් (bronze) හසුරවන්නේ ඒ සම්බන්ද ඔහුගේ හස්ත කෞශල්‍යයත් ඒ ඒ මාධ්‍යයන් සම්බන්ධ වෙනස්කම් පිලිබඳ ඇති අප්‍රමණික දැනුමත් නිසාවෙනි. මා විශ්වාස කරන්නේ යම් කෙනෙක් තමන්ගේ විෂය සම්බන්ධව ඇති තාක්ෂණික කාරණා පිලිබඳ මනස් රේඛාව පුළුල් කර ගැනීමට අපොහසත්නම් කෘතිය ඇතුළෙ කතා කරන දෙය සම්බන්ධව අසමත් බවක් පෙන්වන බවයි. ඒ අතින් චන්ද්‍රජීව නැමති මුර්ති ශිල්පියා ගව් ගණනක් ඈතින්. මොහුගේ වැඩ අතර land mark එකක් ලෙස Head 100 නමැති ප්‍රදර්ශනය ලංකාවේ අපටනම් අමතක නැත. ඒ head 100 අතර ලංකාවේ විවිධ චරිත සිය දෙනෙකුගේ අලේඛ්‍ය මුර්ති ඔහු අතින් නිම විය. ආචීර්ණ කල්පික බවෙන් මිදුණු ඇඟිලි තුඩුවල පහරවල් සමගින් රහක් ගෙන එන්නේ හරියටපින්සල් පහරක තිබෙන රහ අපට මතක් කරමිනි. ඒ ප්‍රදර්ශනය මහාචාර්ය තුමාගේ හැඳුනුම්පත යැයි කීවට වරදක් නැත මම සිතන අයුරෙන්. ඔහුගේ නිර්මාණ අතර අලේඛ්‍ය, assemble relief, figure, ස්මාරක, උද්ධ්‍යන මූර්ති, කැටයම් ceramic වැඩ ආදී පරාසයන් ඔස්සේ ගමන් කරනවා .මේ සා විසල් පරාසයක විහිදෙන්න තරම් ඔහු මුහුකුරා ගිය පුද්ගලයෙක් කියා ලාංකේය වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් සිය මුද්‍රාව තබා අවසන්.
මහරගම තරුණ සේවා ආයතනයේ තිබෙන විශාල මුර්තිය, බොරැල්ල උමං මාර්ගයේ ඇති සේරමික්වලින් කරන ලද නිර්මාණය, සෝභිත හිමියන්ගේ ප්‍රතිමාව, කොළඹ 3 හි කොමර්ෂල් බැංකුවේ ඇති නිර්මාණය ඒ අතරින් කීපයකි. තව විශාල ප්‍රමාණයක නිර්මාණයන් විවධ තැන්වල ස්ථාපිත කර ඇත. මා සිතන අන්දමට මහාචාර්ය තුමාගේ සංකල්පීය කරණා පසු කරගෙන තාක්ෂණික කාරණා මතු වනවා. එය වරදක් නෙවි. ඔහු නිසා ඒ විෂයේ අනන්‍යතාවය පවතිනවා. ඒ එක්කම සරත් චන්ද්‍රජීව කියන්නේ දක්ෂ ඒ වගේම දැඩි පරිපාලකයෙක්. පරිපාලනමය පැත්තෙන් ද ඔහු විශ්ව විද්‍යාලයක එන්න පුළුවන් ඉහලම තැනට එන්නේ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ උප කුලපති ද වීමෙනි. චිරං ජයතු මහාචාර්ය තුමනි.

සැ: යු:
මේ මාගේ පුද්ගලික අදහස. එකඟ වීමට හෝ බැහැර කිරීමට ඔබට අයිතියක් ඇත. ඔහුගේ කෘති ගැන විශ්ලේෂණාත්මක විග්‍රහයක් බලාපොරොත්තු වන්න.

ප්‍රගීත් රත්නායක








Texts

ආතති මුක්තය