Friday, March 29, 2019

"බොරු කරන මිනිස්සු තනි දොරක් තියෙනවට බයයි"

"බොරු කරන මිනිස්සු තනි දොරක් තියෙනවට බයයි"
මේ මොහොතේ කුටුම්භ ජීවිත සුදු පාට ගෘහ නිර්මාණාත්මක අවකාශයකට දැකල පුරුදු කෙනෙක් ලෙස අප ඉස්සරහට ගෙනල්ලා .භූපතිගේ ලියවිල්ල (script එක )මේ හැමෝගෙම ලිට්මස් පරීක්ෂාවක් මට හිතෙන්නේ .ඒක මගාරින්න බැරි තරමට අපට අනන්‍යයයි .මේ වගේ මිනිස්සු අපි අතර හොදටම දැකල පුරුදුයි .ආශාවේ වස්තුව සචිත්‍රට මුණ ගැහෙන්නේ සුරතල් බල්ලෙකුගේ අනතුරකින් .අනතුරකින් ලංකරගෙන ජීවිතමය අනතුරක දමාගන්න සමකාලීන ජීවිත හැමතිස්සෙම ඇතුළට කඩාවැටෙන හැටි මලිත් සහ භූපති ලස්සනට අල්ලගන්නවා .දැවැන්ත architectural space එකක white on white නිසා සචිත්‍රලගේ ජිවිත අඳුර සහ සම්බන්ධ ප්‍රතිපක්ෂයක් ලෙස එකට මුණ ගැසෙනවා .අපි කළුවරට බය වැඩිපුර ඉන්නේ එළියේ හින්ද . ඒ කියන්නේ අපි හැමෝම නොදන්න දේට බයයි .ස්ත්‍රිය සංකේතනය කර ගන්න බැරි අවුල සචිත්‍රට විතරක් නෙවි ගොඩක් පිරිමි ආත්මවලට පොදු කරුණක් .ඒකෙන් හෙම්බත් වන ස්ත්‍රියට තමන් ජිවත් වෙනවා කියල පෙන්නන්න තව පිරිමි එක්ක වසගකාරී විදියට ඉන්න වෙනවා .ඒක යථ නෙවි .ඒ වැඩේ දෙන්නටම වෙහෙසකරයි .ඒ අවුල තමයි මේ දෙන්නගේ ලගින්ම ඉන්න තැන වන නිදන කාමරයේදී පේන්නෙත් .නෑදෑ පුතා එක්ක සචිත්‍රගේ බිරිඳ පයින් ඇවිදගෙන එන අතර තුර වෙන කතාබහ තමයි මුළු චිත්‍ර පටයේම බොඩි එක මට හිතෙන්නේ . මුළු චිත්‍රපටයම නිහඩ ගැබුරක ජිවිතය විඳවන එකමයි කරන්නේ .අවසානයේදී නිම නොවන වර්තමානයක මේ මොහොතේ සතුට අතීතයෙන් ආනයනය කරන්නේ නැතුව පවත්වාගන්න බෑ කියල දැකල පුරුදු කෙනෙක් කියල දෙනවා .ෆිල්ම් එක අවසන් වන මොහොතේ ෆැන්ටසි ලෝකයක් හරහා මංගල දිනය මතක් කරගන්නේ අපි හැම තිස්සෙම යථ මගහැරල ෆැන්ටසියම නැවත යථ බවට පත්කරගනිමිනි .මේ මොහොතේ සතුට කියන්නේ ම යථ මගහැර ෆැන්ටසියක් මවා ගැනීමයි .
ප්‍රගීත් රත්නායක


සමකාලීන කලාව

සමකාලීන කලාව 

මේ මොහොත එසේත් නැතිනම් අප පසු කරන ඉතාම කිට්ටු කාලය තුළ නිෂ්පාදනය කරන කලාකෘති හැඳින්වීම සඳහා සමකාලීන කලාව යන පදය භාවිතයට ගැනේ .1970 දශකයේ සිට මේ මොහොත දක්වා කාල රේඛීයව සමකාලීන මොහොත වෙන්කර හඳුනාගත හැකි බව පෙන්වා දෙයි .මේ මොහොතේ ජීවත්ව සිටිමින් සහ එසේ එසේ නිෂ්පාදනය කරනු ලබන නිර්මාණ මෙම වර්ගීකරණයට ඇතුලත් වන අතර වර්තමානයේ ජීවත් වන සියලු නිර්මාණ කරුවන් සමකාලීන ශිල්පීන් ද යන්න ගැටළුවක් තිබේ .සංකල්පීයව විෂයට අදාලව ගොඩනගන සිද්දාන්තමය දැනුමත් ප්‍රායෝගික දැනුමත් මත සමකාලීන කලාවේ ධාරිතාව තීරණය වේ .අදහස් සහ න්‍යායන් සමකාලීන කලාවේ මුඛ්‍ය අංගයන්ය .සම්මිශ්‍රිත සංස්කෘතීන්ගේ සහ කලාවන්ගේ වැඩබිමක් වූ සමකාලීන කලාව චිත්‍රයද ,මුර්තියද යන සීමා සහිත අදහස දෘශ්‍ය කලාව ලෙස බහුත්ව කියවීමකට ගමන් කිරීමක් ලෙසද හඳුනාගත හැක .රූපවාහිනිය ,තාක්ෂණය ,ඩිජිටල් ,සිනමාව ,ජනමාධ්‍ය සමකාලීන කලාව පෝෂණය කරනු ලබයි .
   
කලා ඉතිහාසය තුළ 1960 දශකය යනු සමාජ දේශපාලනික හා සංස්කෘතික ගතිකයන් හරහා කලාවේ මුහුණුවර වෙනස්කරපු කාලයකි .ජනමාධ්‍ය ,වෙළඳපොල හැසිරෙන ආකාරය සහ එයට  සවිඥානික  වීමට කලාකරුවන් වගබලා ගත්හ .මේ පරිසරය තුළ චිත්‍රය ,චිත්‍ර ශිල්පියා ,කලාගාර අවකාශ ,චිත්‍ර කලා ආයතන ,කෞතුකාගාර අවකාශ පැවතිඅර්ථයට එහා ගිය තැනකින් ක්‍රියාත්මක වන පරිසරයක් උදා විය .පුළුල් සමාජ දේශපාලන ව්‍යාපාරවල සිට ව්‍යුහවාදය ,මනොවිශ්ලේෂනවාදය ,සංඥාර්තවේදය ස්ත්‍රීවාදය ,ජනප්‍රියවාදය යන විෂයන් පුළුල් වීමත් සමග පෙර පැවතියාට එහා ගිය නව තත්වයක් තුළ තමන්ගේ ප්‍රකාශනය සමකාලීන කලාව තුළ ස්ථානගත කිරීමට ශිල්පීන්ට පරිසරය උදා කළේය .මෙය නව තත්වයකි .මෙයින් විනිර්මුක්තව සමකාලීන ශිල්පීන්ට වැඩ කල නොහැකිය .කෘතිය සහ කෘතිය ගොඩනගන්නා අතර සවිඥානිකත්වය මේ තුළ ප්‍රභල ලෙස මතුවන්නට විය .නුතන යුගය තුළ  කෘතිය නිම වූ පසු ශිල්පියා එයින් ඉවත් වුවත් සමකාලීන කෘතිය තුළ ශිල්පියාගේ පෙනී සිටීම අනිවාර්ය විය .එසේත් නැතිනම් artist statement එක ප්‍රභල විය . විශ්වීය අදහස වෙනුවට සන්දර්භීය අදහස කලාකෘති එක්ක සම්බන්ද විය .වියමනක තබා කලාකෘති කියවන්න සමකාලීන කලාව අපට බලකරනවා .එය කලාව සම්බන්ධ කලින් තිබූ උත්කෘෂ්ටත්වය ,දිව්‍යමය අදහස මහපොළොවට රැගෙන ඒම සහ පාරභෞතික අදහස් ලෝකය පුපුරවා හැරීමකි . මෙවැනි පරිසයක් තුල සමකාලීන  චිත්‍රය යනු පාරිබෝගික භාණ්ඩයක් ලෙස භෞතීස්ම වන්න ගන්නවා .මේ හරහා සීමා මායිම් නැති කලාවක නිදහසේ සැරිසරන්න ආකෘතික නිදහසක් ලැබෙන අතර තවදුරටත් කෘතියක් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයන් පවා වෙනස්වනු ලබනවා .පර්යේෂණාත්මක නව්‍ය දෘශ්‍ය කලා ප්‍රවණතාවයක් ලෙස  Pop art ,Performance art ,Land art , වීඩියෝ ආර්ට් හරහා නූතන කලාව තුළ තිබූ සීමා මායිම් පුපුරවා හරිමින් නව්‍ය ආකාරයේ බහු බහුපාඨනයන් අපට අභිමුඛ  කරනවා .





චිත්‍ර කලාවේ මොන්ටාජ්කරණය සුජිත් රත්නායක

චිත්‍ර කලාවේ  මොන්ටාජ්කරණය  සුජිත් රත්නායක 


montage යන  යෙදුම සිනමාව සම්බන්ධව උපත ලබන්නක් .නිරුත්තිය්ය එතන උනාට චිත්‍ර කලාවට ඒක සම්බන්ධ වන්නේ තාක්ෂණික වැඩකට එහා ගිය කතාවක් හදන්න .ලංකාවේ 90 දශකය තුළ චිත්‍රයේ දේශයට සංකල්පීයව ,තාක්ෂණිකව ,වෙනස්වන්න බලපෑම් කරපු කාලයක් .විශේෂයෙන් ඇකඩමියාවෙන් පිට දීප්ති කුමාර ගුණරතන ඇතුළු කණ්ඩායම සමාජයට ගෙනාපු නිර්දය විවේචනය එහෙම වෙනස්වන්න හේතු උනා කියල මට හිතෙන්නේ .විසංයෝජනය වගේ සංකල්පයක් දෘශ්‍ය කලාවේදී ගන්නේ කොහොමද කියල සාකච්ඡා කරපු කෘතියක් තමයි "කලාව සහ විසංයෝජනය "පොත .90 දශකයේ කලාත්මක සමාජයට විසංයෝජනය යෝජනා කරන එකම රැඩිකල් වැඩක් .මේ කතිකාව හරහා කොළඹ කලා සංස්කෘතිය එකතරා විදියකට intelectual උනා . සුජිත් රත්නායක කියන සාධකය කොළඹ කලා කතිකාව තුළ වැඩකරමින් සිටින මොහොතක   මේ පසුබිම හරහා තමන්ගේ අත්සන හැමාතින්ම සටහන් කරනවා .90 දශකයේ වැඩකරපු සමහරුන්ට කෘතියත් සමග ඓන්ද්රිය සම්බන්ධයක් නැති උනාට මහාචාර්ය ජහත් වීරසිංහ ගොඩක් අයගේ ප්‍රකාශකයා උනා .ගොඩක් අයට counter  signature එක උනා .අන්තිමේදී ජහත් වීරසිංහ ඉතුරු වෙලා ගොඩක් අය නැති උනා .සමහරුන් භෞතිකව මැරුණා .සමහරු සංකේතීයව මැරුණා .සුජිත් රත්නායක හස්ත කෞශල්‍ය සහ පරිකල්පනය සිහියෙන් මෙහෙයවූවා කියල කියල මට හිතෙන්නෙම accident වුවත් ඔහු තාමත් ජීවත් වන නිසා . සුජිත්ගේ කලා භාවිතය ගැන ලොකු ඉතිහාසයක් සහ ශානාරයන් කිහිපයක් ගැන කතා කරන්න තියෙන පුළුල් වැඩක් .ඒක පසුවට තබා ඔහුගේ 'පුරහල බෝම්බයට පසු " පසු කෘතිය ගැන කතා කරමු .


Photomontage යනු ඡායාරූපයක් දෙකක් හෝ ඊට වැඩි ගණනක් නව රූපයක් බවට පත්කිරීමයි , සැකසීමයි , ප්රතිනිර්මාණය කිරීම හා සමානුපාතික ඡායාරූපයක් සෑදීමයි.''පුරහල බෝම්බයට පසු '' ශ්‍රී ලංකා දෘශ්‍ය කලා කෙතට එල්ල කරපු බෝම්බය වැනිය  .සුජිත් රත්නායක විසින් ගොඩනගන ලද මෙම කෘතිය පිරිමි විසින් ගොඩනගන ලද යුද්ධයකදී ස්ත්‍රිය  ස්ත්‍රිය පිලිබඳ කතාවක් කියනවා . බෝම්බය බඩේ බැඳගෙන ආවෙත් ස්ත්‍රියක් .බෝම්බයේ ඉලක්කය වුයේත් ස්ත්‍රියක් .ඔහු මෙම කෘතිය  හදන්නේ සම්ප්‍රදායික චිත්‍රයක් ලෙස නෙවි මතුපිට නැරබිය හැකි පැනල් කීපයක් ලෙසින්. එවකට ජනාධිපතිනියව සිටි චන්ද්‍රිකා කුමරනතුංහ ඉලක්ක කරගෙන LTTE සාමාජිකාවක් බඩේ බෝම්බයක් බැදගෙන එන්නේ ඇයව මරන්න. එතැනදී LTTE කාන්තාව ඇතුළු පිරිසක් මැරෙනවා .ජන්ධිපතිනිය බේරෙනවා .මේ සිද්දිය ආශ්‍රයෙන් සුජිත් එකලස් කරන රූප පෙළ මොන්ටජ්කරණයක් ලෙස  අපට පේන්න ගන්නවා .ශිල්පියාගේ ඡායාරුපය හැර අනෙක් සියලුම ඡායාරුප කාන්තා රූප .බෝම්බය රැගෙන ආ කාන්තාවගේ සහ  ජන්ධිපතිනියගේ රූපයත් ඔහුගේ සමකාලීන යෙහෙළියන්ගේ රූපත් එකලග එකට තියා  කතාවක් කියන්න හදනවා .මේ එකලස් කරන වැඩේ කතාවක් හදනවා .මෙතනද්දී ඔහු දෘශ්‍ය කලා කෘතියක් හදන්නේ .දේශපාලනයේ හෙජමොනිය විසින් සමස්ත ජනතාවක් අවමානුෂික කරන එක සුජිත් ඡායාරුප එකලස් කරලා හදන මොන්ටාජ් එක ඉස්සරහට අපි ඔක්කොම කැඳවනවා .මේ භාවිතය ලංකාව තුළ සටහන් කිරීමේ කතෘත්වය සුජිත්ට හිමිවිය යුතයි කියා මම යෝජනා කරන්නේ මෙම කෘතිය විසින් කලාවේ බහුත්ව කියවීමක් කරන්න මග පාදන නිසා .එය තාක්ෂණික මෙන්ම දෘෂ්ඨිවාදී පොලාපැනීමක් ලෙස ඉතිහාසයේ MARK වෙලා අවසානයි .සුජිත්ගේ කලා භාවිතය නොනවතින අරගලයක් .නොනවතින සෞන්දර්යයක් . නොනවතින වැඩබිමක් .නොනවතින ගමන් කිරීමක් .



මානසික කාන්සාව ස්ව ආලේඛ්‍ය ලෙස - වින්සන්ට් වැංගෝ

මානසික කාන්සාව ස්ව ආලේඛ්‍ය ලෙස - වින්සන්ට් වැංගෝ
චිත්‍ර කලාව දෙසට අවධානය යොමු කිරීමේ දී මඟ හැරිය නොහැකි කලාකරුවකු ලෙස මෙන්ම දැවැන්ත ප්‍රතිරූපයක් හිමි කලාශිල්පියෙකු ලෙස වින්සන්ට් වැංගෝ හඳුන්වා දිය හැකිය. ළමා වියේ දී චිත්‍ර ශිල්පියකු වීමට නැඹුරුතාවක් නොතිබූ ඔහු වැඩිහිටියකු වූ පසු චිත්‍ර කලාව වෙත අවතීර්ණ වූ බව සඳහන් වේ. ඔහුගේ මුල් කාලීන සිතුවම් වල වස්තුවිෂය වී ඇත්තේ ස්වාභාවික භූ දර්ශනයන් සහ ගොවි බිම් දර්ශනයන් ය. ඔහු එම යුගයේ භාවිත කරන ලද්දේ අඳුරු පැහැයට සමීප වූ වර්ණයන්ගෙන් යුත් වර්ණාවලියකි. පසුව වර්ණ සඳහා බලපෑම් කළ ශිල්පියකු ලෙස කැමිල් පිසාරෝ සඳහන් කළ හැකිය. ඔහුගේ අඳුරු පැහැයට සමීප වූ වර්ණ වලට ආලෝකය සඳහා දීප්තිමත් වර්ණ භාවිතා කිරීමට එය මනා පිටුවහලක් විය. සිතුවම් සඳහා වස්තුවිෂය කුමක් වුවත් ශෛලිය දැඩි ලෙස ප්‍රකාශයට පත් කිරීම ඔහුගේ  විශේෂයෙන් කැපී පෙනෙන ලක්ෂයයි. අඳුර - ආලෝකය නිර්මාණ වල ශිල්පීය තාක්ෂණික ගුණයන් තීව්‍ර කිරීම සඳහා බහුලව යොදා ගන්නා උපක්‍රමයකි. ශක්තිමත් බුරුසුවක් උපයෝගී කර ගනිමින් රිද්මය සමපාත ලෙස පවත්වා ගෙන යාම සඳහා ප්‍රබලතාවෙන් යුක්තව මෙන්ම ආවේණිකත්වය නිරූපණය කරයි. ඝණ ලෙස පින්තාරු කරමින් ගොඩනැංවීමක් ලෙස මෙහෙයවන ආකාරය සැබවින්ම පිරික්සා බලන කල මනාව පෙනී යයි. මේ අයුරින් භූමි දර්ශන පමණක් නොව පුද්ගල රූප, ස්ව ආලේඛ්‍ය සිතුවම් ප්‍රමාණාත්මකව ගත් කල විශාල සංඛ්‍යාවක් ඔහුගේ චිත්‍ර නිර්මාණ අතරට එක් විය. ඔහු සවිඥානිකව පුද්ගල රූප කෙරෙහි යොමු වූවා සේම ස්ව ආලේඛ්‍ය කෙරෙහි වූ නැඹුරුව පුද්ගල අනන්‍යතාව කේන්ද්‍ර කරගෙන වූවක් බව ප්‍රකාශ කළ හැකිය. කලාවෙන් පරිපූර්ණ වීම අපේක්ෂා කරගෙන දිගුකාලීන නිර්මාණ කාරයයෙහි යෙදුණු ශිල්පියකු ලෙස සඳහන් කළ හැකිය. වැංගෝ තම ජීවිතයෙහි අස්ථාවරත්වය සහ දුර්වලත්වය කැන්වසය මත වර්ණ හා නොසන්සුන් brush stroke මගින්  තියුණු ලෙස වෙනස්කම් දක්වමින් තාක්ෂණික හා කලාත්මක කාර්‍යයක නියැලී ඇති බව කිව හැකි ය. වැංගෝගේ සිහිනය වූයේ, ඔහුගේ මිතුරෙකු වූ චිත්‍ර ශිල්පී පෝල් ගොගෑන් සමග ආල්ස් හි චිත්‍ර ජනපදයක් පිහිටුවීමටය. ගොගෑන්ගේ පැමිණීමෙන් පසු ඔවුන්ගේ පුද්ගලිකත්වයන් ගැටුම්කාරී තත්ත්වයට පත් වූ අතර ඔවුන් හට එකට වැඩ කිරීමට නොහැකි විය. ඔවුන් නිතරම සුබවාදී බවක් එහි නොවූ අතර එක් හුවමාරුවකින් පසුව වැංගෝ තම ස්වයං පාලනය නැති කර ගොගෑන් වෙත පහර දුන්නේය. එයින් ඔහුගේ මානසික වියවුල දක්වා ගමනක් විය. උපස්තිථිවාදී බලපෑම් ඔහුගේ කෘති කෙරෙහි බොහෝවිට සාකච්ඡා කෙරේ. ක්‍රමානුකූලව තීන්ත ආලේප කිරීමේ ක්‍රමවේදය භාවිතා කරමින් මෙන්ම විවිධ තාක්ෂණික ක්‍රම භාවිතා කරයි. මුහුණ නිර්මාණය කෙස් සඳහා ප්‍රබල ලෙස අවකාශ වෙන් කරන අතර හිසකෙස් මුහුණෙහි හැඟීම් ප්‍රකාශනය පිළිබඳව උපකාර වේ. සාධනීය ලක්ෂණ ව්‍යුහගත කරමින් වර්ණ හා අවකාශය භාවිතය පමණක් නොව සංරචනයට එහා ගිය කාරණා මෙහි දී බලපවත්වයි. වැංගෝට දැඩි ලෙස මානසිකව පීඩා විඳීමට සිදු විය. ඔහුගේ මානසික ව්‍යාකූල තත්ත්වය නිසා ඔහුගේ  අඳුරු අවපාත හා අවසානයේ දී මරණයට වගකිව යුතු වුවත් වර්ණයෙන් ඇති වන චිත්තවේගික බලපෑම හා එහි ඉහළම අන්තරාලය භාවිතා කරන අන්දම පිළිබඳව අද්විතීය අවබෝධයක් සහිතව ඔහු ආශ්වාදජනක ලෙස නිර්මාණ කාර්යෙහි නියුක්ත විය. ස්ව ආලේඛ්‍ය සිතුවම් ගණනාවක් නිර්මාණය කරමින් ආත්ම චාරිකාවක නියැලීම හා ගවේෂණය කිරීම පිළිබඳව දෘශ්‍ය සාධක මේ යැයි ඉදිරිපත් කළ හැකිය. ඔහුගේ සිතුවම් දෙස බලන විට මෙම ගුණාංගය නිරතුරුව හඳුනාගෙන ඇති අතර, ඔහු විසින් නිර්මාණය කරන ලද සිතුවම් සඳහා ඔහුට කලා ඉතිහාසයක් නිර්මාණය වී ඇත. එම කලා ඉතිහාසයේ ජනප්‍රිය කලාශිල්පීන් අතරින් වින්සන්ට් වැංගෝ බවට පත් වී ඇත්තේ මොහුයි. සමස්තයක් ලෙස ගත් කල වින්සන්ට් වැංගෝ ගේ ස්ව ආලේඛ්‍ය සහ පසුකාලීන කෘති වල නිරූපණයත් ඔහුමයි. ඒ පින්සල් පහරවල් සහ සියලුම දේවල් වල මතුපිට ස්වභාවය ගැන ඔහුගේ ඇතුළත ස්වභාවය එළියට පොළා පැනීමකි. සමස්තයක් ලෙස අරමුණක් නැති චංචල සිතුවිලි වල වලප්නාව, ඔහුගේ ලෙලදෙන, සෙලවෙන, ඇඹරෙන, දඟලන, නලියන සහ දිගට දිවෙන පින්සල් පහරවල් සහ වර්ණ පදාසයන් ගෙනහැර දක්වන්නේ ඔහුගේ ලෝකයේ මානසික කාන්සාවයි. 



කලාකරුවකු ලෙස අප නඩත්තු කරන සාරය කුමක්ද?



තවදුරටත් චිත‍්‍ර හා මූර්ති ලෙස ඒකීය අදහසක් ලෙස පරිපූර්ණ වී තිබූ අදහස දෘශ්‍ය කලාව ලෙස පුළුල් වීමේදී චිත‍්‍ර ඇඳීම වෙනුවට චිත‍්‍ර හැදීම දක්වා ගමන් කර ඇත. මා විශ්වාස කරනුයේ එය ප‍්‍රකාශනයේ නිදහස වෙනුවෙන් දියුණු අවස්ථාවක් ලෙසය. තවදුරටත් ශිල්පියෙකුට තමන්ගේ ප‍්‍රකාශනයට චිත‍්‍ර කලාවේ මූලික ව්‍යාකරණ වන වර්ණ, රේඛා, හැඩතල සහ අවකාශය පමණක් භාවිත කළ යුතුයැයි නීතියක් පනවා ගත යුතු නැත. මන්ද මේ වන විට කලාවේ සීමාවන් පුළුල් වී ඇති හෙයිනි. මෙසේ ඓතිහාසිකව සමාජ දේශපාලනික කාරණාවන්ගේ ඇත්ත තත්ත්වයන් සමස්ත සමාජයේ සාරයන් සමග ගැටගැසුණු තත්ත්වයක් තුළ ඒවා වස්තු විෂයන් කොට නිර්මාණකරණයට යොමු වීම හා ගොඩනගන දෙයත් ගොඩනගන්නා අතරත් වෙන් කළ නොහැකි දේශපාලනික සම්බන්ධයක් අද දවසේ අපට සොයා ගත හැකිද? අඩුම තරමින් තමන්ගේ කෘතිය තුළ දේශපාලනික වන කාරණාව පසුවට තැබුවත්, තමන්ගේ ප‍්‍රකාශනයේ තාක්ෂණික කාරණාටික වත් සාක්ෂාත් කර ගන්නවාද? නැතහොත් කලාවේ භාෂාවට අපි කොතෙක් දුරට ඇතුල් වී සිටිනවාද? සහ තමාගේ කෘතියට කොතෙක් දුරට වගකියනවාද? ඒ වෙනුවෙන් පෙනී සිටිනවාද? නැත්නම් කලාවේ කතිකාවට අප තිබෙන සම්බන්ධය කුමක් කියා තේරුම් ගනිමින් ඉන්නවාද? මේවා මග හරිමින් අප කලාව යැයි කියමින් කරමින් ඉන්නේ මොනවාද?

ඝන වූ සියලූ දේවල් වාෂ්ප කිරීම ප‍්‍රාග්ධනයේ තර්කනයයි. එවිට ප‍්‍රාග්ධනයට අවශ්‍ය තැනට ගලාගෙන යන්නට පුළුවන. සහ එය වෙනස් කරන්නට පුළුවන. ඒ අර්ථයෙන් ගතහොත් අපේ ඇත්තම ඇත්ත සම්බන්ධතා අතරට ප‍්‍රාග්ධනය එහෙමත් නැත්නම් වෙළෙඳපොළ පොලා පැන අවසානය. කලාකාරයෙකු ලෙස ඔහු මේ දක්වා නඩත්තු කළ සාරය අද අහිමි කරගෙන තිබේ. තවදුරටත් කන බොන, රමණය කරන, ඇවිදින කවන්ධ බවට පත් වූ මිනිසුන් සමග අපට තව දුරටත් තිබෙන සම්බන්ධය කුමක්ද? මේ මොහොත වන විට අපි ප‍්‍රාග්ධනය රජයන, ආදරය ඩිජිටල් වන යුගයකට එළැඹ සිටිමු. ඩමි මනුෂත්වයෙන් පිරි සමාජය හෘදය සාක්ෂිය ගණිකා වෘත්තියේ යොදවමින් සිටී. ආදරය වෙනුවට එකිනෙකාගෙන් බලාපොරොත්තු වන්නේ ලාභයයි. අනාගතය අනාගතයට අයිති දෙයක් නොව වර්තමානයට අයිති දෙයක් බවට පත් වී ඇත. අප පශ්චාත් (මනස අහිමි* මිනිසුන් වී ඇත. ළඟම කෙනා පාවාදෙන්නෙකු බවට පත් වී ඇත. නරුමවාදය සොබාවික වී ඇති අතර දේශපාලනය අදේශපාලනය වී ඇත. කලාව (කලාව නොවන) දෙයක් බවට පත් වී ඇත. හොඳ මිනිසුන් වෙනුවට ලොකු මිනිසුන් බිහි වී ඇත. අනන්‍යතාව භාණ්ඩවලට මාරු වී ඇත. භාණ්ඩ අනන්‍යතාව බවට පත් වී ඇත. අනන්‍යතාව අර්බුදයක් බවට පත් වී ඇත. අර්බුදය විලාසිතාවක් බවට පත් වී ඇත. සමාජය ලූම්පන් වී ඇත. මෙවැනි සමාජ අවකාශයක කෘතිය සහ කෘතිය ගොඩනගන්නා අතර ඇතිවන සම්බන්ධයේ දේශපාලනික හැසිරීම කුමක් විය හැකිද? නිම නොවන වර්තමානයක වෙළෙඳපොළ මගින් සාදා දෙන ලද ආශාවක පදිංචි වීමට ඇබ්බැහි වී ඇති මිනිසුන්ට තවදුරටත් කලාව යනු ආත්ම ගවේෂණය කරන ඉසව්වක්ද? එහෙමත් නැත්නම් දේශපාලනික භාවිතයක යෙදීමට තිබෙන වැඩබිමක්ද?

Texts

ආතති මුක්තය